IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


උඩින් උතුරට ගිය හේතුව රවී හෙලි කරයි

(අංජුල මහික වීරරත්න)

තමා උතුරට හෙලිකොප්ටරයෙන් ගියේ රටට ඩොලර් හොයන ව්‍යාපෘතියක් වෙනුවෙන් යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.

උතුරු කොළඹ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීන් හාරදහසක් සඳහා  සතොස වවුචර් ප්‍රදානය ප්‍රදානය කිරීමේ රැස්වීමකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කරුණානායක මහතා මේ බව කීය.

හෙලිකොප්ටරයකින් උතුරට ගියේ කුමකටදැයි එහිදී මාධ්‍යවේදීන් ඇසූ විට කරුණානායක මහතා පැවසූයේ "ඇයි මට යන්න බැරිද? මම ආණ්ඩුවේ නැහැනේ.ඉතින් මට ඕනේ එකක් කරන්න පුළුවන්නේ.මම ආයෝජකයන් සමග ගිහින් රටට ඩොලර් එකතු කරන්න හදන විටත් එ් දෙසත් කුහකකමින් බලනවා.මාධ්‍යත් මේවා දැනගත යුතුයි"යනුවෙනි.

ආණ්ඩුවේ තනතුරක් බාර ගන්නවා දැයි මාධ්‍යවේදීන්  ඇසූ පැනයට පිළිතුරු දෙමින් රවී කරුණානායක මහතා පැවසූයේ අවශ්‍යවන්නේ තනතුරු නොව ජනතාවට උදව් කිරීම බවයි.



අදහස් (18)

උඩින් උතුරට ගිය හේතුව රවී හෙලි කරයි

kapila Saturday, 06 August 2022 04:50 PM

ඔය එන්නේ පරණ හොරු සෙට් එක එළියට...!

:       10       169

Bamunuarachchi Saturday, 06 August 2022 06:12 PM

උඩින් උඩින් වර පෙත්තප්පු බිමින් යන්න බැරි පෙත්තප්පු. ඩොලර් හොයන් වර පෙත්තප්පු බොල පෙත්තප්පු බොල පෙත්තප්පු. හැරෙන කොට බයයි මොන පොල් පැලේටද කියලා.

:       11       83

ddd Saturday, 06 August 2022 06:52 PM

මහබැංකුව ගිල්ල කෙනා තව මොනවා ගිලගන්නද හදන්නේ දන්නේ නැහැ...

:       0       3

ලක්සිරි පැරිසියේ Saturday, 06 August 2022 07:19 PM

දන්නවා බිමෙන් ගියොත් කරදර වෙන්න පුලුවන් කියල.

:       6       92

ගමේ එකාලා Saturday, 06 August 2022 10:15 PM

මහ බැංකු බැඳුම්කරවලින් හොයාගත්තුවා වියදම් කරන්න හිතාගෙන උඩින් යන්න ඇත්තේ...!

:       0       3

Dona Saturday, 06 August 2022 11:05 PM

හැමෝම එන්නේ මිනිස්සු න්ට උදව් කරන්න කියලා තමයි. නමුත් ඒ උදව් කරගන්නේ එයාලටම තමා.

:       2       57

ruwan Saturday, 06 August 2022 11:09 PM

මෙයා හොරෙක්........

:       0       4

Asela Saturday, 06 August 2022 11:59 PM

ඔයාලට ඕන සෙල්ලමක් දාන්න පුළුවන්... හැබැයි ඉස්සර වගේ ඔට්ටු සෙල්ලම් කරන්න හිතන්නවත් එපා. අපි දන්නවා ඔයාලා අපිට හරිම ආදරෙයි කියලා. වැඩක් බලාගෙන ඉන්න හලෝ...!

:       0       3

හීන්බණ්ඩා Sunday, 07 August 2022 01:13 AM

ටික ටික කට්ටිය එලියට බහිනවා. අර 9වෙනිදා එහෙම කොහේද මේ මහත්තය හැංගිලා හිටියේ දැන්නේ නෑ. ඩොලර් හොයන්න ගියාලු. හාහා කාටද එයාට වෙන්න ඇති. ඔබතුමාත් මේ රටේ මුදල් ඇමැතිවෙලා හිටියා මතකද. දැන් ඒ කාලේ කව්රු කව්රුත් කරපු දේවල් නිසා තමයි මේ රටේ අසරණ මිනිස්සු විඳවන්නේ.

:       0       27

Prabha Sunday, 07 August 2022 03:20 AM

මෙච්චර ආදරයක්. ඔහොම යමු.

:       0       1

Perera Sunday, 07 August 2022 05:06 AM

කොමිස් එක කීයද?

:       0       3

Sunil Sunday, 07 August 2022 05:39 AM

තවත් බැංකු කොල්ලෙකටද?

:       0       0

විජේ Sunday, 07 August 2022 06:01 AM

කුණුහරප විතරමයි මගෙ ඔලුවට එන්නේ..!

:       0       1

Perera Sunday, 07 August 2022 09:12 AM

රනිල්ට තියෙන ආදරේද. කොමිස් එකට තියෙන ආදරේටද?

:       0       7

podi mole Sunday, 07 August 2022 09:45 AM

මොන කොනින් හිනාවෙනද කියලා හිතා ගන්න බැරුව මම ඉන්නේ.

:       1       17

රවියා Sunday, 07 August 2022 10:48 AM

අන්න මගේ ඩොලර් නැව එනවා...

:       0       3

kamal Sunday, 07 August 2022 12:39 PM

10% ද 20% ?

:       0       4

Appuhami Sunday, 07 August 2022 01:21 PM

උතුරේ ඉඩම් ටිකට හරි වගේ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site