( ෂේන් සෙනෙවිරත්න)

උඩදුම්බර ප්‍රදේශයේ ඇතිවූ භූකම්පනයත් සමඟ එම ප්‍රදේශයේ දේවහන්දිය සහ බඹරබැද්ද ගම්මාන පදිංචි පවුල් 128කට අයත් පුද්ගලයන් 520 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි හුන්නස්ගිරිය සති පොල ගොඩනැගිල්ලට සහ ජේතවනාරාම විහාරස්ථානයට යොමු කළ බව පොලිසියකියයි.

හුන්නස්ගිරිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට ඊයේ (08) දවස 5.05 ට පමණ මැග්නිටියුඩ් 2.02 ක පමණ සුළු භූ කම්පනයක් සිදුව තිබූ අතර ඉන් එහි බෑවුම් ප්‍රදේශවලට කිසියම් බලපෑමක් ඇති වුවහොත් ඉදිරියේදී ඇතිවනු ඇතැයි බලාපොරොත්තුවන විශාල වර්ෂා තත්ත්වයකදී සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා ආරක්ෂක අංශ සහ අපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම පියවර ගෙන තිබේ.

කෙසේ නමුත් මෙම සුළු භූ කම්පන තත්ත්වය එතරම් ගණන් නොගත යුතු බව භූ විද්‍යා සහ පතල් කාර්යාංශය මීට පෙර ප්‍රකාශ කොට තිබුණි.