අහසට වෙඩි තැබීයැයි සැකපිට හඟුරන්කෙත රංජිත් දිසානායක හා තවත් දෙදෙනෙක් වලපනේ අධිකරණයේදී අද (23) ඇප මත මුදාහරිනු ලැබූහ.
අසල්වාසීන්ගේ පැමිණිල්ලක් අනුව පොලිසිය ඔවුන් අත් අඩංගුවට ගෙන ඇත. එක් අයකුට රුපියල් දස දහස බැගින්වූ මුදල් ඇපයක්ද රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපද නියම විය.
එම තුවක්කුවට රංජිත් දිසානායකට බලපත්‍රයක් ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.
ජූනි 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නැහැ මහත්තයෝ , අපි වෙඩි තිබ්බේ අයියා ඇමති වුණ සන්තෝසෙට කියයි ! (අ)
දැන් උඩට තියන වෙඩිල්ල කවදාහරි කාගෙහරි පපුවකට පත්තු කරන්න වැඩිකාලයක් යන්නේ නැහැ.මොකද බලපතක් තියෙන තුවක්කුවක්නේ පරිහරණය කරන්නේ. (අ)
ඉස්සර නම් කියාවි සතුරු යානාවක් කියා (නදී)