මහින්ද රාජපක්ෂ මහතාගේ ජනපති අපේක්ෂකත්වයට සහාය දැක්වීම සඳහා උඩුගම පොදු ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයකදී නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ගායක දීපාල් සිල්වාගේ ‘ඒ රටේ මිනිස්සු තනිකර කෙළින්නේ පිස්සු‘ යන ජනප්‍රිය ගීතය ගායනා කිරීමට දීපාල් සිල්වා සමඟ එක් විය.
මුතුහෙට්ටිගම මහතා එහිදී ගීත හයක් ගායනා කිරීමට ගායකයින් සමඟ එක් විය.
‘මා ආදරණීය මගේ අම්මා වෙතටයි‘ ගීතය ඔහු තනිවම ගායනා කළේය.මුතුහෙට්ටිගම මහතා වේදිකාවට ගොඩ වුයේ මැදියම් රැය ආසන්නයේදීය.
‘ඔළුව තදින් නරක් වෙච්ච
මිනිසුන් පිරිසක් හැදිච්ච
අරුම පුදුම රටක් තියෙනවා ඕයි
මහ මුහුදින් වට කෙරිච්ච
අඹ ගෙඩියක හැඩය ගත්ත
ඒකට මරු නමක් කියනවා ඕයි
ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු
එකෙක් නඟිනකොට ඉහළට
ඇහේ කටු ඇනෙයි අනිකට
අදියි බිමට හෙළයි පහළට ඕයි
පිස්සෝ සුදුස්සෝ යට කොට
පුස්සෝ වැඩ දෙනවා යමරෙට
සෙතක් වෙයිද එහෙම රටකට ඕයි
බඩට නැති වුණත් ලුණු කැට
ඇගට ඕනෑමයි විල්ලුද
ඒකයි ඉහළම සන්තෝසේ ඕයි
නැති බැරි අඟ හිඟ කම් මැද
බිය සැක මැද දුක් විඳ විඳ
ඒකයි ලෝකෙට පරකාසේ ඕයි‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජයබාහු ඇතුලේ ඉදන් ගේම් දෙන අයත් ඉන්න ඕනේ. එතකොට තමයි නැගලා යන්නේ. (නදී)
ඔය ගීතයේ අර්ථය සමාන වන්නේ දැනට සිටින රජයටය. ගීතය ගායනා කරනට සහාය වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුලු , ඔවුන්ට ගීතයේ අර්ථය තේරුම් ගන්නට බැරුවා වාගේ (නදී)
අනේ සල්ගාදු ගීතයක අර්ථය තබා කිසිම දේක අර්ථයක් තේරෙනවද මොලේ නිශ්චිත තැන නොතිබුනහම. (නදී)
මේ ගීතය ගයන්ඩ එපා කියල ජනාදිපති ඉස්සර කියලා තිබුන නේද? දැන් එ්කම වේදිකාවේ කියන්ඩ වෙලා. ලැජ්ජාවක් නැද්ද? (නදී)
දීපාල් මේක කිව්වේ මුත්හෙට්ටිලට උපහාසෙට. මුතුහෙට්ටි මේක කියන්නේ තමන්ගේ චරිතාපදාන ගීතය වගේ (නදී)
තමන් ගැනම සින්දුවක් තමන්ම කියාගන්න එක එච්චර හරි මදි නේද? (නදී)
තමන්ටම ගැලපෙන සින්දුවක් හොයා ගෙන තියෙන්නේ (නදී)
ඔළුව නම් තදින්ම නරක් වෙලා තමයි (නදී)
මෙතුමා ඇතුලු මුලු නඩයම කෙලින්නෙ නම් පිස්සු තමයි. ඒ අයට ඒක වැටහෙන්නෙ නැති එක තමයි පුදුමෙ. අපෙත් කරුමෙ. (නදී)
මගේ දැනීමේ හැටියට මේ ගීතය ජනපතිතුමා විසින් ගායනා කිරීම 2009 දී තහනම් කලා. එතුමාගේම වේදිකාවේ මෙය ගයනා කිරීම සදාචාරාත්මක නැහැ නේද. (නදී)
පෙත්තප්පු අන්න මුතු හෙට්ටි එලියට ඇවිල්ල (නදී)
සින්දු කියාගෙනම ගෙදර යන්න ලෑස්ති වෙන්න (නදී)
මෙයාට ඡන්දෙ දුන්න මිනිස්සු පිහියක් අරගෙන ඇනගන්න (නදී)
මන් කිව්වේ මෙයා ඇතුලේ ඉඳන් ගේම දෙන කෙනෙක් කියලා (නදී)
ගියපාර උඩින් දින්නේ මං,මේ පාර ඇපත් නැහැනේ බන්... (නි)
මෙයාට සින්දු කියන්නත් පුලුවන්නේ.(හේ)
ෂා නියම ගායකයෙක්නේ! (නි)