IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උගත මනා ශිල්පයට වැඩ නෑ

ශ්‍රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළද මූලික තාක්ෂණ සේවයේ ස්ථිර තනතුරු ලැබී නැතැයි එහි සේවකයෝ දෙසීයයක් පමණ මරදාන, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.

පැයක පමණ උද්ඝෝෂණයකින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සමග ශ්‍රී ලංකා ජර්මාන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ සහතික පත්‍ර ලාභී සිසු එකමුතුවේ නියෝජිත ඇනස්ලි බර්නාඩ් ජෑන්ස් සහ ලහිරු ධනංජය මහත්වරු  සාකච්ඡාවක නිරත වූහ. එහිදී මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට දැනුම්දී ඇති බවත් සති දෙකක් ඇතුළත කඩිනම් විසඳුමක් ලබා දෙන බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව දන්වා ඇතැයිද අදාළ අතිරේක ලේකම්වරයා තමන් සමග පැවසූ බවත් එම නියෝජිතයෝ පැවසූහ.

FB_IMG_1428000792763_1 FB_IMG_1428000800398 FB_IMG_1428000807703 FB_IMG_1428000817325



අදහස් (0)

උගත මනා ශිල්පයට වැඩ නෑ

භානු Sunday, 05 April 2015 07:12 AM

තනතුර ස්ථිර කරගන්න නම් ඉස්සෙල්ලා වැඩ පෙන්වන්න. මේගොල්ලන්ව දමන්න ඕන පුද්ගලික අංශයේ රැකියාවකට. රජයේ රැකියාවක් ලැබුන ගමන් මහන්සි වෙලා ආයතනයට පලදායි විදියට රාජකාරිය කරනවා වෙනුවට අයිතිවාසිකම් ගැන තමයි ඉස්සෙල්ලාම හිතන්නේ. පිටරටවල වගේ කොන්ත්‍රාත් ක්‍රමයට ගත්තා නම් යසට වැඩ කරාවි. (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 05 April 2015 07:14 AM

දෙනව නම් මේවානේ දිය යුතු රැකියා අවස්ථා. ක්ෂේත්‍රය පිළිබද දැනුම ඇති අයනේ මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ. (නදී)

:       0       0

දුල්මි Sunday, 05 April 2015 07:29 AM

අපිත් රැකියාවේ අවරුදු දෙකක් කැෂුවල් වැඩ කරලා මහන්සි වෙලා වැඩ කරලා තමයි ආයතනයේ ස්ථිර වුනේ. කිව්වත් වගේ ආණ්ඩුවේ රැකියාව ලැබුන ගමන් මහ ඒජන්තකම තමයි බලාපොරොත්තු වෙන්නේ. තමන්ගෙන් වෙන්න ඕන සේවය ගැන වගතුවක් නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ පාර්භෝගික සේවාවේ සහ නඩත්තු අංශයේ කොච්චර ප්‍රශ්න තිබෙනවද ? (නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 05 April 2015 07:59 AM

අන්න එක තමයි වරද අපේ අයගේ. මුලික අයිතිවාසිකම ලැබුන ගමන් ඊට පස්සේ දගලන්නේ අනෙක් අයිතිවාසිකම කොහොමද ලබාගන්නේ කියලයි. වැඩ කරනවට වැඩිය බෝඩ් එල්ලගෙන තමයි වැඩිහරියක් කාලය කා දමන්නේ. (ර)

:       0       0

උදිත් Sunday, 05 April 2015 12:16 PM

ඔයාල කව්රුත් එතන කතාව දන්නේ නැතුව ඇති. දුම්රිය ටෙක් එක හැදුවේ පුහුණු වෙන කට්ටිය දුම්රියටම ගන්නයි. ඔය සේවකයන් පුහුණු සේවකයන්. (ර)

:       0       0

උදිත් Sunday, 05 April 2015 01:04 PM

සුදුසුකම් අඩු අයට කලින් අවස්ථාව දෙන්න ඕනෑ සුදුසුකම් තිබෙන අයට නේද?

:       0       0

රුවන් Sunday, 05 April 2015 04:35 PM

පසුගිය කාලයේ දේශපාලන ගෝලබාලයෝ ටික දුම්රියට දැම්මා. මහන්සියෙන් අවුරුදු 4ක පාඨමාලාවක් හදාරා දැනුම තිබෙන මිනිස්සු ටික අඩු පඩියට සුළු සේවකින් විදියට වැඩ කරනවා (නි)

:       0       0

රුවන් Sunday, 05 April 2015 04:41 PM

මේකේ අදහස් දැක්කහම දුකයි. මම උදාහරණයක් කියන්නම්. විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්නේ නැතුව ගොඩ වෙදෙක් ළඟට ගිහින් තුවාලය වනවුණා වගේ වැඩක් තමයි දැන් දුම්රියට වෙලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site