ශ්රී ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ පූර්ණ කාලීන පාඨමාලාවන් හදාරා දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කළද මූලික තාක්ෂණ සේවයේ ස්ථිර තනතුරු ලැබී නැතැයි එහි සේවකයෝ දෙසීයයක් පමණ මරදාන, අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යංශය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
පැයක පමණ උද්ඝෝෂණයකින් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු සමග ශ්‍රී ලංකා ජර්මාන් දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයේ සහතික පත්‍ර ලාභී සිසු එකමුතුවේ නියෝජිත ඇනස්ලි බර්නාඩ් ජෑන්ස් සහ ලහිරු ධනංජය මහත්වරු සාකච්ඡාවක නිරත වූහ. එහිදී මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට දැනුම්දී ඇති බවත් සති දෙකක් ඇතුළත කඩිනම් විසඳුමක් ලබා දෙන බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව දන්වා ඇතැයිද අදාළ අතිරේක ලේකම්වරයා තමන් සමග පැවසූ බවත් එම නියෝජිතයෝ පැවසූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනතුර ස්ථිර කරගන්න නම් ඉස්සෙල්ලා වැඩ පෙන්වන්න. මේගොල්ලන්ව දමන්න ඕන පුද්ගලික අංශයේ රැකියාවකට. රජයේ රැකියාවක් ලැබුන ගමන් මහන්සි වෙලා ආයතනයට පලදායි විදියට රාජකාරිය කරනවා වෙනුවට අයිතිවාසිකම් ගැන තමයි ඉස්සෙල්ලාම හිතන්නේ. පිටරටවල වගේ කොන්ත්‍රාත් ක්‍රමයට ගත්තා නම් යසට වැඩ කරාවි. (නදී)
දෙනව නම් මේවානේ දිය යුතු රැකියා අවස්ථා. ක්ෂේත්‍රය පිළිබද දැනුම ඇති අයනේ මේ අයිතිවාසිකම් ඉල්ලන්නේ. (නදී)
අපිත් රැකියාවේ අවරුදු දෙකක් කැෂුවල් වැඩ කරලා මහන්සි වෙලා වැඩ කරලා තමයි ආයතනයේ ස්ථිර වුනේ. කිව්වත් වගේ ආණ්ඩුවේ රැකියාව ලැබුන ගමන් මහ ඒජන්තකම තමයි බලාපොරොත්තු වෙන්නේ. තමන්ගෙන් වෙන්න ඕන සේවය ගැන වගතුවක් නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ පාර්භෝගික සේවාවේ සහ නඩත්තු අංශයේ කොච්චර ප්‍රශ්න තිබෙනවද ? (නදී)
අන්න එක තමයි වරද අපේ අයගේ. මුලික අයිතිවාසිකම ලැබුන ගමන් ඊට පස්සේ දගලන්නේ අනෙක් අයිතිවාසිකම කොහොමද ලබාගන්නේ කියලයි. වැඩ කරනවට වැඩිය බෝඩ් එල්ලගෙන තමයි වැඩිහරියක් කාලය කා දමන්නේ. (ර)
ඔයාල කව්රුත් එතන කතාව දන්නේ නැතුව ඇති. දුම්රිය ටෙක් එක හැදුවේ පුහුණු වෙන කට්ටිය දුම්රියටම ගන්නයි. ඔය සේවකයන් පුහුණු සේවකයන්. (ර)
සුදුසුකම් අඩු අයට කලින් අවස්ථාව දෙන්න ඕනෑ සුදුසුකම් තිබෙන අයට නේද?
පසුගිය කාලයේ දේශපාලන ගෝලබාලයෝ ටික දුම්රියට දැම්මා. මහන්සියෙන් අවුරුදු 4ක පාඨමාලාවක් හදාරා දැනුම තිබෙන මිනිස්සු ටික අඩු පඩියට සුළු සේවකින් විදියට වැඩ කරනවා (නි)
මේකේ අදහස් දැක්කහම දුකයි. මම උදාහරණයක් කියන්නම්. විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් බෙහෙත් ගන්නේ නැතුව ගොඩ වෙදෙක් ළඟට ගිහින් තුවාලය වනවුණා වගේ වැඩක් තමයි දැන් දුම්රියට වෙලා තියෙන්නේ (නි)