මීළඟ පොලිස්පති කවුදැයි තමන් දන්නා බවත් නමුත් එය නොකියන බව මහාචාර්ය කමල් වලේබඩ මහතා අද (30) අපරාධ වාර්තා කොට්ඨාස ශ්‍රවණාගාරයේ දී පැවසුවේය.
පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා අදහස් දක්වමින් පොලිස් නිලධාරියෙකුගේ කාර්ය භාරය කෙසේ විය යුතු ද හා තනතුරු පසුපස හඹා නොයා තනතුරු තමා ළඟට එන තෙක් සිටින ලෙසත් පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මගින් සම්පාදිත ‘දේශ’ සඟරාවේ 2016 මුල් කලාපය එළි දැක්වීමේ උත්සවය අමතමින් මෙම අදහස් දැකිවීම සිදු විය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"ඊළඟ පොලිස්පති කවුද කියල මං දන්නවා, ඒත් කියන්නේ නෑ"
රොහාන් Thursday, 31 March 2016 07:05 AM
කිව්වේ නැති වුනාට අපි දන්නවා (හේ)
සුමිත්‍රා බස්නායක Wednesday, 30 March 2016 04:31 PM
ඔබ දෙපලම අපේ ගම් පළාතේ,යහපත්,දෙමව්පියන්ගේ දරුවෝ.මේ විදියට දකින්න ලැබීමත් සතුටක්.ඔබ දෙදෙනාටම නිරෝගී සුවය....අත්වේවා. (බ)
සුනිල් Wednesday, 30 March 2016 05:31 PM
"තනතුරු පසුපස හඹා නොයා තනතුරු තමා ලඟට එන තෙක් සිටින ලෙසත් ...." ඒ ටික ඉතින් මොනවට කියනවද.? (ර)
ප්‍රසන්න Wednesday, 30 March 2016 09:51 PM
කවුරු පත් වුනත් එයාට ආණ්ඩුවට කත් අදින්න වෙනවා.(හේ)
ප්‍රසන්න ගිනිගේ Wednesday, 30 March 2016 09:51 PM
කවුරු පත් වුනත් එයාට ආණ්ඩුවට කත් අදින්න වෙනවා.(හේ)
බුද්ධීක Wednesday, 30 March 2016 11:18 PM
ඉතින් කවුද ඇහුවේ? අපට කවුරු ආවම මොකෝ? (හේ)
ලීසා Thursday, 31 March 2016 09:44 AM
මාත් දන්නවා. කියන්නේ නැහැ! (බ)
අමල් Wednesday, 30 March 2016 11:56 PM
අයියෝ! මමත් දන්නවා බොහෝ කලක් සිට, හැබැයි අහන්නම එපා ... අලුත් පොලිස්පති පත්කරලා විනාඩියකට පස්සේ තමයි මම ඕක කියන්නේ..... (ර)
සලිම් Thursday, 31 March 2016 01:39 AM
ඊලග පොලිස්පතිවරයා දැනට ඉන්න උසස්ම නියෝජ්‍ය පොලිස්පතිවරයා පත් කරන්න (ම)
ලලිත් Thursday, 31 March 2016 02:26 AM
මහාචාර්ය තුමත් අර සුමනදාස වගේ නේ? දන්නවා කියන්නේ නැහැ? (බ)
පාලිත Thursday, 31 March 2016 02:50 AM
කමල් මහතා ගැන නිවුස් එකක් දැක්කේ කාලේකින් ඉතාමත් සතුටුියි. අපිටනම් කමල් අයියා. එදා වගේම තමයි අදත් සර්වෝදය ඉන්න කාලේ අපිට නියමුවෙක් වුනා. ගාල්ලේදි එකට වැඩ කළා. අක්කත් එක්ක සෙත්සිරිපායෙදි වැඩ කළා. ඉතා විශිෂ්ට කවි කාරියක් විස්තර දැන ගන්න ආසයි (බ)
පීරිස් Thursday, 31 March 2016 03:01 AM
කියන්න එපා, අපි ඕකට සමස්ත ලංකා තරගයක් පවත්වමු තෑග්ගට නවීන පන්නයේ කාර් එකක් තෑගී කරමු. (බ)
මුණසිංහ Thursday, 31 March 2016 03:23 AM
ෂුවර් එකටම උඩින් පනින කෙනෙක් වෙන්න ඇති. (බ)
නන්ද Thursday, 31 March 2016 03:26 AM
අනේ කියන්න එපා...එයාව පත් කළාම අපිට දැන ගන්න පුළුවනි...(බ)
රුචිර ලක්මාල් Thursday, 31 March 2016 03:26 AM
කවුද ඒ (බ)
පිටිගල Thursday, 31 March 2016 03:44 AM
අනේ මහාචාර්ය තුමෝ අපිට නම් දැන ගන්න ඕනෙත් නැහැ. කව්රු ආවත් ආවෝ ! ගියෝ !! තමයි. දැන් කීදෙනෙක් ආවද? ගියාද? අපේ පොලිසිය ඉතින් තවමත් එතනම නේ? හැමදාම හිටි තැනින් පහලට ගියා මිසක පොලිසියට වත් රටට වත් වැඩක් වුණාද? අපි නම් දන්නෙත් නැහැ අපට කිසි දෙයක් පෙනිලත් නැහැ. දැනිලත් නැහැ. (බ)
දුමින්ද Thursday, 31 March 2016 04:42 AM
හිසරදයට තවත් කොට්ට මාරුකිරීමක් (බ)
මනෝජ් Thursday, 31 March 2016 04:51 AM
දියුණු රටවල පොලිසිය මහජනතාවට. ලංකාවේ ...? (ර)
ඇසළ Thursday, 31 March 2016 05:16 AM
සංගීත පුටු තරගයක් තියමු එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. කවුරු අාවත් ගියත් එකම සින්දුව තමයි ඇහෙන්නේ.(බ)
බෙන්තර මහේෂ් Thursday, 31 March 2016 05:38 AM
ඒ වුනාට ඔබතුමා සීගිරි කාශ්‍යපගේ කතාව දන්නේ නෑනේ (බ)
රොහාන් Friday, 01 April 2016 08:15 AM
නයනා... ඔබ හරි එයා තමයි නියම සුදුස්සා යසපාලනය මොනවා කරයිද කියල අපි බලමු, ඉදිරියේ තව ඡන්ද තියෙනවනේ එදාටත් බලමු ...(බ)
දීපාල් නිරෝෂ් Thursday, 31 March 2016 05:59 AM
මොන පොලිස්පති පත්වුනත් පොලිසිය පොලිසියමයි, ඒකෙ වෙනසක් කරන්න නම් බැහැ. අපට ගැටලුව මහජන මුදල් කාබාසිනියා කරන බොරු කොමිෂන් සභා මොකටද කියන එකයි? දැන් මැතිවරණ පවත්වන දින තීරණය කරන්නේ කොමිෂන් සභාවද? (බ)
නයන Thursday, 31 March 2016 06:21 AM
නියෝජ්‍ය පොලිස්පති පුජිත් ජයසුන්දර මීලග පොලිස්පති වීමට ඉතාම සුදුසු බව මගේ විශ්වාසයයි. නමුත් ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලනීකරණය වී ඇති නිසා ඔහුට කෙලින් රාජකාරී කිරීමටත් නොහැකි බව මෙහිලා සදහන් කරනු කැමතියි.(බ)