ඩයනා උදයංගනී
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් 18 දෙනෙකු ඉවත්වන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අය ද එක්කරගෙන පක්ෂයේ මන්ත්‍රීවරුන් 95 දෙනා ලෙස ඒකරාශීවීම සඳහා විය හැකි බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
ජනාධිපතිවරයා සමඟ සිටින කණ්ඩායමේ කිසිවෙකුත් ඔහු අපහසුතාවට පත්වන අයුරින් කටයුතු නොකරන බව කී ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපතිවරයා වැනි ප්රජාතන්ත්රවාදී හා නිදහසේ කටයුතු කිරීමට අවස්ථාව දෙන නායකයෙකු ඔවුන්ට යළිත් හමු නොවන බව ද ප්‍රකාශ කළේය.
එබැවින් ඉදිරි ජනාධිපතිවරණයේදීත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ද හෙතෙම කීවේය.
ඇමතිකම් දෙන්නේ නම් ආණ්ඩුවට එක්වීමට කැමති හත් අට දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයේ සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ ශ්‍රාවස්ති මන්දිරයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම දෙයක් දීලා ඇත්ද කියලා දැන් අපිට තේරෙනවා. මෙතුමා මේ තරම් රස විඳිනකොට. පුංචි ඡන්දය තියලා බලන්නකෝ ඇපයත් රාජසන්තක වෙන හැටි.... බලන්න.
ඔව් ඉතින් වෙන කෙනෙක් දාලා බැහැනේ. අවබෝධතා ගිවිසුමට කැමති කෙනෙක් වෙන්නත් ඕනෑනේ? නැතිනම් තව අවුරුදු විස්සක් අනික් පැත්තේ වැඩිවෙලා ඉන්නනේ වෙන්නේ. එතෙක් කාලයක් පණපිටින් ඉන්න පුළුවන් වෙයිද?
කිව්වේ නම් එකපාරයි කියලනේ....
සොභිත හාමුදුරුවෝ ඉන්නයි තිබුනේ...
ඇප මුදල් අමතක කරන්න
ඉසුර පහුගිය කාලේ හිටියේ කොහේද? හැංගිලනේද හිටියේ... ඊළඟ ඡන්දෙදි නම් එන පාටක් නැහැ.
කීවේ ආයේ චන්දෙ ඉල්ලන්නේ නැහැ කියල නේද ? නිකන් මිනිස්සු රවට්ටනවා. මෙව්වට ගහන්න ඕනේ චන්දෙ දාන අයට !
කොහොමද ඒක ?
ඇත්තටම......? එතකොට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා දැනගන්න පුලුවන්ද....?
අනේ ඉසුර. හීනෙන් ද නැගිට්ටේ. වර්තමාන ජනාධිපතිතුමා එක සැරයයි ඡන්දෙ ඉල්ලන්නේ කියල ප්‍රතිඥා දීල ඔය තනතුර ගත්තු කෙනෙක් ..
පරාජය නියතයි!