IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කරයි

(විමුක්ති එස් රුද්‍රිගු)

පවතින යුධ වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් පී.අයි.බී.ඒ ආයතනය ඊශ්‍රායලයේ රැදීසිටින ශ්‍රී ලාංකිකයන් ඇතුළු සියලුම විදේශිකයන්ගේ වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා අද (19) ප්‍රකාශ කළේය.

ඒ අනුව දැනට විසා කාලය ඉකුත්වන් සියලු දෙනාට මෙම සහනය හිමිවන බවත් වීසා කාණ්ඩ 9 ක් සඳහා මෙම සහනය හිමිවන බවත් තානාපතිවරයා පැවැසුවේය.

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින 119 කට නැවත ඉක්මනින් ඊශ්‍රායලට පැමිණිය යුතු බවද තානාපති කාර්යාලයට දන්වා තිබෙන බවත් ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු, විදේශ රැකියා අමාත්‍යාංශය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයක් මත ඔවුන් ඊශ්‍රායලයට එවීම ශ්‍රී ලංකා රජය තාවකාලිකව අත්හිටුවා තිබෙන බවත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

නැවත ගුවන් ගමන් ආරම්භ වූ වහාම එම පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණ සඳහා අවශ්‍ය වීසා දීර්ඝ කිරීම ලබාදෙන බව ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය තානාපති කාර්යාලයට දන්වා තිබෙන බවද බණ්ඩාර මහතා පැවැසුවේය.

යුද්ධය පටන්ගත් දින සිට ඊශ්‍රායලයට නැවත පැමිණීමේ විසා කල්ඉකුත් වූ කිසිවකුට ඊශ්‍රායලයට නැවත පැමිණීමේදී ගැටළුවක් මතු නොවනු ඇති බවද බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ සිවු දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ගන්නා බවත් තානාපති කාර්යාලය දිනපතා ඔවුනගේ තොරතුරු සොයාබලන බවත් තානාපතිවරයා පැවැසුවේය. ඔවුන්ට ඇතිවූ මානසික ආතතිය අවම කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙකු ඔවුන්ව හමුවීමට යොමුකොට තිබෙන බවද තානාපතිවරයා ප්‍රකාශ කළේය.

තානාපති කාර්යාලයට දින 7 ම ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් කැපවී සිටින බවත් ගැටලුවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහ මෙරට සිටින ඔවුන්ගේ පවුල්වල සමීපතමයන්ට තානාපති කාර්යාලය හා වට්ස්ඇප් ඔස්සේ සම්බන්ධ විය හැකි බවත් බණ්ඩාර මහතා පැවැසුවේය.

 



අදහස් (0)

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ වීසා කාලය මාස තුනකින් දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 338 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 211 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site