
කටාරයේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇතිකර ගත් එකඟතාව, අද (24) ඊශ්‍රායලයේ වේලාවෙන් උදෑසන 7 ට ක්‍රියාත්මක වීමට නියමිතය.
එකඟතාව අනුව, සිවු දින සටන් විරාමයක් ද අද (24) දිනයේ ආරම්භ වනු ඇත. ඊට අමතරව, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 දෙනාගෙන් 50 දෙනකුපනිදහස් කිරීමට නියමිතය.
එම 50 දෙනා අතරින් අද දිනයේ නිදහස ලබනු ඇත්තේ 13 දෙනකු බව ද පැවැසෙයි.
එම ඊශ්‍රායල වැසියන් වෙනුවෙන්, ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින හමාස් සාමාජිකයන් 150 දෙනකු ද නිදහස් කිරීමට නියමිත බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd