කන්ටේනර තුනක් හදිසියේ නතර කළ මාදම්පේ පොලිසිය එහි ඇති භාණ්ඩ ගැන පරීක්ෂණයක් ඇරැඹීය.
එම කන්ටේනරවල ඊයම් බෝල ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
ඒවා ප්‍රවාහනයට බලපත්‍ර තිබේදැයි පරීක්ෂා කරන බලන බව ද ඔහු පවසයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ඊයම් බෝල කන්ටේනර පරීක්ෂාවට
චමින්ද Friday, 11 July 2014 08:56 PM
සමහර රටවල රේගුව පාවිච්චි කරනවා කන්ටේනරය පිටින්ම ස්කෑන් කළ හැකි, ස්කෑන් යන්ත්‍ර. එවැනි යන්ත්‍ර ලංකාවේ රේගුවට තිබෙනවාද දන්නේ නැහැ. (නි)
චමින්ද Friday, 11 July 2014 09:00 PM
චතුරංග, දැන් ඒ ගැන හිතලා වැඩක් නැහැ. (නි)
චමින්ද Friday, 11 July 2014 08:16 AM
කල්තියාම යම් යම් දේවල් නිෂ්පාදනයට සුදානම් වෙනවාවද්ද? (නි)
ගන්දර සයිමොන් Friday, 11 July 2014 08:27 AM
මෙම ඊයම් බෝල කාලයක් එල් ටී ටී ඊ එකෙන් පාවිච්චි කරා මනුස්ස ඝාතන බෝම්බ සෑදීමට. වැඩි දුර සොයා බැලිය යුතු කරුණක් කවුරුන් හටද ? මොනවා කිරීමටද ? සපයන්නේ කවුරුන්ද ? කියා. (ස)
චන්ද්‍රා Friday, 11 July 2014 08:35 AM
මාදම්පේ පොලිසියට ප්‍රණාමය , හොඳ පෙරනිමිතක්, රේගුවේ වැඩ හොඳින් පැහැදිලිය , කන්ටේනර් වරායෙන් පිට කිරීමට පෙර විවෘත කර බැලීමේ ක්‍රමයක් අනිවාර්ය විය යුතුමය, මේය කලින් වතාවක මා ලියා ඇත , රට විරුවන් විසින් තම පවුල් වලට එවන කුඩා පෙට්ටි විවෘත කර සියටුම බඩු එලියට ඇද බලා දහස් ගණන්වලින් අයකිරීම ගැන අවන්කවම රේගුවත් රජයත් ලජ්ජවිය යුතුය, ( මෙම ක්‍රියාව හිගන්නාගේ පාත්තරයට හෙනහුරා වැටීමකි ) මෙම හෙනහුරා කෝ?......බලධාරීන්ගේ නෙත් ඇරේවා,.......පලකලොත් ලංකදිපයටත් තුති,... (ස)
රූපවතී Friday, 11 July 2014 09:04 AM
ඔය ඊයම් බෝලත් අර ග්‍රීස් ටින් වගේ වෙන්න පුළුවනි, මහත්තයෝ ඔන්න වැඩ පෙන්වනවා නම් හොද වෙලාව සේරමටික තලලා බලන්න ඇතුලේ තියෙන්නේ ඇත්තටම මොනවද කියලා.තවත් කුඩු කිලෝ 236 වෙන්න බැරි නැහැ ..?(දිල්)
චතුරංග Friday, 11 July 2014 09:19 AM
අයෙත් බෝම්බ හදන්නද ඊයම් බෝල ගෙනත් තියෙන්නේ.. හැමදාම බඩු අහු වෙනවා විතරයි.. ඒවාට වෙච්ච දෙයක් නෑ.. එතකොට අර ලදී අහු උන කෝටි 80ක කුඩු වලට මොකද උනේ? (ස)
පද්මසිරි Saturday, 12 July 2014 02:41 AM
මංගල, ඔබගේ අදහස් ප්‍රකාශය ඉතාම නිවැරදියි. පුද්ගලිකවම මා දන්නා කරුණු ඔබ ඉදිරිපත් කිරීමත් ඔබට හා එය පල කිරීම ගැන ලන්කාදීපයටත් ස්තුතිය. (නදී)
දයා අලහකෝන් Saturday, 12 July 2014 04:01 AM
මගේ හිතවතුන් කීපදෙනෙක් කීප දෙනෙක් රේගු නිළධාරීන්. මුලදි බයිසිකලයක්වත් තිබුණේ නැහැ.පස්සේ බලනකොට පොල්වතු ,පැජරෝ. මෙහෙම උනේ කෙසේද? ඔය වගේ පැන්නිලි වලින්ම තමා. මගේ රටට දෙවියන්ගේම පිහිටයි. දේශපාලකයොත් එහෙන් ගහනවා කෝටි ගනන්. (ස)
මංගල Friday, 11 July 2014 12:11 PM
රට විරුවන් විසින් තම පවුල් වලට එවන කුඩා පෙට්ටි විවෘත කර සියලුම බඩු එලියට ඇද බලා දහස් ගණන් වලින් අයකිරීම ගැන අවංකවම රේගුවත් රජයත් ලැජ්ජාවිය යුතුය. ඇත්තම කියනවා නම් රජය තමා වැඩියෙන්ම ලැජ්ජා වෙන්න ඕනා. රේගුව කරන්නෙ රාජකාරිය. අවු 5ක් පාර්ලිමේන්තුවේ කාලෙ කනවට බදු නැති වාහන සහ ලෝකෙ කිසිම රටක නැති පහසුකම්. අවු 5ක් 10ක් නෙවෙයි 30ක් පිටරටවල කඹුරලා එනකොට වාහනයක් නෙවෙයි මෝටර් සයිකලේක කෑල්ලක් ගෙනාවත් බදුගහන රටක්. ගේන වර්ග මීටරේ පෙට්ටියටත් ලෝකෙ නැති නීති දානවා. ඒ වුණාට කථාව පටන්ගන්නෙ නම් රටවිරුවෝ කියලා. (නදී)
ජූඩ් Friday, 11 July 2014 12:59 PM
මොනවා නමුත් කලින් අල්ලපු ගොඩක් කන්ටේනර් ගැන දැන් කාගෙවත් කතාබහේ නැහැ. දැන් ඒවා තියෙන්නේ කොහෙද දන්නෙ නැහැ (නි)
ලක්ෂපාන Friday, 11 July 2014 02:44 PM
මංගල ඔයා හරි... මහලොකුවට පම්පෝරි ගැහුවට විදේශ රැකියා කරන අයට කිසිම සහනයක් අපේ රජයකින් ලැබිල නැහැ. අපි බඩු පෙට්ටියක් යැව්වොත් රටේ නැති නීති කියල ටැක්ස් ගහනවා නැතිවෙනකන්. නමුත් කුණු අල,ලුණු ,පරිප්පු, වගේ කන්ටේනර් ගණන් රේගුවෙන් පිටවෙනවා හෙනයක් නැතිව. ඔය ඊයම් බෝල ඇතුලේ කුඩුද කියල කව්ද දන්නේ? (අ)
පිටිගල Friday, 11 July 2014 02:56 PM
ඔය අල්ලන කන්ටේනර් පොටෝ ගහලා පත්තරේ දානකල් විතරයි. රේගුවෙන් තහනම් කලොත් කව්රු හරි ලොක්කෙක් දෙනවා ලියුමක් වහාම නිදහස් කරන්න කියලා.,,උදාහරණ නම් අර රේගුවෙන් තහනම් කල ළූණු කන්ටේනර් දෙකක් ඔය උඩරට පළාතේදී අහු උනේ තෝරද්දී මේ ඊයේ පෙරේදා, ඒ වගේ ඕවත් යනවා ඇති.කොටි ලංකාවට හොරෙන් අහසයාත්‍රා ගෙනාකොට තව මොන කතාද? අර කිව්වා වගේ අපේ බඩු පෙට්ටිය නම් ඔක්කොම එලියට දමනකල් බලන්නවත් එන්නේ නැහැ රේගුවේ මහත්වරු. (අ)
අනුෂ්ක Friday, 11 July 2014 06:30 PM
දැන් ව්‍යාපාර කරන්නේ, බොහෝ අය කන්ටේනර් වලින් වගෙයි (නි)