ඊයම් සහිත තීන්ත වර්ග බිත්ති වල ආලේප කිරිමෙන් ස්නායු ගත රෝග ඇති විම,ශරිර වර්ධනය ආලේප කිරිමෙන් ස්නායු ගත රෝග ඇති විම,ශරිර වර්ධනය අඩාල වීම සහ මතක ශක්තිය හීන වීම වැනි රෝග රැසක් ඇති විය හැකි බව කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ විෂ වෛද්‍ය සමන්ත ලියනගේ මහතා ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම ළදරු පාසල් සහ පාසල් ගොඩනැගිලි වලට ඊයම් සහිත බාල තීන්ත ආලේප කිරිමෙන් දරුවන්මෙවැනි රෝගි තත්වයන්ට ගොදුරු වන බව අනාවරණය වී ඇතැයි ද විෂ තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දේ.
අඩුමිල බාල තින්ත,ටික කලකදි පොතු ගැල වි , ඉතා සියුම් කුඩු වශයෙන් පරිසරයට එකතු වෙන අතර ,එලෙස එකතු වෙන ශරිරයට අහිතකර ද්‍රව්‍ය ආශ්වාස කිරිමෙන් ශරිරගත වේ.
ගොඩනැගිලි වර්ණ ගැන්විම සඳහා තින්ත වර්ග තෝරා ගැනීමේදි මිලෙන් අඩු ඊයම් සහිත භාවිතා නොකර මිලෙන් වැඩි, දිප්තියෙන් අඩු ඊයම් රහිත තින්ත වර්ගයක් තෝරා ගැනිමට පියවර ගන්නා ලෙස වැඩිදුරටත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමේෂ්, ඔබ හරි. පර්යේෂණ කරලා සොයාගත්තා නම් එම දේවල් තහනම් කළා නම් හරි (නි)
ඔන්න අපිනම් කිවුවා. උඹලාට පුලුවන්නම් හොයාගෙන බෙරියල්ලා. ඕක තමයි අපේ රටේ වගකිවයුත්තන්ගේ වගකීමේ සීමාව.(ම)
මේ ජාතියේ තීන්ත දැනටත් ලංකාවේ තහනම් කරලා තියෙන්නේ.සිමාවන් පනවල තියෙන්නේ.එනමල් තීන්ත වල තමයි ගොඩක් දුරට ඊයම් ගොඩක් අඩංගු වෙන්නේ. (බ)
ඇමෙරිකාවේ සහ ලෝකයේ දියුණු රටවල ඊයම් තීන්ත නීතිරීති සාදා ඒවා තහනම්කොට ඇත. විශේෂයෙන්ම චීනයේ නිෂ්පාදනය කරන තීන්ත පිළිබඳව ප්‍රවේශම් වියයුතුය. (නි)
ඉතින් තීන්ත වල නම් කිව්වා නම් ලේසි නේ මිනිස්සුන්ට ගන්න. ඔහොම කිව්වම අපි කොහොමද දන්නේ? (බ)
වෙළඳපොළේ තියෙන්නේ බාල තීන්තම තමයි.හොඳ තීන්ත මොනවද කියලා 'හොඳ බාස්ගෙන්ම' අහගනිමු. (නි)
මේක බලපාන්නෙ, තිනර්/වාර්නිෂ් වල දියකරලා ගාන ලැකර්, එනැමල්, ඇන්ටි කොරෝසිව්, ෆ්ලෝ පේන්ට් වගේ ඒවා වලට. නීති පනවලා ඊයම් ප්‍රමාණ සීමාකළේ 2011 දී, ඒක ක්‍රියාත්මක කළේ 2013 දී. නමුත් අදටත් ඊයම් වැඩි තීන්ත වෙළද පොළේ තිබෙනවා. සමහර ඊයම් වලින් සුරක්ෂිත තීන්ත වල ලේබලයක් තියනො. "ලෙඩ් සේෆ්", "නො ඇඩඩ් ලෙඩ්" වගේ කියලා. මේ පර්යේෂණය කළේ පරිසර යුක්ති කේන්ද්‍රයෙන්. වැඩි විස්තර එයාලගෙනුත් දැනගන්න පුළුවන්. (නි)
රජය හා පාරිභෝගිකයා ආරක්ෂා කරන ආයතන විසින් නීති සමිපාදනය කර මොවුන්ට විරුද්ධව කටයුතු නොකර මහජනයාට මාධ්‍ය මගින් ආරක්ෂා වෙන්න කියා හැම විටම කීමෙි ඇති සාධාරණත්වය කුමක්ද? (ම)