ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර වහා අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනවිය අද (25) ඉන්ටපෝල් වරෙන්තු නිකුත් කළාය.
රිවිර පුවත්හිපතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කළැයි ඔහුට විරුද්ධව නගා ඇති චෝදනාව වේ. ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන ලෙසටද නියෝග කැරිණි.
ඔහු ශ්‍රී ලංකාවට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද නියෝග නිකුත් කැරිණි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව පසුගියදා චෝදනා එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක් (නි)
ඊ-නිවුස් නොතිබෙන්න අදටත් අපි සහ අපේ දරුවන්ට සිද්ධවෙන්නේ වහල්ලු වගේ මැරෙනකම් ජිවත්වෙන්නයි. අපි අපේ මුදල් වියදම් කරමින් මොනතරම් සටනක් කරලද හිටපු ඒකාධිපතියා ගෙදර යැව්වේ. (නි)
මෙය මාධ්‍ය මර්දනයේ ආරම්භය නොවේවා! (නි)
අපහාසයක් වූවා හෝ නොවූවා, වංචාවකට නම ඈඳුනු කෙනෙක් නියෝගය ඉල්ලන්නේ? නඩුවට ප්‍රස්තූත වූ කෙනාම නියෝගය නිකුත් කරනවා. කෝ ලිවීමේ සහ කියවීමේ නිදහස? මේක වැටෙන්නෙ සිවිල් ගණයටද? අපරාධ ගණයටද? මේ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපනය කළයුතුයි. (නි)
ඉතාමත් අගනා නියෝගයක් මොහු සිතා සිටින්නේ මාධ්‍යය තුළ ඔහුට වඩා දැනුමැති අයකු නැති ලෙසයි. (ම)
ඇත්තට අද රටේ තැනක් නැහැ (නි)
මේ වරෙන්තු නිකුත් කිරීමත් ලංකාව විහිළුවට පත්කිරීමක් කියායි මට සිතෙන්නේ. මේක සංකීර්ණ කටයුත්තක්. ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් මේක අනිත් අතට කැරකෙන්නත් බැරි නැහැ. (නි)
හරිම සතුටුයි. ගරු නඩුකාරතුමියට මගේ ප්‍රණාමය. (නි)
මොහු පසුගිය රජයේත් වර්තමාන රජයේත් වැරදි නිර්දය ලෙස විවේචනය කළා. මොහු වරදක් කර ඇත්නම් චෝදනාව ඔහුට ඉදිරිපත් කර නිදහසට කරුණු විමසා ඉන්පසුව වරෙන්තු නිකුත් කළා නම් තමයි යුක්තිසහගත වන්නේ. අනෙක මේ වරෙන්තුව නිකුත් කරන්නේ මොහුගේ වෙබ් අඩවියේම විවේචනයට ලක්වූ විනිසුරුවරියක්. ඒකත් සදාචාරාත්මක නැහැ නේද (නි)
ඊ-නිවුස් නැත්නම් අද සමහරවිට යහපාලනයකුත් නැහැ. ඒක තේරුම්ගත්තොත් හොඳයි (නි)
වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක්.(ම)
අපරාධ වල වීඩියෝ නිතරම ටීවී වල පෙන්වීමත් වැරදි නේද? පොලිසිය පරීක්ෂණ කරන්නත් කලින් මේවා මහජනයාට පෙන්වනවා. (නි)
සඳරුවන් කියන්නේ යම්කිසි වැරැද්දකදී සියලු සත්‍ය තොරතුරු සාක්ෂි ඇතුව දුෂණයට ජඩ දේශපාලනයට විරුද්ධව තදින්ම පහරදීපු අපේ කාලයේ වීරයෙක්. ලංකාවේ විනිසුරුවන් යැයි කියාගන්නා සමහරු ගැන යුරෝපයේ සිටින සියලුම ප්‍රජාව අතිමහත් පිළිකුලකින් සිටිනා බව පමණක් මතක තියාගෙන හැසිරීම ලංකාවේ සියලුම දෙනාගේ ශරීර සනීපයට හොඳ බව අපේ හැඟීමයි (නි)
යහ පාලනයක් ගේන්න කඩේ ගියාට හොද වැඩේ (බ)
අධිකරණයට අපහාස වන අන්දමින් සහ ජනතාවගේ විශ්වාසය බිඳවැටෙන අයුරින් තීන්දු තීරණ ගත් විනිසුරුවරුන් මෙන්ම නීතිය අධිකරණයට අැඟිලි ගැසූවන්ටත් නීතිය ක්‍රියාත්මක වූවානම් කෙතරම් අගනේද? (නි)
විනිසුරුවරු බොහෝ දෙනෙක් මනුෂ්‍යෙයා්ය (බ)
නීතියේ නිරුවත ඉදිරියේ අයුක්තියට එරෙහිව අැත්ත කතාකළ ඊ නිවුස් ලොක්කා ජනතාවට වීරයෙකි. (නි)
ගරු නඩුකාරතුමියට මගේ ප්‍රණාමය. ඔහු ගැන මේ දුන් තීරණයට එංගලන්තයේ සහ යුරෝපයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව අද සතුටු වෙනවා. (බ)
නීතියේදී මාධ්‍යවේදීන්ට කියල වෙනම වරප්‍රසාද තිබිය නොහැකියි (බ)
මෙයා අපේ කාලයේ වීරයෙක්. රිදෙන තැනට රිදෙන්නම ගහන කෙනෙක් (නි)
මෙතන අදහස් දාලා තියෙන සමහර මැදමූලන ප්‍රේමීන්ට ඊනිවුස් එකෙන් රිදිලා කියලා පේනවා (නි)
ලංකා ඊ නිව්ස් කියන්නේ කිසිම සදාචාරයක් නැති මාධ්‍ය භාවිතයක්. ඔවුන් භාවිතාකරන වචන වුනත් හරිම අපුල ගෙනදෙන වචන. විවේචන තියෙන්න ඕනා, නමුත් මේවගේ අප්‍රසන්නව මාධ්‍ය භාවිතා කිරීම කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. (බ)
උදයංග වීරතුංගට තියෙන චෝදනාවත් එක්ක මේක පටළාගන්න එපා. යුද්ධයට පෙර කට්ටිය කොමිස් ගැහුවේ නැද්ද? අප කළයුත්තේ යුද්ධ කාලේ කළ වැඩ ඇද ගනිමින් තියෙන වැඩ ප්‍රමාද කිරීම නොවේ. මේ ආණ්ඩුව වැටුන ලොකුම වළත් එකයි. අපිත් නොදැනීම එ්කේ වැටිලා දඟලනවා. (නි)
ඊ-නිවුස් වලට අපේ රටේ ඉන්න හැමෝම හොරෙක්, දූෂකයෙක්. කිසිම රජයේ තනතුරකට පත්කරන්න බැහැ. පත්කරන පුද්ගලයාව හොරෙක් කරනවා, දූෂකයෙක් කරනවා. (නි)
මේකට නම් ඉල්ලන පරක්කුවෙන් වරෙන්තු! (නි)
හොද තීරණයක් මගේ ප්‍රණාමය ! (ම)
මට නම් ඔහු වීරයෙක්! (නි)
උදයංගට නැති ඉන්ටපෝල් වරෙන්තු මාධ්‍යවේදීන්ට දැමීම ගැන කණගාටුයි. (ම)
ගුණරත්න අපේ රට රාජ්‍ය සේවයේ ඉන්න බහුතරය හොරු, දුෂකයෝ තමා ... ඒවා වාර්තා කිරීම වරදක් වෙන්නේ කොහොමද? (හේ)
හොද තීරණයක්..මෙයා කරන්නේ ජඩ මාධ්‍යයක්.. (ම)
ඊ-නිවුස් නැත්නම් අද සමහරවිට යහපාලනයකුත් නැහැ.තව අවරුදු 20 කාටවත් විපක්ෂයක් කියලා දෙයක් ඉතිරි වෙන්නෙත්/කරන්නෙත් නැහැ. ඒක තේරුම්ගත්තොත් හොඳයි (හේ)
වැරදි තැනට තදින්ම පහරදීපු කෙනෙක් (ම)
හැබැයි අවුරුදු දෙකක් ගියා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට ජාත්‍යාන්තර වරෙන්තු නිකුත් කරන්න. (ම)
වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක්. (ම)
වැරදි තැනට තදින්ම පහරදීපු අපේ කාලේ වීරයෙක්. (ම)
විනිසුරුවරුද මනුෂ්‍යයෝය....! (ම)