ශ්‍රේෂ්ඨාධිකරණයේ 5 වැනි මහළේ සම්මන්ත්‍රණ ශාලාවේ තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා විදුලි පහන් කට්ටලයක් අතුරුදන්ව ඇතැයි අධිකරණ ආරංචි කියයි.
මේ සම්බන්ධව පැමිණිලි කරන ලෙස එහි ආරක්ෂාව භාරව සිටින මාර්ෂල්වරයාට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා නියෝග කර ඇත.
මේ සම්බන්ධයෙන් දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු උතුරු මැද පළාත් මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කරමින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරුව සිටි සමයේදී ගොඩනැගිල්ල අලුත්වැඩියාවට නාගරික සංවර්ධන ආකාරයට පිළිගත් ක්‍රමවේදයකින් තොරව ලබාදීම ගැන පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ඇතැයිද කියති.
මෙම විදුලි පහන් කට්ටලය කෞතුක වටිනාකමකින් යුක්ත මිල කළ නොහැකි එකක් බවද ඔවුහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශප්‍රිය දැක්කද. එහෙමනම් ගිහින් සාක්කි දෙන්න තියෙන්නේ.(බ)
මේවා හොරකම් කළේ හිටපු අග විනිසුරුගේ සහය ඇතිව (බ)
"හොරු විසින් හොරුන් උදෙසා" ප්‍රතිපත්තියකින් ආණ්ඩු කළ යුගය ඉල්ලන අය තවම රට පුරහා ඉන්න එකයි පුදුමේ. (නි)
මොනවා කරන්නද පෙරේරා. රට ලොකු විනාශයකට යන්නේ නැතුව ජනවාරි 8 වෙනිදා බේරුනා. නමුත් අපේ අයට ඒකමයි ඕනෑ. යුද මානසිකත්වයත් එක්ක හොරුන්ට, ඒකාධිපතියන්ට අවස්ථාව ලැබෙනවා. ඒක පාලනය කරන්න ජනතාව දැනගන්න ඕනෑ. අපි අපේ රටේ මිනිස්සු උගත් කියලා ආඩම්බරයෙන් කිව්වට ඒක මුලාවක් බව තේරෙනවා නේද. (නි)
මේවා හොරකම් කළේ හිටපු අග විනිසුරුගේ සහය ඇතිව (බ)
මහින්දගේ වැඩක් !!! (බ)
ඉහළ උසාවියේ කට්ටියටත් හිර ගෙදර දොර අරින්න වෙයි වගේ. (බ)