හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වලක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ අතුරු නියෝගය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 දෙක වගන්තිය අනුව බල රහිත බව රනිල් වික්‍රමසිංහ අගමැති අද ප්‍රකාශ කළේය.
මෙම වගන්තිය අනුව එවැනි තීරණයක් දීමට නම් අවම වශයෙන් විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතු බවත්, විනිසුරුවරුන් දෙදෙනකුට බලය ඇත්තේ හදිසි ඇපෑලක් විභාගයට ගැනීමේ දී තීරණයක් ගැනීමේ අයිතිය පමණක් බවත් ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් තමා නීතිපති මතය විමසන බව වික්‍රසිංහ මහතා කොළඹ දී මාධ්‍යවේදීන් සමඟ ප්‍රකාශ කළේය.
මෙම තහනම් නියෝගය අනුව ගෝඨාභය රාජපක්ෂට එරෙහි පරීක්ෂණ කරගෙන යෑමට අවහිරයක් නැතැයි ද, අධිකරණයෙන් අත්හිටුවා ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම බව ද වික්‍රමසිංහ මහතා කීවේය.
රාජපක්ෂ මහතා විසින් ගොනු කැරුණු පෙත්සමෙන් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු කර තිබෙනවා නේදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඔහුගේ පිළිතුර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිසිම නොතීසියක් තමාට නොලැබුණු බවයි.
එහෙත් ඇමැති මණ්ඩලයට යැවූ නොතීසියේ පිටපතක් ලබා ගත් බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම පෙත්සම විභාග කිරීමට නියමිතව සිටි බුවනෙක අලුවිහාරේ විනිසුරු පෞද්ගලික හේතු මත ඉවත් විය. ඊවා වනසුන්දර විනිසුරුවරිය හා සරත් ආබෘ විනිසුරු නඩුව ලබන ඔක්තෝබර දක්වා කල් තැබූ අතර නඩුව අවසන්වනතුර හිටපු ආරක්ෂක ලේකම් අත්අඩංගුවට ගැනීම අත්හිටුවීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132 (2) වගන්තිය මෙසේය.
(2) ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය, වෙන් වෙන්ව නඩු විභාග කරන ඒ අධිකරණෙය් විනිශ්චයකාරවරයන් කිහිපෙදනකු විසින් එකම අවස්ථාවේ දී විවිධ කාරණා සම්බන්ධයෙන් කියාත්මක කළ හැක්කේ ය : එසේ වුව ද, සියලු අවස්ථාවල දී එහි අධිකරණ බලය ආණ්ඩුකම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශචයකාරවරයන් තිදෙනකුට නොඅඩු සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය වශෙයන් එක් රැස්ව සාමාන්‍යෙයන් කියාත්මක කළ යුත්තේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති නිසා අහන්නේ? එක විනිසුරු කෙනෙක් ඉල්ලා අස්වීම නිසා නේද ගැටලුව? එතුමා අස්වෙලා තියෙන්නේ මේ කරණය හොඳින්ම දැනගෙන බව පේනවා නේද? අර තරාදිය අතින් අරන් ඉන්න කාන්තාවගේ ඇස් බැඳලා තියෙන රෙදිකඩ අයින් කරලද ඒ කියන්නේ? තරදියත් දැන් බැලන්ස් නැතිද මන්ද? (කේ)
මේ ඔක්කොම රටේ ජනතාව රවට්ටන චන්ද ගන්න උපක්ක්රම (කේ)
උසවිසට අපහස කිරීම යහපාලනය නෙමෙය් නේද (කේ)
අපේ ඉතිහාසයේ හිටපු ලොකුම හොරු රැළ කොහොමහරි නීතිය ඉදිරියට ගේන්න ඕනෑ. (නි)
වගන්ති මොනවා උනත් දැනට සමාජේ ඇති කතාබහ අනුව මෙවර පැවැත්වෙන මහා චන්දෙන් රජය අන්ත පරද වෙනවා.මහින්ද වෙනම පක්ෂයක් හදාගෙන අවොත් ඔක්කොම කපෝති.(කේ)
රනිල් මහත්තය විශ්‍රාම ගියොත් හොදි. චන්දෙට ඉදිරිපත් වුනොත් ඇපත් නැහැ.(කේ)
නීතියේ දෙවඟනගේ ඇස් බැදලනේ තිබෙන්නේ. කී දෙනෙක් බෙන්ච් එකේ ඉන්නවද කියලවත් පෙනෙන්නේ නැහැනේ. ඉතින් කව්රුත් හිනාවෙන්නනම් එපා. (කේ)
මහින්දගේ කාලයේ මේ රටේ ඇති වූ වෙනස නගරයේ කිබූ සිල්ලර තොග වෙළඳ කඩය ගමට ගොස් නගරයට ෆුඩ්සිටි ආපු එක, නගරයේ තිබූ යකඩ කඩය ගමට ගොස් නගරයට මහාපරිමාන හාඩ්වෙයාර් ආපු එක. 2005 ට පෙර ගමක තිබූ මොටර් බයිසිකල්, ත්‍රීවීල් රථ සහ රෝද හතරේ වාහන සංඛ්‍යාව අතේ ඇඟිලි පහට අඩු වූවක් වූ අතර 2014 වන විට සෑම නිවාස තුනකින් එකකටම ඉන්ධන ඊාවිතාවෙන් දුවන කුමන හෝ වාහනයක් තිබීම. 2005 වන විට පා පැදියක්වත් නොති බූ මා 2014 වන විට රෝද 04 මොටර් රථයක් ගත්තේ අපේ ආදායම් වැඩීවීම හා ඒ මතින් ඇති වූ විශ්වාසය මත මූල්‍ය ආයතන ණය සැපයීම මත. මේවා නොදකින අය ජාති අන්ධයින්. මහින්දගේ රජය කාලයේ හොරකම් කිරීම කෙසේ වෙතත්, ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රියාත්මක වූ සංවර්ධන යෝජනා ක්‍රම හරහා ගම්වල ජනතාව අතට මුදල් ගලා ආවා. එය සිදුවූයේ එම කොන්ත්‍රාත් ගම්වලට දීමෙන් ගමේ යමෙකු ලැබූ ලාබ මත මිස හොරකම් කිරීමෙන් නොවෙයි. සියල්ලම සුදුයයි මා නොකියමි. එහෙත් මහින්දට පෙර වූ සංවර්ධනය ගමට ගලා නොගිය අතර මහින්ද ගමට සංවර්ධනය මෙන්ම ඒවායේ ප්‍රතිලාභද ගමට ලබා දුන් නායකයා බව පවසමි. මේ සියල්ලටම වඩා ලාභ ගෙන දෙන ව්‍යාපාරය වූ එමෙන්ම මීට පෙර පැවති රජයන්වල මැතිඇමතිවරුන් විශාල වශයෙන් මුදල් ඉපැයූ යුද්ධය නතර කළ නායකයා මහින්ද බව මේ රටේ කළගුණ දත් කිසිවෙකුටත් අමතක කළ නොහැක. (කේ)
බොරු චෝදනා දාල හිරේ දාන්න හදපු එකට වැඩ වැරදිලා. මේවට උත්තර ලැබේ ඡන්දෙන් පස්සේ. (බ)
ඡන්දෙකින් පත් නොවී අගමැතිකම ගැනීම ගැන නීති පොතේ මොනාද කියල තියෙන්නේ කියලත් අපි හොයල බලමු.(බ)
අන්න හරි අරින්න එපා ලෙහෙසියෙන් (කේ)
දැන් හැමෝටම තේරෙනවා ඇති මේ වෙනස (කේ)
උසාවි නීතිය මෙහෙම වෙනස් කරන්න පුුලුවන්ද? (නි)
ඔව් ඉතින්. තුන්දෙනෙක් හිටපු එකෙන් එක්කෙනෙක්ව ඉවත් කරවාගෙන දැන් කියනවා තුන්දෙනෙක් නොසිටි නිසා මෙතන ප්‍රශ්නයක් කියලා. නිවැරදි මිනිස්සු නිකරුනේ අත්අඩංගුවට ගන්න එක පහසු නැහැ (නි)
ගෝඨා බයේ පැනලා යන්නේ මේ දේවල් සත්‍ය නිසාදැයි සාධාරණ සැකයක් මිනිසුන් තුළ ඇතිවීම නොවැළැක්විය හැක (නි)
සමහරුන්ට අද ප්‍රභාකරන්ගෙන් මේ රට ගළවාගත් අය දංගෙඩියට දක්කාගෙන යනතුරු ඉවසුමක් නැහැ වගේ. (නි)
යහපාලනය අධිකරණයට බලපෑම් කිරීමට අර අඳිනවාද? (නි)
වගන්ති නම් නීති පොතේ අච්චු ගහලා තිබෙනවා එමට. නමුත් වගන්ති තිබුනට වගන්තියට අදාළව ප්‍රකාශ වී තිබෙන දේ සිදුවන්නේ නීතියට අනුව නොව පක්ෂපාතිත්වය හා මුදලේ බලයේ තිබෙන වටිනාකම අනුවයි කියන එකයි ප්‍රශ්නය (නි)
එතකොට රනිල් කැමති තීන්දුවද දෙන්න ඕනෑ? එහෙම හරි නේද? (නි)
මේ මොනවද කියන්නේ? (නි)
අනේ අපි නම් දන්නෙ නැහැ ඕවා (නි)
මෙය උපරිම අධිකරණයට අභියෝග කිරීමක් නොවන්නේද? (නි)
ඉතින් මොනවාහරි කරන්නකෝ (නි)
දෙගොල්ලොම කරන්නේ කියව කියලා ඉන්න එක විතරයි (නි)
දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
විනිසුරුවරුන් තිදෙනකු සිටිය යුතු බවත්, විනිසුරුවරුන් දෙදෙනකුට බලය ඇත්තේ හදිසි ඇපෑලක් විභාගයට ගැනීමේ දී තීරණයක් ගැනීමේ අයිතිය පමණක් බව කියන කොට හොඳට තේරෙනවා (නදී)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ උසාවියෙන් ලබාගත් තීරණය නීත්‍යනුකුල නොවේ නම්, රජය ඊට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කළයුතු වෙනවා නේද?මොකද්ද තිබෙන ප්‍රශ්නය? (නි)
මේකෙන් තේරෙන්නේ විනිශ්චයකාරවරුත් දැන දැන වැරදි කර ඇති බවද? (නි)
කුෂාන් සහ තරුෂි, මගේ නමින් පළ කර ඇති 2015-05-16 01:49:44 අදහස මගේ අදහසක් යයි සිතාගෙන ඔබ දෙපළ අදහස් දක්වා ඇතත් එකී අදහස මගේ අදහසක් නොවන බව කරුණාවෙන් සලකන්න. (බ)
ආදේශක විනිශ්චයකාරවරයා පත්කරනතුරු නඩුව කල්දැමීම සහ චූදිතයා අත්අඩංගුවට ගැනීම අත්හිටුවීම 132(2) උල්ලංඝනය කිරීමක් නොවේ. (නි)
"අන්තෝ ජටා බහි ජටා" අනේ මන්දා මේවා සියල්ල අවසන්වෙලා කවදා නම් රට සංවර්ධනය ගැන සිත යොමු කරයිද කියලා. (නි)
අන්න හරි,අරින්න එපා. (නි)
පරීක්ෂණ වලට විනිසුරුවරු අතදාන්න උවමනා නැහැ. කවුරු වුණත් වැරදි කරලා කියලා සාක්ෂි තිබේ නම්, අධිකරණය දඬුවම් දියයුතු බවත්, විනිසුරුවරු තම වගකීම ඉටුකළ යුතු බවත් අපි කියනවා (නි)
මහත්වරුනි, දැන්වත් තේරුම් ගන්න දැන් ක්‍රියාත්මක වන්නේ නීතිය මිසක් අවනීතිය නෙමෙයි කියලා. (නි)
මොනවාහරි කරලම පෙන්වන්න මහත්තයෝ (නි)
මේ ගොල්ලන්ගේ ඒවායේදී නීතිය ක්‍රියාත්මක කළාට එච්චර ප්‍රශ්නයක් නැහැ. මොකද මේවා ඒ කාලේ මැතිවරණ උපක්‍රම පමණයි. හැබැයි මහින්ද මහත්තයාගේ කාලේ වූ විශාල වංචා දුෂණ ගැන හොයන එකෙන් වෙන්නේ ලංකාවේ සල්ලිකාරයෝ ටික වැටෙන එක. සාධාරණයෙන් වේවා අසාධාරණයෙන් වේවා මහින්ද මහත්තයාගේ කාලේ විශාල ධනවතුන් වූ අය අද රටට සම්පතක්. ඒ හින්දා මහින්ද මහත්තයාගේ කාලේ වැරදි කළ අයට දඩුවම් දෙන්න යන්න එපා. (නි)
කතාව සම්පූර්ණයෙන්ම ඇත්.ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙවන් නඩුවකදී විනිසුරුවරුන් තිදෙනෙක් අවශ්‍යයි. (නි)
අවනීතිය යටපත් කිරීමට නීතියට හැකි බව අධිකරණය විසින් පෙන්වූ අවස්ථාවක්. (නි)
අපි ඉතින් මේවට මොනවා කරන්නද? (නි)
මට පේන්නේ සුමුදු හේවාත් මහින්ද මහතාගේ කාලේ ධනවතෙක් වූ කෙනෙක් වගේ. ඒකනේ මෙතන උදේ ඉඳලා පරිගණකයේ වාඩිවෙලා දිගට හරහට ලියන්නේ. මොකද්ද සුමුදු ඔයාගේ ව්‍යාපාරය? අපිට කියන්න ලැජ්ජාහිතෙන එකක් නම් නොකිව්වාට කමක් නැහැ (නි)
දුප්පත් මිනිස්සුන්ගෙන් පුළුවන් තරම් බදු ගහල එකතු කරපු සල්ලි ,හොරකම් කරපු අයව ආරක්ෂා කරන්න කියලද සුමුදු හේවා කියන්නේ ??? අනික ඉතා සුළු පිරිසක් පමණක් සල්ලි කාරයෝ උනා කියල දුප්පත් මිනිහට ඇති සෙතේ මොකක්ක්ද ? (කේ)
පිවිතුරු යහපාල , අපි එදත් අදත් රට රක දුන් මිනිසුන්ට ගවුරව කරමු , එහි විවාදයක් නැත එහෙත් , මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කෑ හොරුන් අදිකරණ ක්‍රියාමාර්ග හරහා දඬුවම් ලබා දිව යුතුව ඇත . එහි වාදයක් නැත !(කේ)
හීන් නූලෙන් වැඩ (කේ)
අලුත්කඩේ අලුත් ගැටළුවක් (නි)