මහනුවර ත‍්‍රිත්ව විදුහල සහ ඉසිපතන විදුහල අතර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20-17 ක තියුණු ජයක් ලැබූහ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ත‍්‍රිත්ව විදුහල ලකුණු 7-5 ක් ලෙස පෙරමුණේ සිටිය ද දෙවැනි අර්ධයේදී ඉසිපතන විදුහල පෙරමුණට පැමිණියේය.

ඉසිපතන විදුහල ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ත‍්‍රිත්ව විදුහලට ගෝල 2 කින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.    

 

(●●)