අන්තර් පාඨශාලීය ‘ඒ’ කොටසේ රග්බි තරගාවලිය යටතේ මහනුවර ධර්මරාජ පිලත් කොළඹ ඉසිපතන පිලත් අතර බෝගම්බර කී‍්‍රඩා පිටියේදී පැවති රග්බි තරගයෙන් ලකුණු 35-08 ක පහසු ජයක් වාර්තා කිරීමට ධර්මරාජ පිල සමත් විය.
ප‍්‍රථම අර්ධය නිම වන විට ලකුණු 27-03ක් වශයෙන් ධර්මරාජ පිල ඉදිරියෙන් සිටි අතර ධර්මරාජ පිල ගෝල දිණුම් දෙකක් උත්සහක දිනුම් තුනක් ඩ්‍රොප් ගෝල දෙකක් මගින් ලකුණු රැුස් කළ අතර ඉසිපතන පිල උත්සහක දිනුමක් සහ දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය.
තරග විනිසුරු ඩින්කා පීරිස් මහතාගේ නළා හඩින් තරගය ආරම්භ වීමත් සමග ප‍්‍රතිවාදීන්ට ප‍්‍රබල තර්ජනයක් එල්ල කරමින් පිටියේ අණසක සියතට ගත් ධර්මරාජ කී‍්‍රඩකයෝ, පළමු විනාඩි 35 පුරා ප‍්‍රතිවාදී සීමාවේ රැදී සිටීමට සමත් වූහ.
ධර්මරාජ ආධාරකරුවන් අමන්දානන්දයට පත් කරමින් කී‍්‍රඩා කළ තිළිණ විජේසිංහ ගෝල දිනුම් 2ක් උත්සහක දිනුමක් සහ ඩ්‍රොප් ගෝලයක් වාර්තා කරමින් තම පිල ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය. ධර්මරාජ පිල වෙනුවෙන් විරාජ් විජේසේකර හා ඉසංක විමලසූරියද උත්සහක දිනුම් වාර්තා කළ අතර තරගය අවසන් වීමට මොහොතක් තිබියදී මීටර් 50 සීමාවේ සිට ධර්මරාජ පිලේ ලෝචන හෙට්ටිආරච්චි විසින් සාර්ථක කරගන්නා ලද ඩ්‍රොප් ගෝලය රග්බි ලෝලීන්ගේ සිතින් කාලයකට නොමැකෙනු ඇත.
ඉසිපතන විද්‍ර්‍යාලය වෙනුවෙන් සුදම් සූරියආරච්චි උත්සහක දිනුමක්ද ඉසුරු කෝන්ගහවත්ත දඩුවම් පහරක්ද සාර්ථක කර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි! ධර්මරාජ.(නදී)
ධර්ම රාජයට සුභ පැතුම් (දී)
පිටිගල ඔයා දන්නේ නැද්ද ධර්මරාජය කියන්නේ ලංකාවේ අංක එකේ පාසැල් පහෙන් එකක් තියලා.(නදී)
අපේ ඉසිපතන කොල්ලෝ ලෙහෙසියෙන් පරාද වෙන්නෙ නැහැ. ලබන පාර දිනනවාමයි. (නි)
පිටිගල, ධර්මරාජය ගැන ඔයා මොනවද දන්නේ? :P (නි)
අනේ ඉසිපතනයත් මොකක්ද? ආනන්ද නාලන්දා, ධර්මරාජ, ගාල්ල මහින්ද.. අන්න ලංකාවේ නියම ඉස්කෝල. (නි)
පිටිගල, ඉසිපතනය කියන්නේ ලොකු පාසලක්ද? (නි)
අනේ ධර්මරාජ, කොළඹ ලොකු පාසල් කරන දේවල් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා. (නි)
ධර්මරාජේ කොහොමත් රගර් වලට නොම්මර එකේ පාසැලක්. එය විශ්මිත දියුණුවක් නෙමෙයි. පහුගිය අවුරුදු පහේ විතරයි පොඩි පසුබෑමකට ලක්වෙලා තිබුනේ.(නදී)
ධර්මරාජයෙක් වීම ගැන ආඩම්බරයි! (නි)
මා පතන රග්බි ලෝලියෙක් වුවත් , ධර්මරාජය ලබා ඇති විශ්මිත දියුණුව ගැන හද පත්ලෙන්ම සතුටු වෙනවා (නි)
ධර්මරාජයේ ඉන්නේ සිංහ පැටවු. (නි)
අපේ කොල්ලෝ කොහොමත් හොදම තමයි. ජය වේවා!(නදී)
කමෝන් කොල්ලනේ! (නි)
හොද තරගයක්, සුභපැතුම්.(නදී)
නියමයි, ඔහොම යමු.(නදී)
ශ්‍රේෂ්ටයි.(නදී)