
(ඉන්දිකා රාමනායක)
කොළඹ දිස්ත්‍රිකයේ පාසල් නොයන දරුවන් 200 දෙනෙකු තම ප්‍රදේශය අවට ඇති පාසල් සඳහා ඇතුලත් කිරීම , ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) පෙරවරුවේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
මෙම දැරුවන් ප්‍රජා පොලිස් ඒකක මගින් හදුනාගෙන තිබු අතර මොවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දී පාසල් 65 ක ඇතුළත් කිරීම සමාරම්භක උත්සවය මෙලෙස පැවැත්විණි.
අවුරුදු 05 - 16 අතර දරුවන් පාසල් අධ්‍යපානය නොලැඹීමෙන් ඔවුන්ගේ අනාගතය අදුරුවීමේ අවදනාමක් පවතින බවත්, එවැනි බෝහෝ දරුවන් මත්ද්‍රව්‍ය හා අපරාධ මෙන්ම සමාජ විරෝධී ක්‍රියාවලට යොමු වන බැවින් පාසල් යන දරුවන් අධ්‍යාපනය වෙත යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් බවට ආනාවරණය වු බව පොලිසිය පවසයි.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපනය දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපනය හා විශේෂ අධ්‍යාපන ඒකකය විසින් කර තිබු ඉල්ලීමකට අනුව දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමේ අරමුණින් බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දියත් කර ඇති “හෙට දවස” වැඩසටහන යටතේ පාසල් ගමන අතරමග නතර වු හා පාසල් වයසේ පසුවන පාසල් අධ්‍යාපනය නොලබන දරුවන් 200 දෙනෙකු හදුනාගත් බවද පොලිසිය සඳහන් කරයි.
මෙම දරුවන් 200 දෙනා බස්නාහිර පළාත් අධ්‍යාපනය දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපනය හා විශේෂ අධ්‍යාපන ඒකකය අනුමැති යටතේ කොළඹ දිස්ත්‍රිකයේ ප්‍රජා පොලිස් ඒකකවල නිලධාරීහු තෝරාගත්හ.
මෙම සියලු දරුවන් කොළඹ හුණුපිටිය ගංගාරාමට කැඳවා ඔවුන්ට අවශ්‍ය නිලඇදුම්, පාවහන්, බෑග්, පොත්පත් ඇතුලු පාසල් උපකරණ පොලිසියේ අනුග්‍රාහක දායකත්වයෙන් බෙදා දුන් බවද පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා නම් ඇතුළත් කළේ රාජකීය, ආනන්ද, ඩී.එස්., තර්ස්ටන්, විශාකා, සිරිමාවෝ, ඉසිපතන, යන පාසල්වලටද? එහෙනම් ඉතා හොඳයි... මොකද ඔයවගේ ළමයින්ට කවදාවත් ඔයවගේ පාසල්වලට යන්න බැහැනේ...
මාරයි අප්පා.ළමයි පාසලට දාන්නත් ඇමතිලා යනවා.හෙට අනිද්දා වැසිකිලි සෝදන්නත් උත්සව තියලා යයි
ඉතාමත්ම හොඳ පුණ්‍ය ක්‍රියාවක්. දරුවන් 200 දෙනකුගේ ඇස් පෑදීම. ඒ මොනවා කළත් ඊළඟ වතාවේ දිනනවා බොරු. ඕවා කරලා පාර්ලිමේන්තු එන එක සිහිනයක්....
යහපත් ක්‍රියාවක්. අගය කළ යුතුයි ( මම ඔහුගේ වෙනත් නරක ක්‍රියා විවේචනය කළෙමි) අපි හොඳ නරකට නරකට කිව යුතුයි.
බොහොම හොඳ වැඩක්. ප්‍රජා පොලිස් ඒකකයට වාර්තා නොවුණු හෝ හඳුනා නොගත් තවත් බොහෝ දරු පිරිසක් කොළඹ අවට ඉන්නවා.. සොයා බැලුවොත් හොඳයි.
දැන්වත් මෙහම හොඳ වැඩක් කල එක අගය කලයුතුයි.