(මුදිතා දයානන්ද)
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (27) පැවසීය.
මෙම රැළි මාලාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂවල සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ හිටපු සහ දැනට සිටින පළාත් සභා මන්ත්‍රීවරුන්ද සහභාගී වනු ඇති බවද ඔහු පැවසීය.
මහනුවරින් ආරම්භ කර රටපුරා රැළි දහයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්විමට නියමිත දෙසැම්බර් 07 වෙනිදා දක්වා මේ ආණ්ඩුවට එරෙහි දැවැන්ත ජන පවුරක් නිර්මාණය කිරීම මූලික අරමුණ ඇතිව මෙම රැලි මාලාව පැවැත්වෙන බවද ඩලස් මහතා පැවසීය.
මෙම රැළි මාලාව අවසානයේ කතරගම සිට කොළඹට විරෝධතා පාගමනක් ආරම්භ කිරීමටද ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවසුවා ඇති ඔයගොල්ලෝ නම් ආයෙත් එපා එපාමයි. මතක නැද්ද අවුරුදු දෙකකටත් කලින් එලෙව්ව එක?
නැතුව නැතුව, මේ කට්ටිය හොරකම් කරන හැටි දැක්කහම ඉවසුව ඇති කියල හිතෙනවා ඇති නේද ආයිබොවන්? අනේ අපිටත් ඉක්මනට චාන්ස් එක ලැබේව කියල නලියනවා නේද?
ඉඟුරු දීල මිරිස් ගන්න තරම් අපි මෝඩ නැත, පක්ෂ පාට කුමක් වුනත් ලබන පාර ඡන්දෙදි අපට බොරු පොරොන්දු දීපු , කටහැකර වාචාල පරණ දේශපාලකයන්ට මනාපය දීමෙන් වළකිමු ,
ඉවසන්න බැරි වෙලාද ඔක්තෝබර් 26 දා උඩදාගෙන පස්ස දොරින් රිංගලා පරණ මජර ක්‍රමය පටන් ගන්න බැලුවේ...? ඒ කරගත්ත මීගොන් වැඩ ටික නිසා අපිට පරණ දේවල් ටික ටික මතක් වෙන්න පටන් ගත්තා. ඒ හින්දා අපි කියන්නේ තව අවුරුදු දහයක්වත් ඉවසන්න වෙයි ඕගොල්ලන්ට...
ඇයි නිකන් කහනවා වගේද?
ඉවසුවා ඇති අපිටත් හොරකම් කරන්න දෙන්න. 2015 ජනවාරි 08 සිටම අපි හාමතේ
ඔබලාව ගෙදර යවනකන් අපට ඉවසීමක් නැත.
2015 ඉඳලා ඉවසපු විදියට ඉවසලා හිටියානම් අර මාස තූනකට විතර ඉස්සර ඇනගත්ත රජ ඇනගැනීමට මුහුණ දෙන්න වෙන්නෙ නෑනේ. බොරු ටෝක්ස් නැතූව හිටියොත් වඩා හොඳයි...
මහජනතාව තමයි ඔය වචනය කියන්නේ. හොරු ටික තවම එළියේ. එක්කෙනෙක්වත් ඇල්ලුවේ නැහැ. මැරෙනකම්ම බෝඩ් උස්සන් ලංකාව වටේම පා ගමන තමයි.
ඇතිද අහගත්තා කරුණාකර අර මර්වින් සිල්වා ඉන්නවා වගේ ,ඔය හම්බකරගත් ඒවගෙන් කලාබිලා පැත්තකට වෙලා ඉන්න . අපිව නැවතත් කන්න එන්න හදන්නේ නැතුව
ඔන්න බමුනට පින් අඩියක් ගහලා පින් බත් පැකට් එකක් කන්න අවස්තාවක් . අනේ. කොලඹ රටේ කබරෙ එහෙම දාන්න එපා හොදේ.
බලයේ ඉඳගෙන පවුල් පිටින් හොරාකාපුවා ඉවරවෙලා අයිමත් බලයට ඇවිත් හොරාකනකම් ඉවසන්න අමාරු වෙලා .
හාරකෝටිය නාට්යේ ඩිංගට කියන්නේ කපටි කොටානේ මට එක මතක් වුණා. මට කියන්න දෙයක් නැහැ අදහස් දක්වා ඇති සියලු දෙනාම නියමෙට කියල තියෙනවනේ. ද සිල්වා ගේ කොමෙන්ට් එක තමයි අනිවාර්යෙන්ම විය යුත්තේ. ඉඟුරු දීල මිරිස් ගන්න තරම් අපි මෝඩ නැත, පක්ෂ පාට කුමක් වුනත් ලබන පාර ඡන්දෙදි අපට බොරු පොරොන්දු දීපු , කටහැකර වාචාල පරණ දේශපාලකයන්ට මනාපය දීමෙන් වළකිමු ,
'ඉවසුවා ඇති' මේක රනිල්ගෙන් කොපිකරගත් එකක් නේද?
පක්ෂේ පාට කුමක් වුනත් , ප්‍රසිද්ධ නම් ඇති දශක 2-3 ඇමතිකම් දරපු දුෂිත ,හොර මැරකම් කරන දේශපාලකයන්ට මනාපේ නොගහ ඉමු , අර එස් බීට කළා වගේ , පක්ෂ නායකයෝ පස්සදොරින් ඔවුන් පාර්ලිමේන්තුවට ගනීවි නමුත් ඔවුන්ට ගන්න පුළුවන් සීමිත ප්‍රමාණයක් , මොන ආණ්ඩුව හැදුවත් මේ හොරුන්ගෙන් භාගයක් නිතරම පක්ෂේ මාරුකරලා හරි ආණ්ඩුවේ ඉන්නවා , පරණ පුරුදු හොරකම් නැවතත් කරගෙන යනවා , විපක්ෂේ ඉන්න හොරුත් යටින් උදවු කරනවා , ඔවුන්ටත් මොනවා හරි ලැබෙනවා , බොරුවට මාධ්‍ය මගින් සහ පාර්ලිමේන්තුවේදී රණ්ඩු වෙනවා, අපේ බදු මුදල් කාබාසිනියා කරනවා , නමුත් හවසට් එකට එකතුවෙලා කනවා බොනවා ,