(ඩයනා උදයංගනී)
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන්නේ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගතහොත් පමණක් බවත්, එසේ නොමැතිව කිසිවෙකුත් තනි තනියෙන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
කෙනෙහිලිකම් කරමින් නොසිට ආණ්ඩුවෙන් එළියට එන්නැයි සමහරුන් තම කණ්ඩායමට අභියෝග කරන බව කී රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රීලනිප කණ්ඩායමක් ආණ්ඩුවේ සිටීම නිසා රටට හිතකර තීන්දු කිහිපයක් ගැනීමට හැකි වූ බව කියයි.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිට ශ්‍රී.ල.නි.ප මූලස්ථානයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පැවසුවේ වත්මන් රජය 2020 දක්වාම ගෙනයන බවයි.
පක්‍ෂ දෙකක් එකමුතුව ගෙන යන වත්මන් ආණ්ඩුවේ නායකයා වන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද ආණ්ඩුව 2020 දක්වා ගෙන යන බව ඉතා පැහැදිලිව කියා තිබෙන්නේ යැයි ද අමුණුගම මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
99 අවුරුදු බද්දට රටෙන් 90% වත් දීගන්න පුළුවන් වේවි 2020 වෙනකම් යහපාලනය රැකගන්න පුළුවන් වුණොත් හරි.
සරත් වැනි උගතුන් පමණක් ආණ්ඩුවේ තබාගෙන අනික් නුගත් හොරු ටික එළවා දැමීමට ක්‍රමයක් නැද්ද ?
මේ හවුල් දීගෙන් රටට හිතකර තීන්දු ගත්ත කියන්නේ,රටේ සම්පත් විකුණගෙන කන එකටද?ඔය බැටළු හම දැන්වත් ගලවල විසි කලොත් ඉදරි දේශපාලන අනාගතය ගැන අබමල් රේණුවක තරමේ හෝ විශ්වාශයක් තිබිය හැකි.නැතිනම් මෙයාල සදාකාලික දේශපාලන අනාථයින්ගේ ගොඩට වැටෙන එක වලක්වන්න බැහැ..