(විනීතා එම් ගමගේ)
ලෙඩ නිවාඩු දැමීමේ ව්‍යාපාරය සාර්ථකව අවසන් කළ බවත් තම ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලද හොත් දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැතිර යන දැවැන්ත අරගලයකට සුදානම් වන බවත් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති. පරිපූරක වෛද්‍ය නිලධාරින් නොමැතිව හෙදියන් 1000 ක් කොළඹට කැඳවන්නැයි තම සංගමයේ වර්ජනය අසාර්ථක බව කියන සමන් රත්නප‍්‍රිය මහතා ට අභියෝග කරන බව ද ආනන්ද හිමියෝ කියති.
“මෛත‍්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමතිවෙලා ඉන්න කාලෙ අපි ප‍්‍රජා සෞඛ්‍ය නිලධාරි තනතුර ඇති කරන්න කියල ඉල්ලූවා. එතුමා කිව්වේ ඉතා හොඳ යෝජනාවක්. අපි හම්බන්තොට පොලොන්නරුව දිස්ති‍්‍රික් දෙකේ මුලින් පටන් ගමු කියලයි“
‘‘අද මේ වන තුරු ඒක පටන් ගත්තේ නැහැ.රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය හොඳ වෙද්දි රෝහල් අඩුවෙන්න පුළුවන්. එතකොට ප‍්‍රජා සෞඛ්‍ය සේවාව ඉතා වටිනා දෙයක් බවට පත් විය හැකියි. ඒක හොඳ අත්දැකීමක් වේවි.රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ඇමති වු පසු කළ සාකච්ඡා එකක්වත් සාර්ථක වුණේ නැහැ.“ යැයි ඒ හිමියෝ ප්‍රකාශ කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිවුරට මුවාවෙලා ශාසනය කෙලසන තවත් පිස්සු හයන්නෙක්.
ඔබවහන්සේම කිව්වේ වැඩවර්ජනය සාර්ථකයි කියා. අපේ නැන්දම්මත් හෙදි සොහොයුරියක් .ඇය කියන්නේ ඔබවහන්සේ සභාපතිකමේ ඉන්නකම් හෙදියන්ගේ ප්‍රශ්න විසදන්න බැහැකියා.
මේ කියන්නේ මම මුල්වී මුළු රටේම ලෙඩුන්ව මරා දමනවා කියන එකනේ? මරු විප්ලවවාදියාගේ තර්ජනය .. ඔය වුර්තීය සමිතියට ගිහියෙක් සොයාගන්නම බැරිද? මෙවන් අයට කොහොමද බික්ෂු කියලා කියන්නේ?
එතකොට හාමුදුරුවනේ ලෙඩ නිවාඩු දැමීමේ ඇත්තට ලෙඩක් නැතිව බොරුවටද?
ඊට ඉහල කට්ටිය අපිව ප්‍රාණ ඇපයට අරන් ලෙඩ්ඩු මරණ එක දිගටම කෙරෙන අතරේ මේ ගොල්ලත් ලෙඩ්ඩු මරන්න මොකුත් දායකත්වයක් නොදුන්නොත් අඩුවක් කියල හිතෙන්න ඇති.
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා පැතිර යන දැවැන්ත අරගලයකට සුදානම් වෙනවට වඩා සසර කෙටි කර ගැනීමේ අරගලයකට යොමු උනොත් නරකද හාමුදුරුවනේ?
හාමුදුරු නමක් වෙලත් අසරණ ලෙඩුන් ගේ දුක තේරෙන්නේ නැද්ද?
ඉල්ලීම් මොනවද? අටපිරිකරට තව සුඛෝපභෝගී කාර් එකක්ද? ලැබිච්ච වැන් එක මදිද?
දෙන දෙයක් වලදල වෙනදෙයක් බලාගෙන හිටියොත් නරකද අපේ හාමුදුරුවනේ.
මේ වගේ අය ශාසනයෙන් අයින් කරන්න ඕන
අපේ ඉවසීමේ සීමාවත් දැන් පැනලයි තියෙන්නේ. අපිත් අරගලයට සුදානම්.
එතකොට නිවන් යන්න පුලුවන්ද අපේ හාමුදුරුවනේ ?