එක් රජයේ නිලධාරියකුට හෝ කොන්ද පණ ඇති බව පෙන්වමින් සේවයෙන් ඉවත්වූ වදුරඹ පොලිස් ස්ථානාධිපතිවරයා සියලු රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් සැපයූ බව හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනවාරි 09 දිනෙන් පසු මෙරට පොලීසියේ ස්වාධීනත්වය ස්ථපාපිත කිරීමෙන් පසු ඉල්ලා අස්වූ ස්ථානාධිපතිවරයා සියළු වරප්‍රසාද සහිතව යළි එම සේවයේ පිහිටුවන බවයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසන්නේ ස්ථානාධිපතිවරයා යළි සේවයට වාර්තා නොකරන්නේ නම් සේවය හැරගියා සේ සළකන බවයි. ඔහුගේ ඉල්ලා අස්වීම පොලිස් ආඥා පනතේ 83 වගන්තිය යටතේ වරදක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
දේශපාලන ඇඟිලිගැසීම් හේතුවෙන් රාජකාරී කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බැවින් සේවයෙන් ඉල්ලා අස් වන බව වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්. කීර්ති සිංහ මහතා සඳුදා සවස කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල මහත්තයෝ, අපි ලංකා පොළොවේ පයගහලයි ජීවත්වෙන්නේ (නි)
ලංකාවේ මිනිස්සු හරිම බොළඳයි .ඒ වගේම දෙයක් විශ්ලේෂණය කරන්න දන්නෙත් නැහැ. මම මෙදා සැරේ ඡන්දෙ දෙන්නේ මෛත්‍රීට.ගිය සැරේ කාටවත් දුන්නේ නැහැ. ඒ පොලිස් නිළධාරියා කළ දේ හරිද කියලා මට කියන්න අමාරුයි එතන තත්වය නොදැන. අඩුම තරමේ එහෙම බලපෑමක් වුණාද කියන්නවත් අපි දන්නෙ නැහැ. මොකද දැන් මිනිස්සු විශ්වාස කරන්න අමාරුයි. (නි)
9 වෙනිදා මේ හැමදේම වෙනස් වේවි (නි)
කණගාටුයි පොලීස් මාධ්‍ය ප්‍රකාෂවරයාගේ හැසිරීම. රජයට කඩේ යන්නෙක නවත්තලා කරුණාකරලා ඔබගේ ආත්ම ගෞරවය රැකගැන, වඳුරඹ ඕ අයි සී වරයාව ආදර්ශයක් බවට ගන්න. (නදී)
89 වගේ කාලවලදී ඉල්ලා අස්වෙන්න ගිය අයට සිදුවුණ දේවලුත් අපිට මතකයි (නි)
මේ අත්මයෙම් විපාක දෙන පින්කමක්. තව සති 2න් විපාක දෙනවා. වැඩි වැඩියෙන් හම්බ වෙනවා. මේවට තමයි කියන්නේ ගණනය කරන ලද අවදානම් වැඩ කියලා. ඔහොම යන්. ඔහොම යන්. (නදී)
නිල ඇඳුමෙහි ගරුත්වය ආරක්ෂාකළ ඔබවැනි නිලධරයින් ශ්‍රී ලංකාවට වාසනාවක්! (නි)
ස්ථානාධිපතිතුමාට යම් දෙයක් ගැන නම් ලොකු විශ්වාසයක් තියෙනවා වගෙයි (නි)
අනේ මන්දා ධුරය අතහැර ගියා සේ සලකන්නේ පාලන රෙගුලාසි හරිහැටි නොදන්නා නිසාද ? (නදී)
බණ්ඩාර මහත්තයෝ ලංකාවේ මිනිස්සු බොලදත් නැහැ,මෝඩත් නැහැ. ඒ වගේම මෙවැනි බොලද කතා කියන ඔබ තුමා ගැනත් අපිට විශ්වාසයක් නැහැ. මේවා ලියන ඔබ තුමා ගැනත් අපිට යම් කිසි අවබෝධයක් නම් තියෙනවා. (නදී)
පොලිස් නිලධාරියෙකුට අද කාලේ නිදහසේ රාජකාරිය කරන්න පුලුවන්ද? (නි)
ඔව් දැන් එයාට නඩු දමයි නැත්නම් අර කියනවා වගේ ෆයිල් එකෙක් එලියට ගනීද දන්නේ නැහැනේ (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවේ පුද්ගලයින් බේරගන්න කියන ප්‍රකාශණ වලින් පොලිස් දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක් වෙනවා (නදී)
ඔබට මගේ ප්‍රණාමය! ඉල්ලා අස් උවහොත් රැකියාවක් නැතිව ජීවත් වෙන්න බැරි කම නිසා ඉල්ලා අස් නොවී ඉන්න අනික් අයට මගේ අනුකම්පාව! (නදී)
මෙයාට මෛත්‍රීපාලගේ ආණ්ඩුවෙන් රස්සාවක් ෂුවර් (නදී)
අර කටුනායක සිද්දියේදී වගකීම බාරගෙන පොලෝසියේ ලොකුමහතෙක් ඉල්ලා අස්වුණා. පස්සේ බලනකොට එයා තානාපති කෙනෙක් .දැන් ආයේ පොලෝසිය පැත්තේ ඉන්නවාලු ? එහෙම සුරයෙක් නොවේවා (නදී)
ආදර්ශ වෙන එක හරි. දැන් කොහොමද ජීවත්වෙන්නේ? ඉවසන්න බැරිම තැන දරදඬු තීරණ ගන්න සිදුවෙනවා. (නි)
අගයකල යුතු නිලධාරියෙක්. රටක බලය අයුතු ලෙස යොදාගැනීමට බොහෝවිට නුගත් සහ නුසුදුසු පෞර්ෂත්වයෙන් අඩු පුද්ගලයන්ව රාජ්‍ය ආයතන සඳහා පත්කරගනී. මන්ද රටේ නායකයන්ට බලය අයුතු ලෙස පාවිච්චි කිරීමට ඔවුන් යොදා ගතහැකි නිසාය. මෙවැනි කරුණු නිසා සිදුවන්නේ රටේ උගතුන් රට අතහැර යාමයි. කොසොල් රජුගේ සතර වන සිහිනය නියම නිදසුනකි. (නදී)
කීර්තිසිංහ ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරියෙකි. කොන්ද පන ඇති ඔහුට මගේ ආචාරය (නදී)
කීර්තිසිංහ මහතාණෙනි මෙන්න අපගේ උත්තමාචාරය! දේශ පාලනය පොලිසියට ඇඟිලි ගසනවානම් යුක්තිය සාධාරණය කෙසේ ඉටු වෙයිද? (නදී)
මෙවන් පොලිස් නිලධාරීන්ට අපේ ප්‍රණාමය (නදී)
පරිපාලන ඇමති වෙලා හිටියට තවම ස්ථාපිත ඛේතය කියවල නැහැ වගේ මෙතුමා (නදී)
දැන් පරීක්ෂණ ස්ථානාධිපතිට එරෙහිවද? (නි)
තම රාජකාරි ඉටුකිරීමට ප්‍රතිඥා දී ඇති රජයේ සේවකයින් අපකීර්තියට පත්වන්නේ අපේ මහජන නියෝජිතයන්ගේ අනිසි බලපෑම් නිසාය (නි)
ආ වජිර ඔයා ඉන්නවද ? අපි 'කොටි" හොයා හොයා හිටියා මිසක් ඔයාව අපිටත් අමතක වුනා. (නදී)
ආපහු රස්සාවක් හම්බවෙන කම් ජීවත්වෙන්න ක්‍රමයකුත් ඒ මනුස්සයාට හොයල දුන්නොත් නරකද, මොකද බිරිදට ලමයින්ට ඔය ප්‍රසංසා කන්න බොන්න අදින්න බෑ නේ. සුදුසුකම් වලට හරියන රැකියාවල් හොයාගන්න පුළුවන් කමක් තියෙනව නම් ගොඩක් රාජ්‍ය සේවකයෝ ඉල්ලා අස්වෙයි. බලය ලැබුනම කොයි එකත් එකයි. තමන්ගේ කුණු ඔක්කොම බැහැර කරන්නේ රාජ්‍ය ආයතන වලට. (නදී)
රාජ්‍ය සේවයේ අවංක සියලුම නිලධාරි මහත්ම මහත්මීන්ට ආදර්ශයක්. ගෞරවාන්විත හෘදසාක්ෂියට එකඟව කටයුතුකළ කීර්තිසිංහ මහත්මාට අප ආචාර කරමු. ගරු මෛත්‍රීපාල මැතිතුමනි, ස්වාධීන පොලිස් කොමිසමට ආරම්භයක් මේ කාරණය. ඔබතුමන් හා සියලු රටවැසියන් දිනේවා (නදී)
තව කීයක් 8 වෙනිදා වෙනකොට ඉල්ලා අස්වෙයිද දන්නේ නැහැ. (නි)
කොන්ද පණ තියාගෙන වැඩ කරන්න තිබුනනේ? එහෙම එක එක්කෙනාට බයවෙන්නේ මොකටද? (නි)
ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්. ලොකු ආදර්ශයක්. මම ඒ නිලධාරියා වුනානම් ඉල්ලා අස් වෙන්න කලින් ඔය පොලිසියේ ඉන්න හොරුන්ට සැලියුට් ගහන, ජරාව කන, දේශපාලයන්ට කඩේයන ලොකු පොලිස් කාරයෝ කීප දෙනෙක් මරාගෙන මමත් මැරෙනවා.(නදී)
බන්දුල/කිර්ති මහත්තයෝ ඔහේලා ලංකාවේ ජීවත් වෙන කෙනෙක් නොවෙයි වගේ. (නදී)
බණ්ඩාර, ඔයා කියන දේ හරි. දැන් කාලේ මිනිස්සු විශ්වාස කරන්න බැහැ තමා. ඔයා මේ සැරේ හොඳයි කියන කෙනා කොහොමටත් විස්වාස කරන්න බැරි කෙනෙක් බව මතක තියාගන්න. (නදී)
එතකොට පොලිස් ස්ථානාධිපතිතුමාට තම රාජකාරිය ස්වාධීනව කරගෙනයාමට ඉඩනොදී දේශපාලනඥයින්ට පන්දම් ඇල්ලූ, හරහට පටි දැමූ තරු ඔටුනු පැළඳගෙන ඉන්න උසස් යැයි කියාගන්නා පොලිසියේ ගරුත්වය වෙනුවෙන් සහ මෙම යුක්තිගරුක පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනීනොසිටි එම නිලධාරීන්ට විරුද්ධව ගන්නා විනයානුකූල ක්‍රියාමාර්ගයන් මොනවාද? (නි)
ඉතාම හොඳ නිළධාරියෙක් බව ප්‍රත්‍යක්ෂයි.නමුත් අර කිව්වා වගේ ප්‍රශංසා වැඩක් නැහැ. එතුමාට රැකියාවක් හොයලා දෙන්න ඕනෑ, තම සුදුසුකමට හා අත්දැකීම් වලට ගැළපෙන. කණගාටුව එතුමා ගත්තේ වැරදි කාලෙක වැරදි තීරණයක්. රැකියාව ආයෙත් නොලැබෙන්න ඉඩ තිබෙනවා (නි)
කනිෂ්ක මොකද මේ ඔයාගේ හදවත ඔය තරමට උණු වෙලා ? එතුමා රැකියාවක් හොයා ගනියි. ඔබතුමා ඒ ගැන කරදර වෙන්න එපා. (නදී)
මම ඔබ තුමාට ආචාර කරනවා (නදී)
මම හීනේන් වගේ දැක්කා මතකයි එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක ධුරයට තෙලඟු චිත්‍රපට වලත් ඉඳහිට රඟපාන ශ්‍රී ලංකික නිලියක් පත් කලයි කියලා. වජිර මහත්තය දැන් ගාල්ලේ නැද්ද? (නදී)
කීර්තිසිංහ, ශ්‍රේෂ්ඨ පොලිස් නිලධාරියෙකි. ඔබට මගේ උත්තමාචාරය ඔබ ලක්මවට ආඩම්බරයක් (නදී)
මොන රජයක් යටතේ උනත් මේ නිලධාරියාට එෆ්.ආර් යටතේ රැකියාව අනිවාර්යයි. (නදී)
ඉතාමත් බුද්ධිමත් තීරණයක්. තැනට ඔබින නුවන. (නදී)