‘‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රීති හැම එකකින්ම වෙලා තියෙන්නේ බෞද්ධයින්ගේ අයිතිවාසිකම් සීමා කීරිමක් පමණයි.මේ අන්තවාදී මූලධර්මවාදී අන්‍යාගමී කරණය වහා නවත්තන්න. ඒ සදහා වහා නීති පනවන්න‘‘ යැයි බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (25)කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදි කීහ.
සෑම බෞද්ධාගමික මධ්‍යස්ථානයකම බෞද්ධ ආරක්ෂණ කමිටු පිහිටුවන බවත්, උපාසක අම්මලාට ඉලපත අතට ගන්න කියන බවත්, විවිධාකාර කටයුතු වලට ගම්මාන වලට පැමිණෙන සැකකටයුතු පුද්ගලයින් ගැන සොයා බලන ලෙස ඔවුනට කියන බවත් ඒ හිමියෝ කීහ.
‘‘මෙම කමිටු මගින් කරන්නේ යුද්ධය කාලයේ සිවිල් ආරක්ෂක කමිටු මගින් සිදුකළ සේවාවට සමාන සේවාවක්‘‘.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදෙෂ්ට මේ කියන්නේ. රට බේරගන්න දැන් කෑගහන ඔයාල වගේ නිවට මිනිස්සු යුද්දේ තියෙන කාලේ ඇද යට ද හැංගිලා හිටියේ ? නිකම් බොරු චන්ඩි වෙන්න හදන්න එපා. රට බේරගන්න ඕනේ මිනිස්සු ඒ කාලෙම හමුදාවට බැදිලා ඒක කලා. දැන් ඒ මිනිස්සු බේරා ගතිපු රට කාල දාන්නේ නැතිව ඉන්න.(නදී)
බුදු දහම රැකීමට යුධ වැදීමට අවශ්‍ය නම් අප එයටත් සූදානම්. දුටුගැමුණු රජතුමාගේ සිට සියළු හෙළ රජදරුවන්ගේ ආදර්ශය එයයි. සමහරු හාමුදුරුවන්ට ධර්මය කියලා දෙන්ඩ හදනවා දැක්කම තේරෙනවා ඒ අය බෞද්ධ නොවේ කියලා.(නදී)
එරංග සියලුම දෙවිවරු ආරක්ෂා කරන්න ඔබ දන්නා හැටියට දෙවිවරු කීදෙනෙක් ඉන්නවද? (නි)
අනේ ඉතින් මේ හාමුදුරුවරු ටික නැත්තම් රටට යන කලදසාව හිතා ගන්න පුළුවන් . ඉදිරිය හිතන්න මිනිසුනේ. (ත)
බොදුනුවන් වෙනත් ආගම්වලට හරවන්ට එපා කියල පනත් සම්මත කළාට තේරුමක් නෑ.ඉදල් කොහු කතා ප්‍රායෝගික නෑ. පුළුවන් තරම් ඒ අයගේ දුප්පත්කම නැතිකරන්න යමක් තියන පන්සල් බොදු සංවිදාන එකතුවී ඒ අයට උදව් උපකාර කරමු. (ත)
ඔය කියන අයගේ කෙරුවාවල් අපි නොදන්නවනේ (ත)
මුලින්ම කරන්න තියෙන්නේ බෞධයන්ට තමන්ගේ ආගමේ තියන වැදගත්කම පෙන්නලා දෙන එක.පන්සලට ලං කරන එක. ඉලපත් ඕන වෙන එකක් නැහැ.මේ දේ හරියට කලොත්. (ත)
අනතුරක් කොට උසාවියෙන් දඩ කෑ දිනත් ඉලපත අත්ට ගත්තද ?(නදී)
ලගදීම උපාසක අම්මලා ටික ඉලපත අතට ගනීවිද දන්නෙ නැහැ සංවිධානෙටම විරුද්ධව? (නි)
අශෝක, අභියෝග කරනවා කොන්ද පණ තියෙන්නේ සිංහලයන්ට කියලා. ඒක නිසා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න (නි)
නමුත් බීලා ,ලයිසන් නැතුව කාර් එලවන හාමුදුරුවන්ටත් ඒකම කරන්න ඕනෑ. (නි)
තමන්ගේ ආගම හෝ ධර්මය හරියට දන්න කෙනෙක් බෙල්ල කැපුවත් වෙනත් ආගමකට යන්නේ නැහැ. අන්‍යාගමිකයෝ බෞද්ධයින්ව ඒ ආගම් වලට බලෙන් හරවා ගන්න විදියක් නැහැ. බෞද්ධයෝ කියන්නේ අත දරුවෝ නෙමෙයි නේ. අපි පොඩි දරුවෙක්ට වුනත් කියන්නේ අඳුරන්නේ නැති අය එක්ක යන්න එපා, ඒ අය දෙන දේවල් ගන්න එපා කියලා මිසක් අදුරන්නේ නැති මිනිස්සුන්ට බනින්නේ නැහැ නේ. අන්න ඒ හින්දා බෞද්ධයින්ට නියම ලෙස බුදු දහම කියා දෙන්න. නොදන්නා ආගම් වලට යන්න එපා කියන්න. බෞද්ධයින්ට ඉලපත අතට ගන්න නෙමෙයි සැබෑ බුදු දහම හිතට ගන්න කියන්න. (නි)
නියම බෞද්ධයෝ ඔහොමයි කියලා මම නම් හිතන්නෙ නැහැ (නි)
ඒ ගන්න ඉලපතින් ඉස්සෙල්ලම කරන්න ඕන දේ දන්නවනේ. කාටද ගහන්න ඕනේ කියලා.(නදී)
රට ජාතිය ආගම බේරාගන්න අපි සුදානම්.(නදී)
අවසර, මන් මේ අහන්නම කියලා හිටියේ, මිනී මරලා අමතක වුන අය ගැන, හාමුදුරුවෝ මරලා දැන් ලොකු තැන්වලට හේත්තුවෙලා උපදේශකයෝ වෙලා ඉන්න අය ගැන, මදුරු කොයිල් සමාගම් වලට යටවෙලා ඩෙංගු මර්ධනය නොකර ඉන්න අය ගැන, ගුරුවරයෝ දැන ගස්සවන අය ගැන, යකඩ හොරකම් කරලා වරෙන්තු වෙලා මාලිගාවල දන්කුඩ ගිලින අය ගැන, රණ විරුවොන්ට ගහල ධාතු වන්දනාවේ ආපු අය ගැන, රටේ දැරියෝ දුෂණය කරන සභාපති වරු ගැන, සල්ලි පිල්ලි ගහලා පැජරෝ වල ඉගිලෙන ලොක්කෝ ගැන, නීතියක් කියල එකක් නැතුව වනචාරියෝ වගේ හැසිරෙන පොඩි කවුන්සිලේ ලොක්කෝ රකින අයට විරුද්ද්තාවයට ඉලපත අතට ගන්න කියල කියවෙන්නේ නැද්ද අපේ හාමුදුරුවනේ. මොකෝ ඒවා නොදැක්ක වගේ ඉන්නේ. පිරිකරක්වත් ලැබුනද එයාලගෙන් ඒවා නොදැක්ක වගේ ඉන්න කියලා.(නදී)
ගලගොඩ සාදු හොද බෞද්ධයෝ. මොනවා කිව්වත් තමන්ගේ ආගම අත අරින්නේ නැහැ. ඔබ වහන්සේ නිකන් රටේ ප්‍රශ්න ඇති නොකර පුළුවන් නම් බඩිගිනි උන්ට කන්න දෙන්න. කෝච්චියට හැමදාම හැප්පිලා මැරෙන මිනිස්සු අඩු කරන්න ගේට්ටු හදලා දෙන්න. නිකන් ලෝකෙට පේන්න චන්ඩියෙක් වෙන්න හදන්න එපා. මේ බුදු දහමේ වැඩ නෙමෙයි ඔබ කරන්නේ.(නදී)
මේනක හරි. අනිත් ආගම් වලට සියලු දේම ආණ්ඩුවෙන් දෙනවා. බෞද්ධයාට විතරයි කිසි දෙයක් නැත්තේ. බුද්ධ ශාසන ඇමති වැඩ කරන්නෙත් බුද්ධාගමට විරුද්ධව නම් අපි අපිම හරි බුද්ධාගම රැක ගත යුතු වෙනවා.(නදී)
හාමුදුරුවන්ට සිවුර දාලා ගෙදර යන්න කියන ඔබ ඉන්පසු සසුන රැක ගැනීමට මහන වෙනවාද? නැත්නම් ඔබේ පවුලේ සාමාජිකයෙකු මහන කරනවාද? නිකන් අත තිබුන පලියට අකුරු ඔබන්න එපා, ඔබ විසින් කරන කටයුතුද ඉදිරිපත් කරන්න. (නි)
සූකිරි ටයි මේ පැහැදිලි පිළිතුර. යුදෙව්වෙක් වෙන්න එක්කෝ අම්මා යුදෙව් විය යුතුයි. නැතිනම් ඔවුන්ගේ භාෂාව (හිබ්රු )ඉගෙනගෙන ඒ හරහා යුදෙව් ආගමේ විභාගය සමත් විය යුතුය. අනික මුස්ලිම් මිනිසුන් මෙන් කිරි පැකට් ,රට ඉදි පැකට් දීල ආගමට ගන්න හදන ජාතියක් නෙමේ යුදෙව්වන්.(නදී)
අවසර හමුදුරුවනේ , ඔබ වහන්සේලා ඔය කටයුතු කරන ගමන් අපේ ගම් වල ඉන්න නැති බැරී මිනිසුන්ට අත දීලා ඒ මිනිසුන්ගේ නැති බැරිකම් වලට පිළියමකුත් හොයමු. අනික පොල්ල අතට ගන්න ඕනෑ වෙලාවට ගන්නම වෙනවා. එදා නාලන්දාවේ රහතන් වහන්සේලා කපලා කොටලා මරනකොට රහතන් වහන්සේලා එක පනහක් හැටක්වත් අතට පොලු කෑල්ලක් අරන් වැඩේට බැස්සා නම් නාලන්දාව තාමත් බෞද්ධයින්ගේ නේද ? ඔහොම යමු හාමුදුරුවනේ. ධම්මෝ බවේ රක්ඛති ධම්මචාරී... සාදු ! සාදු ! සාදු ! (නි)
නැති බැරි පවුල් වලට නැගිටීමට අතදීම තුලින් ඔවුන් ආගමට දහමට ලංකරගනු විනා ඉලපතෙන් මේවා විසඳිය නොහැක. මේවාට උඩගෙඩි දෙන අය නැවත ආගම් ජාතිවාද කලබල ඇතිවූ විට ඒවාටද වග කිව යුතුය. (නි)
අනේ ඉතින් මේ ඉලපත් ඕන හාමුදුරුවරු ටික නැත්තම්. ඔබලාට බැහැ බුද්ද ධර්මය මිනුස්සුන්ට දෙන්න.(නදී)
මහා රහතුන් වැඩි මග ඔස්සේ කියවන්න.හේතු පල දහම අනුව සිතන්න.ශ්‍රද්ධාව දියුණු කරගන්න.සියලු උවැසියෝ දහමටම යොමු කරන්න .අන්තගාමී නොවන්න . (නි)
අපිට නිවන් යන්න ඕන නැහැ. අපිට ඕනා රට බේරා ගන්න හොදින් හරි නරකින් හරි අපි ඒක කරන්න ඕනා.(නදී)
හාමුදුරුවනේ ඔබ වහන්සේලා අන්තවාදීව කටයුතු කරන්ඩ එපා. මම 61 හැවිරිදි බෞද්ධයෙක්මි. ඔබ වහන්සේලාගෙන් විය යුතේ නිවනට මග පෙන්වීමයි. එහෙත් සමාජයට සේවයක් හැටියට සිංහල බෞදයින්ගේ ආර්ථික තත්වය ඊට ඉහල මට්ටමකට ගෙන් ඒමට සංවින්දානයක් බිහි කරන්ඩ. හැබැයි දැන් විවිද සංවිධාන බිහි වී ඇති ආකරය හොඳ මදි බව මගේ අදහසයි. අන්තවාදී නොවමු.(නදී)
ඔබ වහන්සේලාගේ බෙන්ස් කාර් විකුණලා , මහා විහාර වල පොදි ගහලා ඉතුරු කරන් ඉන්න සල්ලි වලින් හිගන්නෝ වගේ ඉන්න මිනිස්සුන්ට උදව් කලොත් මීට වඩා හොදයි නේද?(නදී)
අනේ බුදු හාමුදුරුවනේ, නැවත ලංකාවට වඩිනු මැනවි! (නි)
අනේ මේ පහන්, ඔහේ අපිට උදවු ගැන කියන්න එන්න එපා (නි)
සියලු සත්වයෝ නිදුක් වෙත්වා........ දුකීන් මිදෙත්වා...! (නි)
ලොවෙන් උතුම් දහමක් ඇසුරු කරන සමහර බෞද්ධයන් මෙතරම්ම හීනමානයක් ඇතිකර ගෙන සිටීමත් මවිතයට කරුණක් .මෙයින් පිලිබිබු වන්නේ ත්‍රිවිධ් රත්නයම ඇසුරු කල යුතු ඔබලා, බුද්ධ, ධර්ම යන දෙකෙන්ම දැනටමත් ඇත් වී ඇති බව නොවේද ? සිල්වත් සංඝයා ද ඇසුරු නොකරන බව පැහැදිලියි .බුදුන්ගේ උතුම් දහම නැසීමට මෙලොව ඇති කිසිම බලවේගයකට කල නොහැකි බව අවබෝධ කර ගන්න .තමන් වපුරන දෙයම ,ආපසු නෙලා ගැනීමට සිදුවන බවත් තේරුම් ගන්න .නමුත් ,අන්තවාදයේ කෙලවර ඇත්තේ ත්‍රස්තවාදය බව සිහි තබා ගන්න . (අ)
උපාසක අම්මලට ඉලපත ගන්න කියන්න කලින් ,සංඝයා වහන්සේලා කරන අකටයුතු,නොපනත්කම්,අසංවරකම් ගැන විනය පිටකය අනුව තම ගෝල බාල සංඝයා වහන්සේලා හදාගැනීම යුතුකමක්.දිනපතා පලවෙන ආරංචි නිසා දුස්ශීල හාමුදුරුවරුන්ට දඬුවම් කිරීමට අදිකරණ සංඝනායකවරුන් වහා පියවර ගතයුතු වේ.පළමුව ශාශනය,දෙවනුව සමාජය.තුන්වෙනුව දේශපාලනය. (නි)
හාමුදුරුවනේ, බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා.ඔය ගමන යන්න.කඩුවක් මුගුරක් ඕනෑ තැන ඒවා ගත යුතුයි.අනුන්ව තලන්න නෙමෙයි.තමන්ව තලන්න එන එකාගෙන් රැකෙන්න. (නි)
මට බලය තිබුණා නම් පළමුව කරන්නේ ලංකාවේ ධර්ම සංගායනාවක් කරන එක. ඉන් පසුව දුශ්ශීල මහණුන්ව පන්සල් වලින් පන්නලා දානවා. චන්දෙන් පැරදුනත් කමක් නැහැ. ශාසනේට යමක් කළාය කියලා හිතාගන මැරෙන්න පුළුවන්. (නි)
කොහොමින් හරි සිංහලයා කියන අය රටෙන් අතුගෑවිලා යන තැනට වැඩ සිද්ධ වෙලා ඉවරයි.සිංහල බොදු ජනතාවගේ චන්දෙන් බලයට ආව කවුරුත් කලේ සිංහලයා ගොනාට අන්දලා තමුන්ගේ බලය රැකගත් එකයි.අද හැම අතින්ම දුක්විදින්නේ අසාදාරනකම් වෙන්නේ සිංහලයාටමයි. (නි)
පළමුව තමා ඇතුළු කට්ටිය සත්‍යවාදී බව ක්‍රිය්වෙන් ඔප්පු කර බුදුදහම අනුව කටයුතු කරන්න. (නි)
වසර 2500 ක් යටත් විජිත සමයේ පවා ආගම රැක ගත්තේ හිතේ හයියෙන් හා භක්තියෙන් මිසක් නීති වලින් නොවේ. පැරැන්නන්ට අපහාස කරන්න හොද ද? අපේ රටට තෙරුවන් සරණයි. (නි)
හමුදුරුවනි, මට සැකයක් මතුවෙනවා ඔබ වහන්සේලා මොන අගමේද කියලා. රට ආගම ජාතිය එක් සේසත් කල යුතු අවදියක මෙවන් මිනිස් සිත් කිළුටු නොකර සිවුර ඉවත් කර ගෙදර යන්න. නැතිනම් මේ බවයේම ඔබ වහන්සේට මේවයේ කර්ම පල විදීමට සිදුවනු අනිවාර්යයි.(නදී)
පහන් කිව වගේ අපේ අය එහෙ පාසල් යනවා."ජුස් ස්කුල් ඔෆ් ජෙරුසෙලම්" කියල මන් දන්නා අය යනවා.එකට ඇතුල් වෙන්න අමාරුයි.සල්ලිත් ගෙවලයි යන්නේ.ඔබ කිව වගේ එහෙන් කිසිම බලපෑමක් කරන්නේ නැහැ.එත් අපේ අය පුරවැසි බාවේ සදහා අමතර සුදුසුකන් සපුරාගැනීමට කරන වැඩක් මේ. (අ)
උපේක්ෂා ඔයා කියන විදිහට හිටියොත් ලංකාවේ නිවන් යවන්න එකෙක්වත් නැති වෙයි. අන්තවාදීන් බොදු උරුමය වනසන කොට අපි ඇස් පියාගෙන සුවපත් වෙත්වා කියන්නද කියන්නේ. හාමුදුරුවනේ මේ ගමන අපි යන්න ඕනෑමයි නැතිනම් ඉදිරියේදී සිංහල රටේ බොදු දහම නැත්තටම නැති වෙලා යයි.(නදී)
අපේ හාමුදරුවෝ යුද්දේ කාලේ නින්ද ගිහින්ද හිටියේ. ශා දැන්නං ප්‍රබාකරන්ලා 10 උනත් මරයි . එත් අරන්තලාවේ හාමුදුරුවෝ මරපු කරුණ පිල්ලයාන් කියල ලංකාවේ කව්රුහරි හිටියද? ඉන්නවද? ඔන්න අපේ හාමුදුරුවෝ නං ඕවට නෑ. (අ)
උපේක්ෂා, ගාමිණී... අපි ගොඩක් කල් නිහඩව හිටිය. දැං ඇති. අපි තවත් නිහඩව හිටියොත් අපේ දරුවන්ට බුද්ධං සරණං ගච්චාමි කියන්න බැරුව යයි. දැනටමත් අපේ මිනිසුන්ව බලෙන් බදවගන්න තරම් ඒ අය බය නැති වෙලා. නිවන් දකින්න බුදු දහම ඉතුරුවෙලා කියෙන්න ඕනෙ. ඒක නිසා මේ වගේ වැඩසටහන් කෙරෙන්න ඕනෙ.(අ)
වෙහෙර විහාර ඉතුරු වෙන්නේ නැහැ බෞද්දයෝ නැත්නම්. ඒවා දවසෙන් දෙකෙන් කඩා දාවි. තලේබාන් වරු වගේ. අන්‍ය ආගම් වලට හරවන්න කව්රු හරි අපේ ගෙදරට අවොත් එයාව ඇඳුම් නැතුව යවනවා. අපි යන්නෙත් නැහැ ආගම ප්‍රචාරයට.(නදී)
, ඔබලාට බැහැ බුද්ද ධර්මය මිනුස්සුන්ට දෙන්න,(අ)
අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේලා ඔය පටන් ගත්තු වැඩේ දැනටමත් පරක්කුයි.මේ අදහස් දක්වන ගොඩක් අය බුද්ධාගමේද එහෙම නැත්නම් වෙන ආගම් වලද කියන සැකයක් තියෙනවා.ඔබ වහන්සේලා යන ගමන බල්ලෝ බිරුවා කියලා නවත්තන්නේ නැතුව දිගටම යන්න.එතකොට තමයි රටත් , ජාතියත් ,ආගමත් රැකෙන්නේ. (නි)
එතකොට අපේ හාමුදුරුවරු ඇමරිකාවේ , යුරෝපයේ ක්‍රිස්තියානි රටවල් වලට වැඩලා බුදු දහම ප්‍රචාරය කරන එක ගැන අපේ හාමුදුරුවෝ මොකද කියන්නේ ? සුදු ජාතික මහත්තුරු මහත්මීන් මහණ වුනා කියල මාධ්‍යවල පවා පලවෙනවා. එකටත් හාමුදුරුවන්ට විරුද්ධව සුද්දීයන්ට ඉලපත අතට ගන්න කියනවද ? පල්ලියෙන් දුප්පතුන්ට සල්ලි දෙනවා. ඔබ වන්සේලා ළමයි 5 හදන්න කිව්වට සත 5ක් දෙන්නේ නැහැනේ. (නි)
අනේ බොදුබල හාමුදුරුවනේ, අප තිලෝගුරු බුදුරජාණන් අපට පෙන්වා දුන්නේ අපේ හතුරන්ටත් මෛත්‍රී කරන ලෙසට. මෙම ධර්මය එයට හුගක්ම වෙනස්. (නි)
මෙතන හොදටම අපි බෞද්ධ කියලා අදහස් දාන අය බෞද්ධ නෙමෙයි. තමන්ගේ අන්තවාදී වැඩවලට විරුද්ධ නිසයි මේ හාමුදුරුවරු එක්ක තරහා. එළිපිට තමන්ගේ නම් වලින් අදහස් දැම්මා නම් හරි. (නි)
මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙමෙයි. මට බණ අහන්න ඕනෑ නම් ඕනෑ තරම් හිමිවරු ඉන්නවා. මම උන්වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් හඬක්.මුස්ලිම් අය වෙනුවෙන් මුස්ලිම් මන්ත්‍රීලා ඉන්නව. ඊට අමතරව අරාබිය ඉන්නවා.එතකොට අපිට කව්ද ඉන්නෙ? අපිට කවුරුවත් නැහැ. බොදු බල සේනා නැත්තම් අපි තාමත් තම්බින්ට බැන බැන හලාල් කනවා.කූරගල තාමත් අල්ලා වඳිනවා. තව පන්සල් කිහිපයක්ම ඩෝසර් වෙලා පල්ලි හැදෙන්න ඉඩ තිබුනා.සිංහල බෞද්ධයා වෙනුවෙන් ඥාණසාර හිමි හඬ නගන තාක් කල් මම උන්වහන්සේ සමගයි.එතනින් එහාට උන් වහන්සේ අරක්කු බිව්වද වාහන එළෙව්වද කියන එක මට වැඩක් නැහැ. (නි)
නරකද එංගලන්තේ ඉන්දියාවේ පැත්තේ එහෙමත් ගිහිල්ලා ලංකාවේ දානවා වගේ සද්දයක් දැම්මා නම්? (නි)
ටිකිරි ,ඔයත් එක්ක මම 100% එකගයි (නි)
මෙතන අදහස් දල තියන අයගෙන් කී දෙනෙක් පන්සිල් රකිනවද ?? දහම් මාර්ගයේ යන මිනිසුන් සිටින තෙක් බුදුදහම රැකේවී. බුදුවදන එයයි. අපේ රටට වෙලා තියන ලොකුම විනාශය බෞද්ධයන් දහම අනුගමනය නොකිරීමයි. ධර්මය රකින්නා ධර්මයෙන්ම ආරක්ෂා කෙරේ. එහෙනම් අපි ධර්මය රැක්කොත් ඒ ධර්මයේ බලයෙන් සිංහල ජාතියත් රැකේවී. (නි)
බණ දේශණා කළාට, නිවනට මග පෙන්නුවාට පමණක් බුදු දහම රැකෙන්නේ නැහැ. එහෙම නම් ඉන්දියාවේ සහ අනෙක් රටවලත් බුදු දහම ඉතිරි වෙන්න එපායැ. ඔබ වහන්සේලාගේ ශක්තියට අපිත් ඉන්නවා.ඔය ගොඩක් විරුද්ධව කතා කරන්නේ සැබෑ බෞද්ධයෝ නොවෙයි. උදේ කෝවිලට, දවල් පල්ලියට, හවස පන්සලට යන නමට පමණක් බෞද්ධයෝ. (නි)
අපේ හාමුදුරුවනේ, මේ අපේ සිංහල බෞද්ධයා කියන්නේ රටට ජාතියට ආගමට හෙන ගැහුවත් කමක් නැති ජාතියක්. අපේ බඩට ලැබෙනවා නම් කියන කට්ටියක්. මේ මිනිස්සුන්ට වටහලා දෙන්න සිංහල ජාතියට වෙලා තියන දේ. ලෝකේ විනාශ වන ජාතීන්ගෙන් 3 වන තැන සිංහලයන්ට කියන දේ මෙයාලා දන්නෙ නැහැ. අඩුම තරමින් බොදු බල සේනා කමිටු 1 ගානෙවත් ගම්වල පිහිටවා මේ ගැන සිංහල බෞද්ධාගමිකයන්ට කියලා දෙමු. ලෝකේ හිටපු බලවත්ම පුද්ගලයෙක් වූ බිල් ක්ලිංටන් පවා බෞද්ධ වුනේ එහි වටිනාකම දන්න නිසා. (නි)
කවදාහරි භික්ෂුවට තියෙන පිළිගැනීම නැති වෙයිද දන්නෙ නැහැ.ඒක තමා මට තියෙන දුක. (නි)
බවුන් වඩා නිවන් යන්න ඕනෑ අය සර්ව ආගමික හාමුදුරුවන්ගෙන් බණ අහලා නිවන් යන්න පාර හොයා ගන්න. ඥානසාර හිමියන්ගේ වෑයම ඉදිරියට උපදින අපේ අයට බවුන් වඩා නිවන් යන්න බුදු දහම ඉතුරු කරන්න. අද ඕගොල්ලෝ හාමුදුරුවන්ටත් බණ කියන්නේ දැනටත් බුදු දහම ටික්කක් හරි ඉතුරු වෙලා තියෙන නිසා. ඒ නිසා අපි ඒක තව ඉස්සරහට ආරක්ෂා කරලා අපායේ යන්නම්. අපි ආරක්ෂා කරපු දේ පිළිපැදලා ඕගොල්ලෝ නිවන් යන්න. (නි)
ළිං මැඩියන්ට සිදුවෙන දේ ගැන අවබෝදයක් නැහැ.බෞද්ධයන් වෙනුවෙන් හඩක් නැගුවොත් ඒක අන්තවාදය.මේ අදහස් දාන අය ගැන පුදුමයක් නැහැ.මේ වගේ සිංහලයෝ කොයි කාලෙත් හිටියා. (නි)
හාමුදුරුවනේ, අන්‍ය ආගම් පැතිරෙනවා නෙමෙයි මිනිස්සු නිවැරදි දෙය පිලිගන්නවා. ඒ නිසා හාමුදුරුවරු නිවැරදි බුදු දහම දේශනා කරන්න.එතකොට මිනිස්සු වෙනත් ආගම්වලට නොගොස් ඉදීවි. (නි)
පන්සල් ඇතුලට වෙලා දානෙ වළද වළදා ඉන්නවට වඩා ඔබ වහන්සේලා මේ කරන දේට ගොඩක් පින්. අපේ ගෙවල් වලට ඇවිත් යාඥා කරන්න. ලෙඩ හොද කරන්න, පොත් බෙදන්න, සල්ලි දික් කරන්න එහෙම ආවොත් ගන්නෙ ඉලපත නෙමෙයි මන්න පිහිය. බල්ලො ටික දෙනෙක් බය වෙලා විලාප දුන්නට ගනන් ගන්න එපා.(නදී)
හැම ආගමක්ම පිට රටවලින් අපට ලැබුන දෙයක්. එක,එක කාණ්ඩ එක එක ආගම් වැළද ගත්තා.(නදී)
සිංහල බොදු ජනතාවට නායකත්වය දෙන්න සංවිධානයක් ඕනෑ. ඒක ඔය හාමුදුරුවරු කරනවා. දැන් ජනතාව අවදියෙන් ඉන්නෙ ඒවට විරුද්ධව කතා කරන්න. (නි)
අනේ කාලේ වනේ වාසේ (දී)
මිහිඳු මහා රහතන් වහන්සේ බුද්ධාගම ලංකාවට රැගෙන අපුවෙලාවේ. දේවානම් පියතිස්ස රජතුමා තමන්ගේ නොදුටු මිතුරෙක් වුන ධර්මාශෝක රජතුමගේ පුතනුවන් වුන මිහිඳු මහා රහතන් වන්සේවත් ධර්ම දුත කණ්ඩායමත් පිළිබඳව අබබෝධයෙන් පැහැදිල බොහොම හරසරින් පිලි අරගෙන රට වැසියාටත් ඒ වටිනා දහම ප්‍රචාරය කළා. ඒ බුදු දහමත් සමග වර්ග දෙදහසකට වැඩි ශිල්පීය දැනුමකුත් ලංකාවට ලැබුන කියල මන් අහල තියෙනවා. දැන් ඉන්න අන්තවදී මිනිස්සුන් එදා හිටිය නම් උන් වහන්සේලාටත් මොනවා කියාවිද කියල මන් මේ කල්පනා කලේ ? හාමුදුරුවනේ එදා සිංහලයෝ ඉන්දියාවෙන් අපු බුදු දහම වෙනුවෙන් ඇත දෙකම එකතු කරලා නළලටයි වැඳ ගත්තේ. එදත් පිටින් අපු දහමට විරුද්ධව ඉලපත් ගත්ත නම් අද අපිට සසනයක් නැහැ. අපි දිගටම ගස් ගල් අදහන හෙළයෝ කියල තමයි එහෙනම් අදත් කියන්න වෙන්නේ. මගේ ශාස්තෘ බුදු රජාණන් වහන්සේ කියල තියෙන්නේ අන් ආගම වලට ගරු කරන්න කියල. ස්නේහයෙන් බෞද්ධකම රැකගන්න ඕනේ මැරකමෙන් නෙවෙයි. එහෙම වුනොත් මේක හරක් මරණ උදවියගේ දහමට වැඩිය හිංසාවාදී වේවි. සේනාවේ ඇතැම් උදවියට පන්සිල් 5 වත් රැකගන්න බැරි නම් කොහොමද මනුස්සයෝ එහෙව් සේනාවක් බුද්ධාගම රැකගන්නේ ? බුද්ධාගම කියන්නේ බුදුපිළිම බෝධීන් වහන්සේලා විතරක් නෙවෙයි. බෞද්ධ සංකෘතිය විතරක් නොවෙයි. පන්සිල් පද 5 ත් අයිති බුද්ධාගමට බව අමතක කරන්න එපා ඔය හෙළ බොදු නෝනලා මහත්තුරු. ඔබතුමන් තුමීන් වගේ අය ඔය හදන්නේ උප්පැන්නේ බෞද්ධ කියන වචනය රැකගන්න පමණයි. මුලින්ම පන්සීලය රැක ගන්න බලන්න බුද්ධාගම රැකගන්න ඕනේ නම්.(නදී)
චීවරධාරීන්ගේ පාවාදීම් නිසාම පරදේසක්කාරයින්ගේ යටත් විජිතයක් බවට පත්වූ හෙලදිවේ ශාසනය උපාසක අම්මලාගේ ඉලපතෙන් රැකෙන තත්වයට පත්වීම දෛයිවයේ සරදමක් වගේ.(නදී)
තාමත් මේවට කමෝන් කියන කට්ටියක් ඉන්නවනේ මෙතන. බුදු හාමුදුරුවනේ, ඔබ වහන්සේ අද හිටියා නම් මේවා දැකලා මොනවා කරයිද? (නි)
ඔය ව්‍යාපෘතියට නෝර්වෙන් කීයක් ගෙවනවද? අර ලිට්ල් ස්මයිල් කියන එන්.ජි.ඕ එකෙන් කැමති උනාද ඕකට සල්ලි විසිකරන්න.(නදී)
මේ ලියන දේ වලින් පෙනෙන්නේ වැඩි දෙනෙක් ඔබ වහන්සේගේ උත්සාහය අගය කරනවා. නැගෙනහිර හැකි තරම් සිංහල ජනාවාස ඇති කරන්ඩ ඕනෑ.නියම බුද්ධ ධර්මය අප ජනතාවට කියා දෙන්න.විනය පිරිහීම ගැනත් ටිකක් සොයා බැලීම අප ඔබ යුතුකමකි. (නි)
පෙරේරා මහත්තයා , දැනටමත් වෙලා තියෙන නස්පැත්තිය තේරුම් අරගෙන නෑ හුගක් අය. ඒ අය තේරුම් ගන්නකොට ඒගොල්ලොන්ගේ දරුවන්ටවත් ඉගෙන ගන්න බුදු දහම නෑ. ඒ නිසා අපේ හමුදුරුවෝ නිවන් යන්න පාර කිව්වේ නැති උනාට කමක් නෑ. බුද්දාගම පරිස්සම් කරලා දුන්නනම් ඇති.(නදී)
තෙවලා දම් කද නොපිටට පද බැද මිසදිටුවන් එක කදවුරේ සසුන රකින්නට බලසේනා ගෙන බොදුබල සේනා පෙරහරේ (නි)
හාමුදුරුවනේ, අපි සැවොම ඔබ වහන්සේ සමගයි.මේකේ දාල තියෙන අදහස් දිහා දැක්කම ඔබ වහන්සේගේ ගමන කොයි තරම් ප්‍රබලද කියලා පේනවා. (නි)
සංඝයා වහන්සේලා අතරෙත් අකටයුතු,නොපනත්කම්,අසංවරකම් කරන අය ඉන්නවා. ඒ අය තවම රහාත්වෙලා නැති නිසා.බොදු බල සේනා සංවිධානයේ මූලික අරමුණ,ශ්‍රි ලංකාවේ බුද්ධ ශාසනය මූලධර්මවාදීන්ගෙන් ආරක්ෂා කරගැනිමට ඉදිරිපත් වීමයි. බුදුදහම රැකුනොත් සිංහල ජාතියක්,සිංහල උරුමයත් රැකෙයි.ඒ රැකගැනීම සදහා ඉලපතටත් වඩා දරුණු අයුධයක් වුනත් අතට ගැනීම යුතුකමක්. (නි)
අධර්මය ජය ගත යුත්තේ ඉලපතෙන් නොව ,අධර්මය ධර්මයෙන් ද වෛරය මෛත්‍රියෙන් ද මසුරුකම දානයෙන් ද ජය ගත යුතු වේ . (නි)
එතකොට යුරෝපේ ගිහින් ආගම ප්‍රචාරේ කරන ඒවා ගැන මොකෝ කියන්නේ.(නදී)
ඊශ්‍රායල් වල ඉන්න අපේ සමහර අය යුදෙවු ආගමට බැදිලා. මෙහෙ පුරවැසි භාවය බලාන එහෙම කරයි කියලයි මට නම් හිතෙන්නේ. මෙහෙන් එහෙම බලපෑමක් කරන්නේ නැහැ. ඒත් අමතර සුදුසුකමක් ලෙස අපේ අය විහින්ම බැදෙනවා. මේකට මොකෝ කරන්නේ. ලංකාවෙත් යුදෙවු පල්ලියක් හදන්න ඕනා කියල කෙනෙක් මා එක්ක කිවා.(නදී)
බීමත් චීවරධාරින් දැක්කොත් ඉලපතක් නෙමෙයි හොඳ පොල්ලක් අතට ගන්න. (නි)
මේ සේනාව කරන්නේ කාට හරි කඩේ යන එක තමයි. රට තවත් යුද්දෙකට ගෙනියන එක තමයි.(නදී)
බෞද්ධයන්ට ජාතියක් නොමැත. කුලයක් නොමැත. ඇයි මේ සිංහල ජාතිය ගැන කතා කරන්නේ. මේවා මොන පොතේද ලියලා තියෙන්නේ. අන්තවාදී පොත්වල නම් මේවා ඇති. බඩගොස්තරවාදියෝ මේවා කියලා බෙරිහන් දුන්නම වෙන්නේ බුද්ධ ධර්මය හෑල්ලු වෙන එක.(නදී)
බන්දුල ඔබ හරි. ළිං මැඩියන්ට සිදුවෙන දේ ගැන අවබෝදයක් නැහැ.බෞද්ධයන් වෙනුවෙන් හඩක් නැගුවොත් ඒක අන්තවාදය.මේ අදහස් දාන අය ගැන පුදුමයක් නැහැ.මේ වගේ සිංහලයෝ කොයි කාලෙත් හිටියා. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා ඔය පටන් ගත්තු වැඩේ දැනටමත් පරක්කුයි.මේ අදහස් දක්වන ගොඩක් අය බුද්ධාගමේද එහෙම නැත්නම් වෙන ආගම් වලද කියන සැකයක් තියෙනවා.ඔබ වහන්සේලා යන ගමන බල්ලෝ බිරුවා කියලා නවත්තන්නේ නැතුව දිගටම යන්න.එතකොට තමයි රටත් , ජාතියත් ,ආගමත් රැකෙන්නේ. (නි)
සිංහල කියා ජාතියක් අවශ්‍ය නැත. අවශ්‍ය ශ්‍රී ලාංකීක කියා ජාතියකි. බුදු දහමේ මිනිසා ගැන කිවත් සිංහල ජාතියක් ගැන කියා නැත. මෙවැනි නිගන්ටයෝ කොහෙන් මේ අදහස් ගත්තාද.(නදී)
ඔය සේනාවට මම අභියෝග කරනවා පුලුවන්නම් මීගමුව පැත්තට ඇවිත් ඔය ගොන් පාර්ට් දාලා පෙන්න්න කියලා.(නදී)
කුඩාපොළ හාමුදුරුවන්ගේ පරම්පරාවෙන් පැවත එන බොදුබලසේනාවේ ඔබවහන්සේලාට මේ සිංහල රටේ බහුතරයේ ආශීර්වාදය තියනවා. අතීතයේත් මේ සිංහලේට වින කරන්න පර ජාතීන් ලෑස්ති වෙද්දී අපේ හාමුදුරුවරු මුල්තැන ගත්තා. හැමදාම මෝඩ සිංහලයාගේ ඇස පාදන්න හිටියේ අපේ හාමුදුරුවරු තමා. ඔබ වහන්සේලාට ශාසනය ආරක්ෂා කරන සියලු දෙවිවරු ආශීර්වාද කරනවා. (නදී)
උපේක්ෂා, ඔබ කියන නිවන දකින්න බෞද්ධයෝ හෙට දවසේ නැතිවේවි. යථාර්තය අවබෝධ කරගෙන ඔබේ දරුවන්ට බුදුදහම ආරක්ෂා කොට නිවන් දකින්න බලන්න. අගනුවර බොහොමයක් සිංහල බෞද්ධයන්ගේ ඉඩකඩම් මුදලට ගන්නවා. දෙහිවල වෛද්‍ය පාර හොඳම උදාහරණයක්. ගෙදරට වී ඔයා කියන කතා අපට වැඩක් නැහැ (නි)
ගාමිණී-සිරි, එය කළ යුත්තේ ඔබ විසින්. මේක බුදු දහම සහ සිංහලය... (නි)
මේ වැඩ වලට විරුද්ධව කතා කරන්නෙ නොන්ජල් නිවට මිනිස්සු.(නදී)
කට්ටිය දැන් තුන් සරනෙ අතහැරලා පස් සරනෙ යයි වගේ කියපු විදිහටම (නි)
කවුරුවත් බලෙන් ආගමට බඳවා ගන්නේ නැහැ. රට තුළ ඇති වැරදි ආර්ථිකේ නිසා නැති බැරිකමටයි අන්‍ය ආගමට බැදෙන්නේ. අන්‍ය ආගම්කාරයින්ට බනින්නේ නැතුව තමන්ගේ ආගම හරියට හදාගන්න.(නදී)
පිස්සන්ගේ වැඩ වලට සපෝර්ට් කරන්නෙත් පිස්සෝ . මේකේ ප්‍රතිචාර දාලා තියෙන ගොඩක් අය පිස්සන්ගේත් පිස්සෝ.(නදී)
දර්ශන, බුද්ධාගම පොතෙන් ඉගෙන ගන්න පුළුවන්. කවුරුවත් අවශ්‍ය නැහැ. ඔයා පෝයටවත් පන්සලකට ගිහින් තියෙනවද ? (නි)
රැවටෙන්න එපා මිනිසුනේ (නි)
හාමුදුරුවනේ, වඩින්න උතුරු පළාතට. එහි ඉන්න ජනතාවට බණ පදයක් දේශනා කරන්න .එහි තරුණයනට නැවත ආයුද අත නොගැනීමට වගබලාගන්න .ජාතින් අතර සමගිය වඩන්න. (නි)
ඔහොම හිටපු නිසා ඉරානය, ඇෆ්ගනිස්ථානය, මැලේසියාව, මොරොක්කෝ, ඉන්දුනිසියාව වගේ බොහොමයක් බෞද්ධ රටවල් අපට නැති වුනා. මෝඩ කතා කියන්නේ නැතුව මෙම වැඩ පිළිවෙලට එකතු වෙන්න. කොහෙද ඉතින්, ඉතිහාසයක් දන්නේ නැහැ, ජාතික කැක්කුමක් නැහැ. .......මොකටද අම්මපා ඔහෙලා ඉපදුනේ? (නි)
තමාවම පාලනය කරන්ඩ බැරි එක්කෙනා කොහොමද අනුන්ව පාලනය කරන්නේ. මේගොල්ලන්ගේ කතා ටික ඇහුවම පිස්සු හැදෙනවා ඕයි.(නදී)
මේක ඔහේලගෙ දරවන් තේරුම් ගනීවි, ගෙදරි එලියට ඇවිත් අගනුවර, දෙහිවල, අනුරාධපුර, මිහින්තලය පැත්තේ ඇවිත් වෙන්නේ මොකක්ද කියලා බලලා ඇස් ඇරලා ලියන්න (නි)
කවුරුවත් බයවෙන්ඩ එපා. මේක මේ හෙළ උරුමය විනාශ කරන්ඩ ආණ්ඩුවෙන් හදපු චිත්‍රපටියක්. ඊලග පාර චන්දෙ ඉල්ලනකොට උපාසක අම්මල උඩ පැන පැන සේනාවට ඡන්දෙ දෙයි.(නදී)
මම හිතුවේ ඉලපත අරගන්න කිවුවේ අතුගාන්න කියලා. බලපුවාම කියලා තියෙන්නේ වෙන දෙයක්නේ. (නි)
කවුරු කොහොම කීවත්, අන්‍යාගමිකකරණයට එරෙහිව බෞද්ධයින් පියවර ගත යුතුයි. ලංකාවට "ආධාර" දීමට පැමිණෙන සමහර එන්. ජී. ඕ වල මූලික (සැඟවුණු) පරමාර්ථය ලංකාවේ ගම්බද බෞද්ධයන් කිතුනුවන් බවට හැරවීමයි. මේ සඳහා ඔවූන් නොයෙක් උපක්‍රම යොදාගන්නවා. ඔය බොදු බල සේනාවේ ක්‍රියාවන්ට ගරහන, අපහාස කරන අය මේ ගැන දැනුවත් විය යුතුයි. බෞද්ධයින් ගැන කතා කරන වැඩ කරන සංවිධානයක් අද අවශ්‍යයි. එදා සිටි අනගාරික ධර්මපාලතුමා, ඕල්කට්තුමා, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි අය බිහිවිය යුතුයි. එය ජාතිවාදයක් හෝ අන්තවාදයක් නොවේ. බෞද්ධයින් හා ආගම රැකගැනීමට පියවරක් බව වටහා ගත යුතුයි. බොදු බල සේනාවට ජය වේවා! (නි)
අන්තවාදීන්ට මේක කරන්න එපා කිව්වම අනික් අන්තවාදීන්ට ගොඩක් රිදෙනවා. නියම බෞද්ධයන් බෞද්ධ ආගමෙන් පිට යන්නේ මේ ක්‍රියාවලට. බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී ආගමක් දර්ශනයක්. අපේ සිංහල අන්තවාදීන්ට මෙය වැටහෙන්නේ නැහැ. රටත් කාලා ආගමත් කාලා වැනසෙන්න යන්නේ. අද අපිට අවශ්‍ය බුදු දහම දන්නා භික්ෂුන් වහන්සේලා (නි)
සූකිරි, ආගම පාවාදෙන්නන් ගැන කලබල වෙන්න එපා.මට හමු වූ යුදෙව්වන් බුදුදහම ගැන මහා ඉහලින් කතාකලා.තව කිවයුත්තක් තිබෙනවා. අපේ ජනාධිපතිතුමාවත් අගයකළ යුදෙව්වන් මට හමුවී ඇත. ඒ ඔවුන්ට පලස්තීන ගැටලුවට තවමත් විසදුම් නැති නිසාය (නි)
සියලු සත්වයෝ නිදුක් වේවා සුවපත් වේවා දුකින් මිදේවා නිවනට පත්වේවා කියන එක වෙනස් කරන්න වෙනවා මේ අදහස් අනුව. ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයන් විතරක් සුවපත් වේවා දුකින් මිදේවා නිරෝගී වේවා නිවත් දකිත්වා ,කියලා අලුත් බෞද්ධ දර්ශනය වෙනස් කරමු (නි)
හොදට බලන්න. අද අපේ සිංහලයෝ කීයෙන් කීදෙනාටද තුන් සුත්‍රය කටපාඩම් කියලා.අපිට ඕනෑ අපේ රට,හාමුදුරුවනි අපි ඔබ සමගයි....... (නි)
තමුන්ගේ දහම හරි හැටි අදහන කිසි කෙනෙක්ව සල්ලි දීලා වෙනස් කරන්න බැහැ. කවුරුත් එහෙම වෙනස් වෙන්නෙත් නැහැ. දහමක් කෙනෙක් අදහන්නේ ඒ දහම ගැන විශ්වාසෙන් නම් සල්ලි වලට විශ්වාසේ වෙනස් කරන්න බැහැ. (නි)
ඉලපතක් ගන්න කියන්නේ කාට හරි ගහන්නනේ. කාට හරි ගැහැව්වම ගුටි කන පුද්ගලයට ශාරීරික වේදනාවක් ඇති වෙනවා. නියම බෞද්ධ දහමට අනුව නම් කොහොමද කියන්න පුළුවන් වෙන්නේ ඉලපතක් ගන්න කියලා. (නි)
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලාට කරන්න ලොකු රාජකාරියක් තියෙනවා. ප්‍රථමයෙන් බෞද්ධයන්ට සහ වර්තමාන රජයට බුදුරජාණන් වහන්සේ දේශනා කළ පස් පව් මොනවද කියලා කියාදී ක්‍රියාවෙන් කරන විදිහ ඔබ වහන්සේලාද අනුගනය කරන්න. අද අපේ රටේ සිදුවෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ධර්මයට පටහැනිව. මෙන්න මේවා පුලුවන් නම් නවත්වන්න. ගණිකා මඩම්, සුරාසැල්, සුදුපොලවල්, කැසිනෝ, රාත්‍රී සමාජශාලා, මිනීමැරුම්, ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම්.... මේ වගේ අපරාධ නතර නොකර මිනිසාව සුමගට හැරවිය නොහැකිය. (නි)
ඔය හැරෙන කවුරුවත් ආගම එපාවෙලා යන අය නෙවෙයි. ගම්වලට එන මෝඩයෝ රවට්ටා ගෙන උන්ගෙන් සල්ලි ගන්නවා. අනේ මේ වගේ මෝඩයෝ ටිකක්.(නදී)
බුදුන් වහන්සේ මුළු ලෝක සත්ත්වයා වෙනුවෙන් දෙසූ දහම වෙනුවෙන්, මිනිසුන් වෙනුවෙන්, සතුරාටත් ,මිතුරාටත් අප වරදක් ඇතොත් එයට සමාව දී හෝ අපි එකට එකතු වී මේ රට වැටී ඇති අති බයානක අගාදයෙන් ගොඩ එන්න උත්සහා කරමු . (නි)
හාමුදුරුවනේ, අපි සැවොම ඔබ වහන්සේ සමගයි.මේකේ දාල තියෙන අදහස් දිහා දැක්කම ඔබ වහන්සේගේ ගමන කොයි තරම් ප්‍රබලද කියලා පේනවා. (නි)
බංකොලොත් දේශපාළුවන් පාසල් ළමයින් සහ විශ්ව විද්‍යාල ළමයින් නොමග යවනවා මෙන් මේ බංකොලොත් අන්තවාදීන් දැන් අහිංසක උපාසක උපාසිකාවන් නොමග යවන්න හදන්නේ. විදේශ රාජ්‍ය නොවන සංවිදාන හොඳට මුදල් වියදම් කරනවා මොවුන්ට. රටත් ආගමත් විනාශ කිරීමට. බෞද්ධ දර්ශනය නොදන්නා අය බෞද්ධය කියන අය මොවුන්ට කඩේ යනවා.(නදී)
බණ අහන්න අපි හරි ආසයි. (නි)
දෙවියනි, ඔබ කොහිද? ඔබට මේවා නොපෙනේද? (නි)
මේ ස්වාමින් වහන්සේලා යුද්දකාලේ කොහෙද දන්නේ නැහැ හිටියේ. මේවට හුරේ දාන මෝඩ මිනුස්සුත් ඉන්නවනේ. (නි)
ඔබ තුමන්ලා මේ කරන වැඩපිළිවෙල ඉතා උතුම්. මීට විරුද්ධ මෙහි ලියන බොහෝ අය වෙනත් ජාතිකයින්. සිංහල නම් වලින් ලියනවා. විරුද්ධ වන සිංහලයන් දන්නේ නැහැ සිංහල ජාතිය අද දින ලිපේ රත්වන කකුලුවා වගේ කියලා. දැන් ජොලියේ සීතල වතුරේ දගලනවා. කල්යනකොට වතුර රත්වෙන කොට තමා දෙලොව සිහිවන්නේ. මේ අයට ඔබතුමන්ලාගේ ගුණය සිහිවන්නේ සිංහල ජාතිය සියයට 50 ක් වූ කලට. තව වැදගත් කාරණයක් තියෙනවා කියන්න. ලෝකයේ නියම ආගම විය යුත්තේ මිනිසුන් දෙවේලක් හරි කාලා තමන්ගේ නිවසක මානසික හා ශාරීරික සමගියෙන් යුතුව ජීවත් වීම. අනිත් සියලු ආගම දෙවැනි තත්වයට ඉබේම වැටෙනවා. කුමන ආගමකින් දුප්පතෙකුට උදව්කලත් එය උතුම් ක්‍රියාවක්. බඩගින්න හැම දෙයටට වඩා බලවත්. අද දින මේ හැම තර්ජනයකින් බේරෙන්න නම් අද දින පන්සල විය යුත්තේ මහජනය්ගේ සල්ලි ලබාගන්න ආයතන නොවී දුප්පතාට සල්ලි ලබාදෙන ආයතන බවට පතකීරීමයි. බෞද්ධ නායකයන් හා බුද්ධ ශාසන අමාත්‍යංශ එක්ව මේ සියලු මුදල් පාලනයට යාන්ත්‍රණයක් සැකසිය යුතුයි. පන්සල් දුප්පතාගේ අතේ තියෙන සුළු මුදලත් පින් කියලා ගන්නවා. (නි)
බෞද්ධයා හා බුදු දහම රැකීම යනු හුදෙක්ම වෙහෙර විහාර හා සැම තැනකම බුදු පිළිම ඇති කිරීම නම් මේ ගෙන යන වැඩ පිළිවෙල හරි. එහෙම නැතුව බුදුන් වහන්සේ දේශනා කළ දෙය ඒ සැටියෙන්ම රැකගන්න අවශ්‍ය නම් සේනාව දැන් යන්නේ ගාලු යනවා කියලා ඒ වෙනුවට පුත්තලම පාරේ . මේ කරන ක්‍රියාවලින් සසර මග කෙටි කර ගැනීම කෙසේ වෙතත් ඔය ලැබිලා තියෙන විදියේ මනුස්ස ආත්මයක් ආයේ ලැබෙයිදත් සැකයි. ඒ නිසා මනුස්ස ආත්මයකදී කරන්න පුළුවන් පින් කරලා ඉක්මනට නිවන් දකින්න හදන කෙනෙක් කළ යුතු දේවල් නෙමෙයි මේවා. බෞද්ධයට බුදු සරනයි, දෙවි පිහිටයි. (නි)
අපේ කොල්ලෝ ටික අමාරුවෙන් යුද්දේ දිනවලා දුන්නට පස්සේ දැන් වීරයෝ ඕනෑ තරම් ඉන්නවා (නි)
ලංකාවෙ දේවදත්ත නිකායත් ලඟදිම පිහිටුවයි වගේ. කොසොල් රජතුමා දුටු සිහින සැබෑ වේගෙන එනවා. (නි)