මේ වනවිට රූපගත කිරීම් ආරම්භ කරන ඇති ඩේව්ඩ් ධාවන්ගේ ‘ජුඩ්වා’ දෙවැනි චිත්‍රපටය සඳහා ජැකලින් ෆර්නැන්ඩේස් හා ටප්සි පන්නු තෝරා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. කලින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිත සඳහා ඉලේනා ඩී කෲස් හා ශ්‍රද්ධා කපුර් තෝරා ගත් බව සඳහන් වුවද ඔවුන් පසුව ඉන් ඉවත්ව තිබේ.
කෙසේ වෙතත්, මෙහි ප්‍රධාන නළු චරිත වරූන් ධාවන් විසින් නිරූපණය කරනු ලබයි. ලබන වසරේ තිරගත කිරීමට නියමිත ඇති මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ දිනවල තායිලන්තයේ සිදුවෙමින් පවතින බව සඳහන් වේ.
‘ජුඩ්වා’ පළමු චිත්‍රපටයේ රඟපෑ සල්මාන් ඛාන්ද මෙහි සුළු චරිතයක් නිරූපණය කිරීමට නියමිතව තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd