IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉලෙක්ට්‍රොනික් හා එකෝස්ටික් සංගීතය විවේචනය කළ යුතු නැහැ

2016-05-18-ENT-38

"සනිධප" සංගීත කණ්ඩායමේ සුවිශේෂි අවධානයක් දිනාගත් වාදන ශිල්පියෙකු ලෙස ඔහු හඳුන්වාදිය හැකිය. ඩ්‍රම්ස් වාදකයෙකු ලෙස හඳුනාගන්නා ඔහු ගායකයෙකු ලෙසද කටයුතු කරයි. "දිව්‍ය අංගනාවි", "සඳරේණු ඇති රෑක" යන ගීතද ඔහු ගායනා කළ ඇති අතර, ඔහු නමින් ප්‍රසංග තිසේරාය.

 

2016-05-18-ENT-39ගායකයෙකු ලෙස ප්‍රේක්ෂකයන් ඔබ හඳුනාගන්නේ බොහෝ කල්ගත වුණාට පස්සේ ඒකට හේතුව මොකක්ද?

මම ක්ෂේත්‍රයට පැමිණෙන්නේ වාදකයෙක් ලෙස. සංගීත කණ්ඩායමේ තිබූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් එක්ක කණ්ඩායම තුළ සිටිය යුතුම සාමාජිකයෙක් බවට මම පත්වුණා. ගායකයෙක්ට වඩා ප්‍රසංග වේදිකාව තුළ වාදකයෙකුට වෙහෙස වෙන්න සිදු වෙනවා. ඒ නිසා කාල වේලාව එක්ක මම වසරකට එක් ගීතයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. මාස දෙකකට එක ගීතයක් කරන තැනට අද ගායකයින් පත්වෙලා තියෙනවා. මම හිතන්නෙ නැහැ එහි ලොකු සාර්ථකත්වයක් තියෙනවා කියලා. එහෙම වුණොත් මේ ක්ෂේත්‍ර‘යේ රැඳී ඉන්න අපහසුයි. මම මුලින්ම ශෂිකා එක්ක "හීනයක් ද මේ" කියන යුග ගීතය නිර්මාණය කළා. එය මගේ දිව්‍යාංගනාවි ඇල්බම් එකට කළේ. "සඳරේණු ඇති රෑක" ගීතය නිර්මාණය කරලා වසර දෙකක් පමණ ගත වුණා. බොහෝ දෙනෙක් ශෂිකගෙයි, මගෙයි වොයිස් එක ගැළපෙනවා කියලා කිව්වා. ඒ නිසා තමයි ඇය සමග ගීත ගායනා කරන්නේ. "කාටවත්ම නොපිදු ආදරේ" යන ගීතය පද රචනය කළේ සම්පත් ප්‍රනාන්දු පුල්ලේ, චතුරංග තමයි සංගීත නිර්මාණය සිදු කළේ.එය ඉදිරියේ දී විකාශය වේවි..

 

පසුගිය කාලෙ තිබුණු කතාවක් තමයි ඔබ සංගීත් සමග වායෝ සංගීත කණ්ඩායමට එකතු වෙනවා කියන කතාව?

එහෙම වෙන්නෙ නැහැ. ඩ්‍රම්ස් වාදකයෙක් ඒ කණ්ඩායමේ ඉන්නවා. එවැනි කතාවක් කණ්ඩායම ආරම්භ කරන කාලයේ තිබුණත්, දැන් එහෙම දෙයක් නැහැ. මට හිතෙන්නේ දැන් එහෙම කරනවා නම් ඒක බොරු ප්‍රචාරයක් කියලා.

 

කණ්ඩායම් සංගීතය වර්තමාන තත්වය එක්ක වාදකයෙක් ලෙස කටයුතු කිරීම හා ඉදිරි කටයුතු ගැන කතා කලොත්?

මේ ක්ෂේත්‍රය තුළ සංගීත කණ්ඩායම් දවස ගානේ බිහිවෙනවා. ඒක හොඳයි. හොඳ වාදකයන්ගෙන්, ගායකයන්ගෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායම් බිහිවෙනවා නම් හොඳයි. නමුත් සමහර කණ්ඩායම් ඒකාකාරියි. රැල්ලටමයි බිහිවෙන්නේ. ඝෝෂාකාරී සංගීතය, ඝෝෂාකාරී නොවන සංගීතය කියලා ඒවා හඳුනාගන්න අවශ්‍ය නෑ. මම හිතන්නෙ එය විවේචනයට ලක්විය යුතු දෙයක් නෙමෙයි කියලා. ගුණාත්මක බවෙන් වැඩි සංගීත කණ්ඩායම් නිර්මාණ වෙනවා. එහෙත් මේ ඝෝෂාකාරී කියන සංගීතය තුළම කටයුතු කළ අයමයි ඊට ප්‍ර‘වේශ වෙන්නේ. ඉලෙක්ට්‍රොනික් හා එකෝස්ටික් සංගීතය විවේචනය කළ යුතු නැහැ. මම මේ දෙකම ඉගෙන ගන්නවා. එය හැදෑරීමකින් නිවරදිව සිදු කිරීම වැදගත් වෙන්නේ.

 

ඔබට ඒ ගැන හදාරන්න හැකියාව ලැබුණද?

මම විශාරද විභාගය අවසන් කර තිබෙනවා. ඒ වගේම රාගධාරි සංගීතයත් ඉගෙනගෙන තිබෙනවා. බොහෝ අය වාදන ශිල්පීන් වෙන්නේ ඒ විෂය ගැන ප්‍රගුණ කරලා නෙමෙයි. මම හිතන්නේ උපතින් එයට හැකියාවක් තිබිය යුතුයි. රොක් සංගීතයත් එකෝස්ටික් වාදනයේදී වාදනය කරනවා. ඒ වගේම මම එකොස්ටික් ඩ්‍රිම්ස් වාදනය ගැන මේ වෙද්දී පුලුල්ව හදාරණවා..

 

ඉදිරි සංගීත කටයුතු ගැන සදහන් කලොත්?

මම ප්‍රාති ඕඩියෝ ප්‍රඩක්ෂන් වෙතින් ගුණාත්මක ගීත නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සංගීත කණ්ඩායමට මූලික තැන දීලා කටයුතු කරනවා. ගායකයෙකු ලෙසත්, වාදකයෙකු ලෙසත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

 

නිදුක් මදුෂික

 

2016-05-18-ENT-37

 



අදහස් (0)

ඉලෙක්ට්‍රොනික් හා එකෝස්ටික් සංගීතය විවේචනය කළ යුතු නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site