
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඊශ්‍රායලයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය සුළුහානි සිදුවූ බව එරට ඇමෙරිකානු තානාපති මයික් හකබි මහතා අද ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයට එල්ලවූ මිසයිල ප්‍රහාරකින් සිදුවූ පිපිරීමකින් නිකුත් වූ කම්පන තරංගයන්ගෙන් තානාපති කාර්යාලයට සුළු හානි සිදුවූ බව ඔහු පැවැසුවේය.
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස ඊශ්‍රායලය තම දිගුකාලීන සතුරාට එරෙහිව මෙතෙක් සිදු කළ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව පසුගිය 13 වැනිදා එල්ල කිරීමෙන් පසුව සිවුවැනි දිනටත් ඊශ්‍රායලය ඉරානයටත්, ඉරානය ඊශ්‍රායලයටත් දැඩි මාරාන්තික මිසයිල, ඩ්‍රෝන සහ ගුවන් ප්‍රහාර එල්ල කර ගත්තේය.
ඉරානයෙන් එල්ල දරුණු මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මධ්‍යයේ ඊශ්‍රායලය ප්‍රථම වරට සිය නාවික ගුවන් ආරක්ෂක පද්ධතිය වන "බැරැක් මගෙන්" ක්‍රියාත්මක කළ අතර ඉරානයෙන් එල්ල වන ඩ්‍රෝන යානා බිම දැමීම එහි අරමුණ විය.
"බැරැක් මගෙන්" ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීම තම නාවික හමුදා ඉතිහාසයේ සන්ධිස්ථානයක් පසු කිරීමක් බවත් "බැරැක් මගෙන්" ක්‍රියාත්මක කිරීමත් සමග ඉරාන ඩ්‍රෝන යානා 8 ක් එම පද්ධතිය සාර්ථකව බිම දැමූ බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
"බැරැක් මගෙන්" පද්ධතිය නාවික ගුවන් ආරක්ෂණ තාක්ෂණයේ නව පිම්මක් බවත් නූතන තර්ජනවලට මූණදිය හැකි පරිදි "බැරැක් මගෙන්" පද්ධතිය නිර්මාණය වී තිබෙන බවත් ඊශ්‍රායලය ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉරාන ප්‍රහාරයකින් ඊශ්‍රායල් ඇමෙරිකා තානාපති කාර්යලයට සුළු හානි