
ඉරාන ආරක්ෂක මණ්ඩලයේ (Defence Council) ලේකම් සහ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ සමීප උපදේශකයෙකු ද වූ අලි ශම්කානි (Ali Shamkhani), ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී එල්ල කළ ග්‍රවන් ප්‍රහාරවලින් මියගිය බව පැවැසෙයි.
ඊට අමතරව, ඊශ්‍රායලය ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින්, ඉරාන ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ සහ ඉරාන විප්ලවීය හමුදා බලඇණියේ ගොඩබිම් හමුදා අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් මියගොස් ඇති බව ද වාර්තා වෙයි.
අල් ජසීරා පුවත් සේවය මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් පිළිබඳ දැනුමක් ඇති මූලාශ්‍ර දෙකක් සහ කලාපීය ආරක්ෂක මූලාශ්‍රයක් උපුටා දක්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd