
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරාන බුද්ධි අංශ අමාත්‍ය එස්මායිල් කාතිබ් ගුවන් ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදා අද තහවුරු කළේය.
බුද්ධි තොරතුරු පිළිබඳ අමාත්‍යාංශය ඉරානයේ ප්‍රධාන බුද්ධි අංශය බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
බුද්ධි තොරතුරු පිළිබඳ අමාත්‍යාංශය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ත්‍රස්තවාදී ක්‍රියා සඳහා බුද්ධි තොරතුරු සපයා ඇති බවද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.
එසේම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන නෞකාවලට මිසයිල එල්ල කරන මිසයිල විදිනයන් ස්ථානගත කර ඇති තැන් රාත්තල් 5000 ක් බර බෝම්බ හෙලූ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවැසුවේය.
එම මෙහෙයුම් පිළිබඳව අදහස් දක්වමින් ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර සිටියේ ඉරානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නායකයින්ට පහරදීම සඳහා අගමැති බෙනජමින් නෙදන්යාහු අනුමැතිය ලබාදී තිබෙන බවයි.
ඊශ්‍රායලය ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර අද දින තවත් දැඩි කර තිබූ අතර අලි ලරිජානිගේ මරණයට පිළිතුරු ලෙස ඉරානයද ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කර තිබිණි.
එසේම ඉරානය එල්ල කළ ඩ්‍රෝන යානා සහ මිසයිල සිය ගුවන් ආරක්ෂණ පද්ධතීන් විසින් සාර්ථකව විනාශ කරන ලද බව බහරේනය, කුවේට්, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රකාශ කර තිබිණි.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි හෝ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කර තිබුණි.
එම ත්‍යාග මුදල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඉරාන රජයේ ඉහළ සාමාජිකයන් තිදෙනකු මේ වනවිට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අතින් ඝාතනයට ලක්ව ඇත.
මේ වනවිට ඉරාන ජාතිකයන් 1,444 ක්, ඇමෙරිකානු හමුදා භටයින් 13, ඊශ්‍රායල වැසියන් 15ක් සහ ගල්ෆ් කලාපයේ රටවල වැසියන් 20ක් දෙපාර්ශ්වයේ ප්‍රහාරවලින් මරණයට පත්ව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd