(අජන්ත කුමාර අගලකඩ)
ඉරිදා දිනවල පෞද්ගලික උපකාරක පන්ති ප.ව. 2.00 දක්වා තහනම් කිරීමේ යෝජනාවක් 33 වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සම්මත කරගත් බව මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක මහතා ‘ලංකාදීප’යට පැවැසීය.
ඒ සමගම, ඉරිදා දිනවල දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවට වන යෝජනාවක් ද සම්මත වූ බව මහ ඇමැතිවරයා කීවේය.
තිස්තුන් වන පළාත් ප්‍රධාන අමාත්‍යවරුන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හබරණ සිනමන් ලොජ් සංචාරක නිකේතනයේ දී පෙරේදා (06) පස්වරුවේ පැවැති අතර එහිදී මෙම යෝජනා සම්මත වූ බව ඔහු සඳහන් කළේය.
මේ අතර 2016 වසරේ සංවර්ධන කටයුතු වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් පළාත් සභාවලට ලැබිය යුතු මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා එම සාකච්ඡාවේ දී එකඟ වූ බවද ඔහු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න වැඩක් ඇත්තේම නැත්නම් කමක් නෑ. ටියුෂන් නවත්තන්න නම් පාසල් අධ්‍යාපනය හරියට කරන්න... මොකද්ද වෙන්නේ 5 ශිෂ්‍යත්වයට, 10, 11 වසර සහ 12 13 වසර හැර අනෙක්වාට ඕනෙ නම් කලාට කමක් නෑ... දහම් පාසැල කියන්නෙත් තවත් තරගයක් විතරයි. සියලු ළමයින්ට යන්න දහම් පාසල් නෑ. දහම් පාසල්වල ගුරුවරුත් නෑ. යටිතල පහසුකම් ඇත්තෙත් නෑ. මේවා අධ්‍යාපන නිදහසට එතරම් හොඳ නෑ. පාසලෙන් කරනවා නම් ඔය හැමදේම කරන්න පුළුවන්...
සැබවින්ම කාලෝචිත යෝජනාවක්. රටේ අනාගතය හදන්න පුළුවන් ආගම දහමෙන්ම විතරයි...
ඉරිදාට ටියුෂන් නවත්වන්න ඕනේ දරුවන්ට නිදහසක් දෙන්න මිසක් තවත් පීඩා කරන්න නෙමෙයි. අනිත් එක දහම් පාසල් ගිය මිනිස්සු අනිත් අයට වඩා හොඳයි කියනවනම් ඒක මිත්‍යාවක්....
කොයි තරම් පුරුදුද? ගස්යට, කඩා වැටෙන වහලයට අකුරු කරන දරුවන් සුපිරි පාසල්වල දරුවන් හා සමග එකම තරඟ විභාගයකට පෙනීසිටීමට වෙර දරන්නට, අමතර පන්තිවලට යන එක වළක්වන්නට සුපිරි හෝටල්වල සිට පනත් සකස් කිරීම සුදුසුද?