ලයිබීරියාව, සියරාලියොන්, ගිනියාව සහ නයිජීරියා යන රටවල වැසියන්ට ‘‘ඔන් ඇරයිවල් ‘‘ වීසා එනම් ගුවන් තොටුපොළෙන් වීසා ලබාගැනීමෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ නොදීමට රජය තීරණය කර ඇත.
බටහිර අප්‍රිකානු රටවල පැතිර යන මාරාන්තික ඉබෝලා වෛරසය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘‘ඔන් ඇරයිවල් ‘‘ විසා ක්‍රමය රටවල් කිහිපයකට හැරෙන්න අනෙකුත් රටවල් වලට නැවත්තිය යුතු යි. ලෙඩ රෝග ප්‍රශ්න විතරක් නෙවෙයි සරණාගත ප්‍රශ්නත් ඇතිවිය හැක.(අ)
මාරාන්තික මෙම රෝගයට බෙහෙතක් ඇමරිකාව සොයාගෙන තිබෙන බව අද කිව්වා.(අ)
අපිට විසා නැතුව යන්න පුළුවන් රටවල් තියෙන්නේ ඉතාම අතලොස්සයි. එහෙම එකේ අපි මොනවටද ‘‘ඔන් ඇරයිවල් ‘‘ විසා ක්‍රමය මගින් ලෝකෙම තියෙන අනෙක් රටවලට අයට මෙහාට එන්න දෙන්නේ......(අ)
‘‘ඔන් ඇරයිවල් ‘‘ විසා ක්‍රමය වහාම නතර කරන්න ඕනේ.(අ)
ඔය ලයිබීරියාව, සියරාලියොන්, ගිනියාව සහ නයිජීරියා වැනි රටවල් වලට ඉබෝලා නැතිකාලෙක යන්න ආසයි. විසා ඕනෙද දන්නේ නැහැ.(අ)
මොකෝ වෙන රටක් හරහා ඔය කියන රටවල් වල ආවයි කියලා ගුවන් තොටුපලේ පහසුකම් තියෙනවද මේ අයව හදුනාගන්න. (අ)
ඔය රටවල් හතරෙන්,කොයි රටේ ඉදලද දන්නේ නැහැ බන්දුල පෙරේරා ලංකාවට එන්නේ ? (නදී)
අැම හොඳයි. නමුත් කෑල්ලක් අඩුයි. එබොලා හැදෙන්නේ පුරවැසි භාවය බලල නෙමෙයි නේ. ඒකනිසා මෙරටට පැමිණීමට දින 30ක් හෝ 60ක් ඇතුලත එම රටවලට ඇතුළු වුනු හෝ එම රටවල්වල ගුවන්තොටුපොළවල් වරායවල් හරහා ගමන්කළ වෙනත් රටවල පුරවැසියන්ටත් එම නීතියම දැම්මේ නැතිනම් සුළඟක් නවත්වන්න වැටක් බැන්ද වගේ වෙනවා. (නදී)
මම ඉන්නෙත් බටහිර අප්‍රිකා රටක ලංකාවට එනකොට අපිටත් ප්‍රශ්ණ වෙයිද දන්නේ නැහැ (නදී)
ඔය ලෙඩේ ලංකාවට එනවා නම් එන්නේ අපේ අසල්වැසි ඉන්දියාව හරහා. ඔක්කොම කුණු බෙන්ගාල බොක්කට කිව්වා වගේ එතන තමා රෝග වාහක මධ්‍යස්ථානය !(නදී)
ඩෙංගු තියෙන රටට ඉබෝලාව කජ්ජක්ද? (නදී)
හොද වැඩක් තාවකාලිකව හරි අැත් හිතුවොත්. එ් වගේම රටට ඇතුළුවන සැවොම පරික්ෂා කරන්නේ නම් තවත් සුබයි. (නදී)
වැඩේ හොදයි! අනෙක් සියලු රටවල් වලින් එන අයවත් පරීක්ෂා කරොත් වඩාත් හොදයි, සූකර උණ තිබුණු කාලේ වගේ. (නදී)
විශේෂනේ අප්‍රිකානු රටවල් සියල්ලගෙන්ම ලංකාවට එන අය සෝදිසිකරන්න. මේ රටවල් හතර විතරක් මදි (නදී)