අපි‍්‍රකාවේ හිස ඔසවමින් පවතින ඉබෝලා වසංගතය මර්දනය කිරීමට ලොව රටවල් දරන උත්සාහයට ශී‍්‍ර ලංකාවේ දායකත්වයද ලබා දෙමින් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සනීපාරක්ෂක අත්වැසුම් ලක්ෂ 10 ක ප‍්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඊයේ (18) අරලියගහ මන්දිරයේදී ප‍්‍රදානය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍රලංකා නියෝජිත ආචාර්ය ෂිර්ඩෝසි මෙහ්ටා එම අත්වැසුම් තොගය භාර ගත්තේය.
අත්වැසුම් සපයා තිබුණේ හේලීස් සමූහ ව්‍යාපාරයයි.
මේ අවස්ථාවට විදේශ ඇමැති ජී.ඇල් පීරිස් මහතාද සහභාගිව සිටියේය.
වවුලන්, වානරයන්, කුරුල්ලන් වැනි සතුන්ගෙන් මේ වෛරසය බෝවෙතියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ බලවතුන්ට තවම බැරි උනානේ මේ ඩෙංගු වසංගතේ නැති කරලා දාන්න තවම. (නදී)
රතුපස්වල සිද්ධියට හේතුවුනෙත් මේ ආයතනයම නේද?(අ)
කරුණාකර අපේ ගුවන් තොටුපලේ ආරක්ශාව තර කරන්න. උන රෝගීන් හඳුනා ගැනීම සඳහා ක්‍රම වේදයක් ඇතිකරන්න. පසුගිය සතියේ මම ලයිබීරියාවෙ ඉඳල ලංකාවට ආව. ආගමන විගමන නිලධාරීන්ට මගේ ගමන ගැන පැවසුවත් පරික්ශාකිරීමට පහසුකම් තිබුනෙ නෑ....(අ)
ඔව් ඔව් රතුපස්වල මිනිස්සු රැල්ලට අහුවෙලා විනාශ කරන්න හැදුවේ මේ ආයතනය තමයි. මේ ආයතනයෙන් ලෝක අත්වැසුම් නිෂ්පාදනයෙන් 5% ප්‍රමාණයක් සපයනවා. (නදී)
සිසිර මහතා, ඔබගෙ සෞඛ්‍ය තත්ත්වය ගැන සෙවිල්ලෙන් ඉන්න . ජනාධිපති තුමා කරපු උදව්ව අගේ කළ යුතුය. (අ)
ඉතාමත් හොඳ වැඩක්. ජාත්‍යන්තරය තුළ අපේ රටෙහි හොඳ නම රැක ගැනීමටත් මෙවැනි ක්‍රියාකාරකම් වැදගත් වෙනවා.කොහොම වුණත් ඉතාමත් පින්වත් වැඩක්. http://beautyofclean.blogspot.com/ (අ)
ඉහත අඳහස් අතරින් " සිසිර පියසේන" මහතාගේ අඳහස පිළිබඳවත් රජය විසින් අවධානය යොමු කළ යුතුමයි.(නදී)
රට වෙනුවෙන් ගත් අගනා තීරණයක්, ප්‍රණාමය, වේවා (නදී)
ඉතා හොඳ වැඩක්. උදව් අවශ්‍ය තැනටයි එය කළයුත්තේ. (නි)
ලංකාවේ ඩෙංගු පාලනය කරගන්නත් තවම බැරිවුණා නේද? (නි)