IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඉඳුල් වතුර මරණයට පාර කපයි

දොඩංගොඩ සියඹලාගහලැයිම ඇලදූවේ දී 42 හැවිරිදි පුද්ගලයකුට පහරදී ඝාතනය කළැයි සැකපිට බාලවයස්කාර අයිය (17) මළෝ (13) දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. සිකුරාදා සවස අසල්වැසි නිවසකින් විසි කළ ඉඳුල් වතුර තම මවගේ ඇඟට වැටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පුතුන් දෙදෙනා කළ පහර දීමකින් එම පුද්ගලයා මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

දොඩංගොඩ සියඹලාගහලයිම ඇළදූව ප‍්‍රදේශයේදී පොල්ලකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ ඊයේ (12) පස්වරුවේ අදාළ පහරදීම සිදුව ඇති බවයි.

 

මියගිය පුද්ගලයා 42 වැනි වියේ පසු වූවෙක්. මෙම පුද්ගලයා ආහාර ගෙන පිඟාන සේදූ ජලය නිවසින් පිටතට විසි කළ අවස්ථාවේ අසල්වැසි කාන්තාවකගේ සිරුරේ වැදී තිබෙනවා. ඒ පිළිබඳ ඇති වූ ආරවුලකදී අදාළ කාන්තාවගේ පුතුන් දෙදෙනා විසින් පහරදීම සිදුකර ඇති බවයි විමර්ශනවලින් හෙළි වුණේ. ඔවුන් දෙදෙනාම බාලවයස්කරුවන් වන අතර එක් අයෙකු 17 වැනි වියේද අනෙකා 13 වැනි වියේද පසුවනවා.

 

වැඩිදුර විමර්ශන සඳහා මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 

- See more at: http://offair.nethfm.com/article/20919#sthash.hazeDYDT.dpuf



අදහස් (0)

ඉඳුල් වතුර මරණයට පාර කපයි

කිත්සිරි Sunday, 14 June 2015 01:35 AM

අනේ අපේ ළමයින්ගේ මානසිකත්වය! (නි)

:       0       0

දුමින්ද Sunday, 14 June 2015 03:18 AM

මිනිසා හදා යහපත් රටක් හදමු (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site