ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව නිවේදනය කර ඇත.

එම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ද, ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 2කින් ඉහළ ගොස් ඇතැයි එම සමාගම නිවේදනය කරයි.

නව මිල ගණන් යටතේ ඔටෝ ඩීසල් ලීටරයක නව මිල  රුපියල් 279 ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල   රුපියල් 323 ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 340 ක් වන අතර භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 182 ක් වනු ඇත.

පෙට්‍රල් ඔක්ටේන් 92 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල නොවෙනස්ව පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.