ඊජිප්තුවේ කයිරෝ අගනුවර කාර්යබහුල අධිවේගී මාර්ගයක ඉන්ධන බවුසරයක් අනතුරට පත්වීමෙන් පසු ඇති වූ විශාල ගින්නකින් පුද්ගලයින් තිස් එක් දෙනෙකු මිය ගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ගින්න ඇති වූ ආකාරය පිළිබඳව නිලධාරීන් විස්තරයක් ලබා දී නොමැති නමුත් රජය සතු මාධ්‍ය වාර්තා කළේ ටැංකිය පෙරළී ගොස් අසල ඇති වාහනවලට පෙට්‍රල් විසිවි මෙම අනතුර සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කලාපීය රජයේ නීතිඥවරයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මියගිය අයගේ සිරුරු වලින් DNA සාම්පල ලබා ගන්නා ලෙස පවසා තිබේ.
පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට අයත් ටැංකිය අධිවේගී මාර්ගය දිගේ ගමන් කරමින් සිටියදී අධි වෝල්ටීයතා කේබලයක් එය ඉදිරිපිටට කඩා වැටීම නිසා රියදුරුට පාලනය අහිමි වූ බව විමර්ශන වලින් මේ වන විට හෙළිව තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd