
(අංජුල මහික වීරරත්න)
අනාගතයේ දී ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් කෙටි කාලයක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අද (10)පැවැසීය.
ලෝකෙටම අදාළ හේතු නිසා ඉන්ධන මිල වැඩි කෙරුණු බව කී අමාත්‍යවරයා ලෝකයේ බොහෝ රටවල තෙල් මිල වැඩි කර තිබෙන බව සඳහන් කළේය.
මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි නොකළා නම් තෙල් සංස්ථාවට අමතරව ඇති පෞද්ගලික සමාගම් තෙල් ආනයනය අඩු කරන්නට හෝ නතර කරන්නට සිදුවන බව කී අමාත්‍යවරයා එවිට තෙල් සැපයුම අඩාල වෙන බව සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනට කාල ජීවත් වුණු වැඩ බැරි ගොන් හැත්තට ගානක් නැහැ. රටේ මිනිස්සු කොයිතරම් අමාරුවෙන්ද ජීවත් වෙන්නේ... ඉක්මණින් අර කැබ් ගෙන්න ගනිල්ලා... පැලවත්තේ වැඩක් නැතිව රස්තියාදු ගහන අයට සවාරි යන්න.
තවදුරටත් සහනාධාර නවතා නිවැරැදි මිලට තෙල් සහ සියලු දේ... අලෙවිය නරකද? එසේ වූවොත් බහුතර පාරිභෝගික ජනයා පරිභෝජනය කරන භාණ්ඩ මත ඇති අධික බදු අඩුකර හැකි නොවේද?