ඉන්දියානු සාගරයේMauritius-Reunion Region කලාපයේ රික්ටර් මාපකයේ 6.5ක විශාලත්වයකින් යුත් භූ චලනයක් අද (24) පස්වරුවේ  සිදුව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය නිකුත් කරමින් සඳහන් කරයි.

මෙම භූ චලනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 10ක ගැඹුරින් අක්ෂාංශ 17.78S සහ දේශාංශ 65.82E හටගෙන ඇති බව එම  නිවේදනයේ සඳහන් වේ.

මෙම භූ චලනය හේතුවෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැතැයි ද දැනුම් දී ඇත. ‍