(අංජුල මහික වීරරත්න)

ඉන්දියා සාගරය ගැටුම් කලාපයක් නොව ශිෂ්ටාචාර අතර පාලමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ නවදිල්ලි නුවරදී WION ගෝලීය සමුළුව අමතමිනි.

අප හමුවන්නේ ගෝලීය පද්ධතිය ප්‍රබල පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මොහොතකදීය. වෙළෙඳ මාර්ග අවහිර වෙමින් පවතිනවා. තාක්ෂණික තරඟකාරීත්වය ජාතීන් අතර බලතුලනය නැවත හැඩගස්වමින් සිටිනවා. එමෙන්ම ලොව විවිධ කලාප වල යුද්ධ දිගින් දිගටම ඇවිලෙමින් තියෙනවා.

අප දැන් පිවිසෙමින් සිටින්නේ භූගෝලීය පිහිටීම නැවතත් තීරණාත්මක වන, හවුල් සහ විචල්‍ය බලතුලනයක් යුත් ලෝකයකට ය. කලක් දුරස්ථ හෝ ද්විතීයික ලෙස සැලකූ උපායමාර්ගික කලාප දැන් ගෝලීය දේශපාලනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබේ. ඉන් එක් කලාපයක් වන්නේ ඉන්දියන් සාගරයයි  යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා කීය.