මහනුවර ශික්ෂණ රෝහලට පෙනහලු ආසාධන ඇතිව පැමිණෙන සියලු රෝගින් පරික්ෂා කිරීමේ වැඩසටනක් අරඹා ඇතැයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.
ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1 එන්-1 වෛරසය ආසාධනය වීමෙන් වකුගඩු රෝගීන් තිදෙනෙකු මේ වන විට මියගොස් ඇති බවද, වෛරසය ආසාධනය වු රෝගීන් තවත් තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව ද රත්නායක මහතා කියයි. මෙම ඉන්ෆ්ලුවෙන්සා ඒ එච්-1 එන්-1 වෛරසය ආසාධනය විම වලක්වා ගැනිමට සහ ආරක්ෂා වීමට රෝහල් කාර්ය මණ්ඩලයට උපදෙස් දී ඇතැයි ද වෛද්‍යවරයා සඳහන් කරයි.
යම් පුද්ගලයකු සෙම්ප්‍රතිෂ්‍යාව සහිත උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම රජයේ රෝහලකට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද උපදෙස් දෙන බව ද වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම අද උදේත් මහනුවර රෝහලට ගියා. බෝර්ඩ් එකක් එල්ලලා තියෙනවා ඉන්ෆ්ලුවන්සාව තියෙන ප්‍රදේශයක් කියලා. හරියට අර බිම්බෝම්බ වළලලා තියෙන ප්‍රදේශ වල තියෙන බෝර්ඩ් ලෑල්ලක් වගේ. දෙනෝදාහක් මිනිස්සු එහෙ මෙහෙ යනවා රෝහල ඇතුළේ. අඩුම ගානේ සිකුරිටිලා දාලවත් මිනිසුන්ට පණිවිඩ යවලා මූලික දැනුවත් කිරීමක්වත් කරන්නේ නැහැ. මිනිස්සු දන්නෙත් නැහැ (නි)