(අසුන්තා එදිරිසූරිය)
රට පුරා මේ දිනවල පැතිර යන ඒඑච්වන්ඒවන් ඉන්ෆුලවන්සා වෛරසය ආසාදිත රෝගීන්ට දෙන ටැමිෆ්ලු ඖෂධයේ දැඩි හිඟයක් ඇතැයි රෝහල් ආරංචි පවසයි.
මෙම ඖෂධය රෝගය ආසාදිත ගර්භණී මව්වරුන් ඇතුළු රෝගීන්ට දෙන අතර එමගින් වෛරසය මැඩපවත්වා ගැනීමටත් රෝගය දරුණු වීමේ අවදානමෙන් මිදීමටත් හැකිය. නමුත් ඖෂධය හිඟ වීම නිසා දැනට සබරගමුව රෝහල්වල ප්‍රතිකාර සඳහා එන රෝගීන් කොළඹට මාරු කර එවන තත්ත්වයක් ඇතැයි කියති.
මෙම ඖෂධය පෞද්ගලික ඔසුසල්වලද සොයාගැනීමට අපහසුවී ඇතැයි වාර්තාවේ.
COMMENTS
මොනවද දැන් තියෙන්නේ අපේ රටේ ? අඩුම ගානේ කොන්ද පන තියන ආණ්ඩුවක් වත් පොලිසියක් වත් තියනවද ?
පින් බත් ගිලින ඇමතිලට වාහන ගන්න කෝටි ගණන් සල්ලි වෙන් කරනවා. අහිංසක මිනිස්සුන්ට එන්නත් හිගයක්. මේවට පොඩ්ඩකින් හරි සම්බන්ද හැමෝම අපාගත වෙන්න හිත හදා ගන්නවා හොදයි
නිරෝගිකම උතුම්ම සැපතක් ! ණය තියන රටක කෝටි ප්‍රකෝටි වාහනවල සැපට යන එක රටට හොදද? නැහැ කරන්න එපා චාම් විදියට පොඩි වාහනයකින් යමූ .රටට ආදරය කරමූ .බෙහෙත් නැති අයට සලකමූ . නාස්තිය අඩු කරමු. කරපු කැපවිම සිහිකරලා සතුටු වෙමු.