(යොහාන් භාසුර)

ඉන්සී සිමෙන්ති සමාගමේ ගාල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවට හම්බන්තොට වරාය හරහා කාර්යක්ෂමව අමුද්‍රව්‍ය ප්‍රවාහනය සහතික කිරීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමඟ ගිවිසුමකට එළඹිණි.

හම්බන්තොට සමුද්‍රාසන්න මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී ඉන්සී සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ගුස්ටාවෝ නවාරෝ  සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

ඉන්සී සිමෙන්ති සමාගම පවසන්නේ හම්බන්තොට වරාය සමඟ එළඹි ගිවිසුමත් සමඟ සිය මෙහෙයුම් ධාරිතාව සහ වේගය පවත්වාගෙන යෑමට වඩාත් හොඳ පියවරක් බවයි.