(සුජිත් හේවාජුලිගේ )
මෙපමණ කාලයක් ඉන්නවාද මැරුණාද කියලා සොයා නොබලපු ආණ්ඩුව අද විපක්ෂයේ සහය ඉල්ලීම මේ රටේ ලොකුම ලොකු විහිලුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.
රාජපක්ෂවරුන් ආණ්ඩුවෙන් වහා ඉවත් විය යුතු බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා මැතිවරණයක් පවත්වා තමන්ට කැමති පාලනයක් ඇති කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා දිය යුතු බවද පැවසුවේය.
රට පාලනය කිරීමට නොහැකි නම් දාලා යන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලීම් කරන බවද ඔහු සඳහන් කළේය.
ආණ්ඩුව පසුගිය වසර දෙකේදී රට පාලනය කළේ තනිකරම හිතුවක්කාරි ලෙස යැයි පැවසූ කිරිඇල්ල මහතා විපක්ෂයේ හඬට ආණ්ඩුව කිසිවිටකත් සවන් නොදුන් බවද ප්‍රකාශ කළේය.
එසේම රටේ ප්‍රශ්න ගැන විපක්ෂය සමග සාකච්ඡා නොකළ බවටද ඔහු චෝදනා කළේය.
පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මකවූ ආංශික අධීක්ෂණ කාරක සභා මේ ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු හිතුවක්කාරී ලෙස අහෝසි කළ බවත් එම කමිටු නැවත ස්ථාපිත කරන්නැයි කරන ලද ඉල්ලීම්ද ආණ්ඩුව ගණන් නොගත් බවත් ඔහු පැවසුවේය.
විසි වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් නොකිරීම බරපතළ වරදක් බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
ආණ්ඩුව ජනතාවගේ බොහෝ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදුන් බවට චෝදනා කළ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා රජයට අද මේ ඉරණම අත්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙස බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය නැති කොට ඒක ඉල්ලනවා. දෙන්න හදනකොට වංගු දානවා. මොකද කවුරු ආවත් මේ ප්‍රශ්න කාලයක් යනකම් විසඳාගත නොහැකිවග දන්නවා.
මිනිස්සු පාරට බැස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව විතරක් නෙමෙයි. අපේ රට ගැන කැක්කුමක් නැති ඔයාලා වගේ අයටත් එක්ක තමයි මේ ගෙදර යන්න කියන්නේ. බලයේ හිටපු මේ ප්‍රධාන පක්ෂ වලින් සල්ලි ගසා කාපු ඒවා ඔක්කොම හොයලා ඒ සල්ලි, දේපළ රාජසන්තක කරන්න ඕන.