(තිලකරත්න දිසානායක)
කලගෙඩිහේන මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කළ ගම්පහ පොලිසිය ගින්න හටගත් බව කියන ඉන්ධන බවුසරයේ රියැදුරා සහ රිය සහායකයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
භූගත ටැංකි වෙත ඉන්ධන පොම්ප කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන අනුගමනය නොකිරීම හේතුවෙන් මෙම ගින්න හටගත් බවත් අවිධිමත් ලෙස ඉන්ධන බැහැර කිරිම නිසා ගින්න පැතිරගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදු නොවු නමත් ඉන්ධන හල සම්පූර්ණයෙන්ම ගින්නට අසුවිය. ගින්න ඊයේ (25) දහවල් දෙකට පමණ ඇති වූ අතර පැය දෙකකින් ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට ගම්පහ ගිනි නිවීමේ හමුදාවට හැකි විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපේ අය වැඩක් කරද්දී ආරක්ෂාව පිළිබඳ සැලකිල්ල බින්දුවටත් අඩුයි.... මෙන්න උදාහරණ
නෙලුන්දෙණිය ඉන්ධන හලේ ගිනිගනිද්දී, රියදුරු මහතා බවුසරය ගිනිගනිද්දී ඉදිරියට ගැනීම නිසා ඉන්ධන හල මෙන්ම නගරයද රැකුණා.