(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව පසුගිය වසරක පමණ කාලය තුළ ඉන්ධන ආනයනය කර සැපයුම්කරුවන්ට ඩොලර් මිලියන 735 ක් (ඩොලර් කෝටි 73.5) පමණ ණය වී ඇති බවත් එම තත්වය හේතුවෙන් ඉන්ධන සැපයයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත්නොවීමෙන් ඉන්ධන සැපයුම ඉදිරියේ දැඩි අභියෝගයක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (16) පස්වරුවේ පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහං මහතා පවසන ආකාරයටම ඉන්ධන ආනයන කිරීම වඩාත් බරපතල ක්‍රියාවලියක් බවට පත්ව ඇති බව අමාත්‍ය විජේසේකර මහතා කීවේ ඉදිරි කාලය වඩාත් අමාරු කාලයක් වනු ඇති බවත්ය.
ඉන්ධන සැපයුම පහසුවෙන් කළ හැකි දෙයක් නෙවන බවත් ශ්‍රී ලංකාව පසුගිය වසරේ ජූලි මස සිට මේ දක්වා වසර පමණ කාලය තුළ ආනයන කළ ඉන්ධන සඳහා මෙම ණය මුදල ගොඩගැසී ඇති බව කී අමාත්‍ය විජේසේකර මහතා එම කාලය තුළ ශ්‍රී ලංකාවට සැපයුම්කරුවන් ඉන්ධන ලබාදීයේදී මාස හය සහ 12 බැගින් වූ ණය පහසුකම් සැපයීම නිසා ගැටලුවක් නොවූ බව ද සඳහන් කළේය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිලදී ගැනීමට ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කළ ද සැපයුම්කරුවන් ටෙන්ඩර් සඳහා ඉදිරිපත් නොවීම ගැටලුවක් බවත් ඒ නිසා ඉදිරිපත් වන එකම ටෙන්ඩරයට ඉන්ධන මිලදීගත නොහැකි නිසා ඉන්ධන මිලදී ගැනීමේ කමිටුවට මිල ගණන් ඉදිරිපත් කර අනුමැතිය ලබා වෙනත් ආකාරයේ ක්‍රමයකට ඉන්ධන මිලදී ගැනීම කරන බවත් අමාත්‍යවරයා කීය.
ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සහ සෙසු රාජ්‍ය අතර මෙන්ම සමාගම් අතර ද සාකච්ඡා තවමත් ක්‍රියාත්මක වන බව කී අමාත්‍ය විජේසේකර මහතා පැවසුවේ රුසියානු රජය සමඟ ද ඉන්ධන සම්බන්ධයෙන් තව දුරටත් සාකච්ඡා කරමින් සිටින බවත්ය.
ශ්‍රී ලංකාවේ ලබන මාසයේ ඉන්ධ අවශ්‍යතාව සඳහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 550 ක් පමණ අවශ්‍ය වුවද මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 100 ක් පමණක් ලබාදීමට එකඟ වූ බවත් ඒ අනුව ඩොලර් මිලියන 400 ක පමණ අඩුවක් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ දිනක ඩීසල් අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 5000 ක් පමණ වුවද මේ වන විට දෛනිකව ඩීසල් මෙටි්‍රක්ටොන් 3000 ත් 3200 ත් අතර ප්‍රමානයක් ද, දිනක පෙට්‍රල් අවශ්‍යතාව මෙටි්‍රක්ටොන් 3200 ක් පමණ වුවත් දිනකට මෙටි්‍රක්ටොන් 2600 ක් පමණ සපයන බවත් කී අමාත්‍යවරයා ඩීසල් සහ පෙට්‍රල් සැපයමුකරුවන් දෙදෙකකුට සැපයුම් වාර තුනක් සඳහා සහ බොරතෙල් සැපයුම්කරුවන් හයකට ආනයනයට අවසර පත ලබාදුන් බව ද සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා බලශක්ති අමාත්‍යංශයේදී අද (16) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
2025 නොවැම්බර් මස 04
88
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1563
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්ධන සැපයුම්කරුවන්ට ඩොලර් කෝටි 73 ක් ණයයි
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 16 June 2022 05:04 PM
මේසා විශාල මුදල් ප්‍රමාණයක් ණය වූයේ කෙසේද? මේ රටේ තිබූ ඩොලර් සංචිතවලට සිදුවූයේ කුමක්ද? වහාම මේ රටේ මේ තත්ත්වයට වගකිවයුතු දේශපාලකයින් අල්ලා ඔවුන්ගේ වත්කම් සොයා, අනිසි ආකාරයෙන් ලබාගත් මුදල් හා දේපල රාජසන්තක කොට මේ ණය ගෙවා දැමීමට පියවර ගත යුතුයි. මේ සඳහා ජාත්‍යන්තරයේද සහයෝගය ලබාගත යුතුයි...
wimal Thursday, 16 June 2022 05:36 PM
හා හා... අහන්නත් සන්තෝසයි. මම දෙන්නම් ගිණුම් අංකය.. දානවද?
පාරිභෝගිකයා Thursday, 16 June 2022 06:35 PM
අපි නම් ණයට තෙල් ගැහුවේ නෑ...!
ranjith Thursday, 16 June 2022 06:46 PM
ආසියාවේ ආශ්චර්යය. සෞභාග්‍යයේ දැක්ම... මේ බොරු මුලාවෙන් රට විනාශ කළා... අද පැත්තකට වෙලා ඉන්නවා.
mp Thursday, 16 June 2022 09:36 PM
කාගේ දේ උගස් තියලද? මේ දේශපාලකයින්ට සාපවෙයි.
Nihal Harischandra Friday, 17 June 2022 08:34 AM
හොරා කාලා රටම ණයකාරයින් කළාට, අපි ණයට කෑවේ නෑ...
Surain Friday, 17 June 2022 09:28 AM
මේ කල අපරාදයට පාලනයේ රැදීසිටින ඔබලට ලංකා මාතාවගෙන් කිසි දිනෙක සාවක් ලබෙන්නෙ නැ