( ජුඩ් සමන්ත)
ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය.
තව දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේද කියා සිටියේය.
‘රට පුරා බහු දින යාත්‍රා 4650 ක් පමණ තියනවා.ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා මේ බහු දින යාත්‍රා හිමියන් අද ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නේ.රජය කිවේවේ ධීවරයින්ට ඉන්ධන සහනයක් ලබා දෙනවා කියලයි.අපේ සමහර බහු දින යාත්‍රා හිමියන් තමන්ගේ යාත්‍රා වලට අඩු මිළට ඉන්ධන මිළදී ගන්න බලා ගෙන හිටියා.ඒත් රජය එක පාරටම කළේ ඉන්ධන මිළ කිසිවෙකුත් නොසිතූ ආකාරයට ඉහළ දැමීමයි.මේක අපිට ලොකු ප්‍රශ්ණයක්. එක වෙලාවකට වැඩි කරනවා.තවත් වෙලාවකට අඩු කරනවා.මේක විහිළුවක් නෙමෙයිද කියලා මම අහන්න කැමතියි.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට පාඩු වෙයි එහෙනම්....
ලෝකයේ ඉන්ධන මිල අඩු වැඩි වෙනවා. ඒ අනූව ලංකාවේ ඉන්ධන මිලත් අඩු වැඩි වෙනවා. ආණ්ඩුව ඉන්ධන වලට සහනාධාර දුන්නත් ඒ වෙන පාඩුව වෙන තැනකින් අය කරගත යුතුයී. මොකද ආණ්ඩුව යැපෙන්නේ ජනතාවගේ දඩ මුදල් වලින් හා බදු මුදල් වලින් නිසා. ඒ නිසා කරන්න තියන එකම දෙය තමයි හැකි තරම් වෙන විකල්පයන් ක්‍රියාමාර්ග භාවිතාකරමින් ඉන්ධන භාවිතය අවම කිරිමයී.
හා, වර්ජනය කරන්න. කයිවාරු ගහන්නේ නැතුව.
කවද්ද දැන් ඔය වර්ජනේ ? කියවා කියවා ඉන්නැතුව ඉක්මනින් පටන් ගන්නකෝ. අපි ෆුල් සපෝර්ට් එක දෙන්නම්. මිට එක්සත් කුකුල් මස් හා උරු මස් සංගමය සහ එළු හරක් මස් සංගමය.
අපි අවුරුද්දක් දුක් විදලා හම්බකරන ගාන මේගොල්ලන් එක මාසෙන් හොයනවා.
මේ රට හදන්න බෑ
අනේ මහත්වරුනේ වහාම ක්‍රියාත්මක කරන්න.
මහත්වරුනි, පටලව ගන්න එපා. මේ ගොල්ල කියන්නේ වර්ජනයක් ගැන නෙමයි. විරෝධතාවක් ගැනයි. ඒ කියන්නේ පාරවල් වහල අපට වදදෙන්න ඕන කියන එකයි. විරෝධය කියන එකට විග්‍රහය තමයි 'පාරවල් අවහිර කර ජනතාවට වද දීම'.
මුහුදු යනකොට අරන් යන අරක්කු, කසිප්පු, කුඩු, ගංජා වගේ දේවල් නැවැත්තුවා නම් ගාන යහමින් ඉතුරු කර ගන්න තිබ්බා.. පාරට බහින්නකෝ... මේ පාර දෙයි අලුතෙන්ම ගෙන්නපු කදුලු ගෑස් වලින්... වැඩිකලේ රුපියල් 8 ලීටරයකට.. ඔයාලගේ බෝට්ටු තෙල් බොනවද?
ධීවර බෝට්ටු 90%ක් ම දුවන්නේ භූමිතෙල් වලින් ඉතින් ඒකෙ ලීටරේ 70 ට අඩු කරලනේ තියෙන්නේ. මේ ගොල්ල විකුණන මාළුවල ගණන් කොහොමද? තෝරා කිලෝ එකක් 1800/- තලපත් 1100/- කෙලවල්ල- 800/- මෙයාලගේ එක්කෙනෙකුගේ දවසේ ආදායම 5000/- ට වැඩියි.
ගැටළුව තමන්ගේ නොවෙනතාක් කල් තමා ප්‍රේක්ෂකයෙකු පමණි. ධීවර වෘත්තිය නොකර වර්ජනය කරලා, මාළු නෑ කියලා රටේ ජනතාව කුපිත වෙලා, තියෙන ආණ්ඩුවට බලකරයි කියලා මේ අය බලාපොරොත්තු වෙන්නේ නෑ. මේ අය කරන්නේ තෙල් මිල වැඩිකිරීමට විරෝධය දැක්වීම විතරයි. ඉහළ අදහස් ප්‍රකාශ කරපු හැමෝම මනස්ගාත ඔළුවට අරන් ඔහේ ටයිප් කරපු එකයි කළේ. අපි හැමෝම දන්නවා රාජ්‍ය ආදායමෙන් අනවශ්‍ය වියදම් සිදුවන බව. ඇමති මණ්ඩලය නඩත්තුවට යන පිරිවැය හිතාගන්න අපිට පුළුවන්. මුහුදු යද්දි අරන් යන අරක්කු, කසිප්පු, කුඩු, ගංජා මතක් උනු අපිට අධික බදු බරක් පටවා සුර සැප විඳින පාළකයෝ මතක් නොවුනේ ඇයි.? කල්පනා කරලා බලන්න ඔබ එක අසාධාරණයකටවත් විරුද්ධව නැඟී සිටියාද?
2014 දී මීට වඩා වැඩි මිලට ඉන්ධන ලබාගත් බව අමතකද.?
2015 පැට්‍රොල් ඩිසල් තිබුන ගානට වඩා තාමත් අඩුයි. එතකොට 2015 එක සැරේ අඩුකලාම ඔයගොල්ලෝ මාළු මිල අඩුකලාද? නැත්නම් පැට්‍රොල් ඩිසල් මිල අඩු කරන්න එපා කියලා උද්ගෝෂණය කලාද?
රටක මත්ස්‍ය සම්පත එම රටේ සියලුම ජනයාට අයිති දෙයක්.ඒත් අපේ රටේ එය අයිතිව තියෙන්නේ ධීවර ජනතාවට විතරයි.තෙල් වැඩි උනාම මොරදෙන මේ අය මිල අඩු උනාම මාළු මිළ අඩුකරනවා වගෙයි කතා කරන්නේ.මේගොල්ලෝ මාළු විකුනන්නේ මාළුන්ට කන්න බොන්න දීලා ඉස්කෝලේ යවලා උගන්නලා වගෙයි.මත්ෂ්‍ය සම්පත රජය විසින් හරිහැටි කළමනාකරණය කරන්නේ නම්,ජනතාවට වඩා හොඳ ප්රතිලාභ ලැබිය හැකියි.