නාලක සංජීව දහනායක
ඉන්ධන මිල අඩු වැඩිවීම සම්බන්ධයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය රුපියල් ලක්‍ෂ 85ක් වැය කරමින් පුවත්පත් දැන්වීම් පළකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (17) පැවසීය.
ඛනිජ තෙල් මිල සංශෝධනයට අදාළව නිර්මාණය කළ දැන්වීම් මෙම වසරේ මැයි මාසයේ සිංහල, ඉංග‍්‍රීසී හා දෙමළ පුවත්පත්වල පළකර තිබූ බවද මන්ත‍්‍රීවරයා කීය.
මහජනයාගේ බදු මුදල් වැය කරමින් පළකළ මෙම දැන්වීම්වල ඉන්ධන මිල සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඇතුළත් වන බවද මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් පුංචිබොරැල්ල, වජිරාස‍්‍රමයේ දී අද (17) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොන දැන්වීම පලකලත් වැඩක් නැත. මිල සුත්‍රය කුමක්ද ඒක සිදුවන ක්‍රමවේදය කුමක්ද කියලා ජනතාවගේ දැනගැනීම පිණිස තවම ප්‍රසිද්ධ කර නැත. ඒක ප්‍රසිද්ධ කලානම් තෙල් මිල අඩු වැඩි වීම සාධාරණිකරණය කරමින් දැන්වීම් පල කිරීමට කිසිම අවශ්‍යතාවයක් ඉදිරියට පැන නොනගිනු ඇත, කරුණාකර අපගේ දැනගැනීම පිණිස මිල සුත්‍රය ප්‍රසිද්ධ කරන්න.