IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඉන්ධන පෝලිමක වාහන 6ක් අනතුරට ලක්කළ අයි.පී අත්අඩංගුවට

 

(ජේ.කේ.එල් චාමින්ද)

බුස්ස ඉන්ධන පිරවුම්හලේ  ඉන්ධන ලබා ගැනිම සදහා පෝලිමේ  තිබු  ත්‍රිරෝද 5කට හා මෝටර් රියක් අනතුරකට ලක්කොට එක් අයෙකුට තුවාල සිදුකිරිම සම්බන්දයෙන්  පොලිස් පරික්ෂකවරයෙකු අද (19)  අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල වරාය පොලිසියට අනුයුක්තව  රාජකාරිකරණු ලබන පොලිස් පරික්ෂකවරයෙකි. මෙම අනතුරෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථ රියදුරකු  ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කොට ඇතැයි පොලීසිය කියයි.

පොලිස් පරික්ෂකවරයා   රාජකාරියට  වාර්තා කිරිම සදහා තම කාර්රථයෙන් ගමන් කරමින් සිටියදි  බුස්ස  ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනිම සදහා පෝලිමේ නවතා තිබු රථවාහන පෙලේ ගැටි ඇති අතර එම අනතුරෙන් ත්‍රිරෝද රථ 05කට සහ කාර්රථයකට හානිවි ඇති බැව් පොලිසිය පවසයි.

පොලිස් පරික්ෂකවරයා විසින් පැදවු කාර් රථයටද හානිවි ඇති අතර පොලිස් පරික්ෂකවරයාට  නින්දයාම නිසා මෙම අනතුර වි ඇති බවට සැක කරන බවද පොලීසිය කියයි.



අදහස් (1)

ඉන්ධන පෝලිමක වාහන 6ක් අනතුරට ලක්කළ අයි.පී අත්අඩංගුවට

එච්.කේ.පී. ජයලත් Thursday, 19 May 2022 03:15 PM

මේ වගේ අත්වැරදීම් කා අතිනුත් සිද්ද වෙන්න පුළුවන්. නිදිමත දැනුණත් මේ නිලධාරියා රාජකාරියට වෙලාවට යන්න වුවමනා නිසා දිගටම වාහනය පැදෙව්වා වෙන්න පුළුවන්...! කොහොම වුණත් ජීවිත හානියක් නොවීම ලොකු වාසනාවක්...!

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 416 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site