(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ ඉන්ධන පෝලිම් වැඩි දිනක් යෑමට පෙර අවසන් කරන බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් පැවති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී පිළිතුරු කතාව කරමිනි.
ගාමිණි ලොකුගේ මහතා එහිදී මෙසේද සඳහන් කළේය.
අද ගල් අඟුරු හිඟයක් නෑ. තවත් නැව් පහක් එන්න තියනවා. ලෝක වෙළෙඳ පොළේ ගල් අඟුරු මිල වැඩිවෙලා තියෙනවා.
ඉන්ධන සඳහා එදා ගත්තු ණය සියල්ල අපි ගෙව්වා. එදා තෙල් ගත්තේ ණයට. දැන් අපි ඉන්ධන ගන්නෙ මුදලට. ඒකයි මේ විදේශ විනිමය ප්‍රශ්නයක් ඇතිවුණේ.ජාත්‍යන්තර වෙළෙඳ පොළේ තෙල් මිල දවසින් දවස වැඩි වෙනවා. තෙල් බැරල් එකක මිල රුපියල් දෙසිය තිහක් වෙලා තියෙනවා.
දැන් පෝලිම් අඩුවෙලා තියෙනවා. සිකුරාද වනකොට මඟහැරලා යාවි. ඉන්ධන අඩුවෙලා කියලා ඇමතිතුමා කියද්දී මිනිස්සු තෙල් වැඩියෙන් ගහ ගත්තා. ඒකයි වුණේ. විදුලිබල මණ්ඩලයට ඉන්ධන ටොන් දහදාහක් ලබා දුන්නා. ලයිට් නොකපා යන්න.
බලාගාර සඳහා දැවි තෙල් ටොන් තිස්දාහක් ගොඩබෑම ආරම්භ කළා. පිරිපහදුව අද දුවන්නෙ අඩු ධාරිතාවයකින්. අපි මේ ප්‍රශ්නය කළමනාකරණය කර කරගැනීමට බලාපොරොත්තු වෙනවා.
2030දී පුනර්ජනනිය බලශක්තියෙන් විදුලි අවශ්‍යතාවය සියයට 70 ක් සපුරා ගන්න බලාපොරොත්තු වෙනවා. අද රටට එන සංචාරකයන් ප්‍රමාණය මදි. ඒකයි මේ ආර්ථික අර්බුදය ඇතිවුණේ. අපනයනයෙන් ලැබෙන ආදායමත් මදි. ජනපති ගත් විවිධ තීන්දු නිසා බොහෝ භෝග වලින් රට ස්වයංපෝෂිත වී තිබෙනවා.
ආයෝජකයෝ නැතුව මේ රට දියුණු කරන්න පුළුවන් කමක් නෑ. අද ලෝකයම අර්බුදයට පත් වෙලා තියෙනවා. මොන ප්‍රශ්න තිබුණත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම අපේ අරමුණයි. මෙය ජනතාවගේ අරමුණු සමග කටයුතු කරන ආණ්ඩුවක්.
විදුලිය කපන්නේ නැතුව ගමන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විපක්ෂයේ අදහස් වලට ගරු කරනවා. ජනතාව වෙනුවෙන් අපි බාරගත්ත වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරනවා. ඉන්ධන පෝලිම් වැඩි දවස් යන්න කලින් අවසන් කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්වෙනිදා වනවිට ඉවරයි කිව්වා... අනිද්දා වෙනකොට ඉවරයි කිව්වා. තවමත් තියෙනවා. මේ රජය තියෙන තාක්කල් තියෙයි.
ආයෙත් පොලිම එන දවස ඉක්මණින් කියන්න ඇමැතිතුමා. ආව ගමන් වැඩපෙන්වන්න. නමුත් ආයෙත් පෝලිම් එනවා. නහින දෙහින කාලේ බණක්, භාවනාවක් කරගත්තා නම් හොඳයි නේද? පරණ පව් හේදෙන්න... !
දවල්ද? රෑද?
කටේ නරිවාදම් නම් තියෙනවා... වැඩ තමයි නැත්තේ...
සර් ඊයේ කිව්වා වගේම අද (11) ඉන්ධන පෝලිම් අවසන්, ඔන්න අයි.ඕ.සී ආයතනය අද සිට ඩීසල් රුපියල් 75කිනුයි පෙට්‍රල් රුපියල් 50කිනුයි මිල වැඩිකරලා. දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. බල්ලෙක්වත් තෙල් පෝලිම්වල ඉන්නේ නැහැ. ගරු ඔබතුමාලාට නිවී සැනසිල්ලේ පිරවුම්හලට ගිහිල්ලා කූපන් එකට තෙල් ටික ගහගෙන එන්න පුළුවන්. සුබ අනාගතයක්...!
මේ කවදාවත් නොපැමිණෙන ඉක්මණක්.. රටේ ආර්ථිකය බාර ගත්තාම දුක් විඳින්නේ අසරණ ජනතාවයි.