(සුජිත් හේවාජුලිගේ )
ඉන්ධන ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රධානීන් ඇතුළු අදාළ ආයතන ප්‍රධානින් සමඟ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භවී ඇතැයි වාර්තා වේ.
මෙම සාකච්ඡාවට ඛනිජ තෙල් සංස්ථාවට අදාල වෘත්තීය සමිති නායකයෝ පිරිසක්ද සහභාගී වෙති.ඉන්ධන ප්‍රශ්නය විසඳීම සඳහා අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණවී ඇත.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසු ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය විසඳීම රජයේ ප්‍රධාන අරමුණ වී ඇතැයි ජනපති කාර්යාල ආරංචිමාර්ග වලින් පැවසේ.
විදේශ මූලාධාර ලැබුණු පසු ඉන්ධන සහ ගෑස් ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම විසඳීම රජයේ ප්‍රධාන අරමුණ බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් කල් නොකළ දේ දැනුත් බෑ. දැන් මොලේ කොලොප්පම් වැඩියි. අනාගත්ත රජ පාලනය නතර කරන්න.
මොන මගුල කරන්නත් ඩොලර් එපැයි. හොරකන් කරපුවා ගෙනැල්ල හරි, ඔවුන්ව අල්ලලා හරි නරකද එතැනින් හදන්න පටන් ගත්තා නම් ...?