(මහින්ද නිශ්ශංක)
ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෙකුට සහ රියදුරු සහයකවරයෙකුට කිසියම් පිරිසක් විසින් කොලොන්නාව ප්‍රදේශයේදී පහරදීමකට විරෝධය දක්වා ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් අද (26) පස්වරු 4 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.
මෙම පහරදීමෙන් තුවාල ලැබූ රියදුරු සහ රියදුරු සහයකවරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව දුම්රිය ලොකොවෝටිව් ඔපරේටින් ඉන්ජිනියස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පවසයි.
මෙම රියදුරු වර්ජනය හේතුවෙන් අද සවස 4 සිට කටුනායක ගුවන් තොටුපළ,බදුල්ල,ගාල්ල, අනුරාධපුරය සහ මඩකළපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ කිසිඳු ඉන්ධන දුම්රියක් ධාවනය නොවූ බව දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැං ඉතිං ඕකත් මොකක්හරි දේශපාලන වාසියකට හරවා ගනී කට්ටිය..