
(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය කුරුදුගහහැතැප්ම දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලට කඩා වැදී පොම්පකරුවන් දෙදෙනාට සහ උපකරණවලට පහර දී අලාභහානි සිදුකළ තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කරන්දෙණිය විවිධසේවා සමූපකාර සමිතියට අයත් මෙම ඉන්ධනහලට ඊයේ (28) රාත්‍රී ත්‍රිරෝද රියකින් පැමිණි තරුණයන් තිදෙනා පෙට්‍රල් ඉල්ලා , පෙට්‍රල් නොමැති බව සේවකයන් ඔවුන්ට ප්‍රකාශ කිරීමෙන් පසු එහි උපකරණවලට පහරදී අලාභහානි සිදුකර සේවකයන් දෙදෙනාටද පහරදී ගිය බව ඉන්ධනහල් සේවකයින් පොලීසියට දන්වා තිබේ.
එම සේවකයන් කළ පැමිණිල්ලක් මත වහාම පරීක්ෂණ සිදුකළ පොලිසිය සැකකරුවන් තිදෙනා සහ ත්‍රීරෝද රථය අත් අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමර සිල්වා මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහපු එක හොඳයිනේ...!