ඩයනා උදයංගනී
උඩරට මාර්ගයේ ධාවනය වූ අංක 1189 දරණ ඉන්ධන ප්රවාහන දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ රාත්රියේ දී පීලි පැනීම හේතුවෙන් මේ වන විටත් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නැවතී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වන දුම්රිය කිහිපයක් අවලංගු කෙරුණු අතර සෙසු දුම්රිය ද ධාවනය කෙරෙන්නේ පිළිමතලාව දුම්රිය ස්ථානය දක්වා පමණි.
මෙසේ පීලි පැන දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරලූණු දුම්රිය පීලිගත කිරීම ස`දහා මේ වන විට කොළඹ සිට වාෂ්ප දොඹකරයක් සහ කණ්ඩායමක් පිටත් කර යවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම එම ස්ථානයට දුම්රිය මගින් ඉන්ධන බවුසර් ප්රවාහනය කර ඉන්ධන ටැංකිවල ඇති ඉන්ධන ඉවත් කිරීම ද මේ වන විට ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් පැවසීය.
ඡායාරූප - චමිල් රුපසිංහ








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
18 වන ශතවර්ශයේ සුද්දා හදලා දීපු රේල්පාර නඩත්තු කරගන්න දන්නැති ජාතියක් අපි.
ඊයෙ රෑ වෙනකොට මාර්ගය යතා තත්ත්වයට පත් කරලා ඉවරයි. අද උදේ ඉදන් සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වෙනවා උඩරට මාර්ගයේ.